සාධාරණ වැඩපිළිවෙළක් යටතේ ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉන්නට බලාපොරොත්තුවන බව ඉඩම් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. දඹුලු ගොවියාගේ ලොකු ලූණු ප්‍රශ්නය ගැන පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරණය ගැන මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ඇමති මෙසේ පිළිතුරු දුන්නේය.
‘‘ඡන්දයකට ඉදිරිපත්වන හැම කෙනෙකුම කියන්නේ තමන් දිනන බවයි. අපි බලමු, දිනනවා කියන කට්ටිය කොහොමද දිනන්නෙ කියලා. අපි නියම ශ්‍රී ලංකා පාක්ෂිකයෝ. හැමදාම පක්ෂයත් එක්ක හිටියා. සාධාරණ වැඩපිළිවෙලක් යටතේ ඉදිරියටත් ඉන්න බලාපොරොත්තු වෙනවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පරණ ශ්‍රී ලංකා කාරයින්ට තැනක් තියෙනවද? ශ්‍රී ලංකා ප්‍රතිපත්ති තියෙනවද? (නදී)
ධරමරාජේ ඉගෙනගන්න කලේමොහු හොඳ දරුවෙක්. ශිෂ්‍යනායක වගේම ක්‍රිකට් උප නායක. නයකත්වය අරන් විනයානුකූලව කටයුතු කල හැකි කෙනෙක්. (ස)
දඹුල්ලේ අපරාජිත නායකයා කියල කිව්වේ මේ ඇමතිතුමාට , හැමදාම පක්ෂය වෙනුවෙන් හිටපු හොඳ කෙනෙක් ... එත් දැන් රටේ වෙන දේවල් දැක්කම කල කිරෙනවා.. මොනරාගල සුමේධ ඇමති තුමියත් මේ බෝට්ටුවේම තමයි... හොඳ හොඳ සෙල්ලම ඉස්සරහට වෙනවා. (ස)
අසංග, ඔබට මම එකඟයි. (නි)
ජයන්ත මහත්තයෝ..එතුමා කොහේ පනින්නද?පැන්නොත් පනින්නේ නහින දෙහින කාලේදී වලට තමයි. මේ අදහස මගේ නෙමෙයි. (නදී)
මේ ක්‍රමෙන් ඇමති තුමාට වාසියක් නැහැ වගේ පේන්නේ. (නදී)
තියන ක්‍රමේත් හරි නේ. එ්ක විවේචනය කරලා බලේ අරන් කරන්නෙත් මේකම තමා. හැමදාම අපි රැවටුනා. (නදී)
බන්දුල පෙරේරා, සම්පත්, ඔයාලගේ මොළය කඳුලක්වත් තිබේ නම් දැන්වත් තේරුම්ගන්න දැනට මේ රටේ පවතින පාලනය ගැන. එහි ඇති වැරදි අඩුපාඩු පෙන්වන්නේ එහි ඇමතිවරු. ඔයාලා විතරක් නිකන් කඩේ ගියාට වැඩක් නැහැ. (නි)
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුවන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන්. එතුමා නොකියා කියන්නේ අසාදාරනයක් වී ඇති බවයි. දැන් ඕක එතනෝල් මුදලාලිලාගේ පක්ෂය වෙලා. (නදී)
අද ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු වැඩි දෙනෙක් මෑතක පාර්ලිමේන්තුවට ආවේ. තමන්ගේ නෑදෑයන් පලාත් සභා, ප්‍රාදේශීය සභා වලට රිංගවන්න ඉන්නේ. ජනාධිපතිතුමාගේ බලමහිමයෙන් මිසක් මෙයාලගේ ඇති හැකියාවකින් නෙවෙයි. දැන් සමහරු හිතන් ඉන්නේ මහා ලොක්කෝ කියලා. ඔය පනින්න දඟලන සමහරුන්ට පැන්නට පස්සේ වැලේ වැල් නැතිවෙනවා. (නදී)
මේ නොකියා කියන්නේ දැනට ඇති ක්‍රමය අසාධාරණයි කියලනේ, හොද කියමනක් (නදී)
ආගම පාවා දෙන පිරිස. (නදී)
මම අහල තියෙන්නේ මෙතුමා අවංකව කටයුතු කරන අයෙක් හැටියටයි. (නදී)
තමන්ගේ මල්ල පිරෙන්නේ නැතිනම් මේක සාදාරන නැහැ කියන්න බලාගෙන බොහොම අය දේශපාලනයේ ඉන්නවා. (නදී)
ජනක මහත්තයෝ, දැන් සන්ධානය කියන්නේ යූ.ඇන්.පි යේ පරණ පිටපත. ප්‍රධාන ඇමති ධූර සියල්ලම දරන්නේ ඒකෙන් පැනපු කට්ටිය. ඔවුන් රටත්, පක්ශයත් වලට ගෙනියන හොඳට රෙදි අපුල්ලන එහෙයියන් පිරිසක් පමනයි. කියව කියවා ඉන්නේ නැතිව කොන්ඳ කෙලින් තියාගෙන වැඩකරන්න පුලුවන් වාතාවරණනයකට පිවිසෙන්න. (නදී)
ඒ කියන්නේ බන්දුල පෙරේරාටත් තේරෙනවා පරදින්න එන්නේ කියලා එහෙම නේද....? (නදී)
අසාධාරණ ඉවසන්න බැරිතරමට මෝදු වෙලා නේද ඇමති තුමෝ (නදී)
ඇමතිතුමා මොකක්දෝ නොකියා කියනවා. (නදී)
මී ලග ඡන්දයේදී ශ්‍රී ලංකාවේ රැවටෙන්නන්ගේ පිරිස සුලුතරයක් බවට පත්වන බව ඇමතිතුමාගේ අදහස් වලින් පෙනෙනවා (නදී)
තුන්වැනි වතාවට දිනන කෙනෙකුත් තිස්වැනි වතාවට පරාද වන කෙනෙකුත් ඉන්නා බව නම් පැහැදිළියි. (නදී)
දැන් සිදුවන දේවල් වලින් එක් එක්කෙනාගේ ප්‍රකාශ වලින් අපිට පැහැදිලි වෙනවා ඊලග ඡන්දය දිනන්නේ කව්ද කියා (නදී)
අන්න හරි ඇමතිතුමා ඔහොම යන්. (නදී)
පණිවිඩය පැහැදිලියි. මට සැලකුවේ නැති නම් මම යනවා (නදී)
ඒ කියන්නේ මෙච්චරකල් ඉදල තියෙන්නේ සාධාරන නොවන අසාධාරණ වැඩපිළිවෙලක් යටතේ නේද ඇමතිතුමෝ (නදී)
දැන් තමයි වලිගේ වනලා සන්ධානෙ වහලා, රට විනාස කරන ඇට මැස්සෝ, කිනිතුල්ලෝ පන්නන්න වෙලාව. (නදී)
ඔව් සර්, දැන් සන්ධානේ කියන්නේ තනිකරම ශ්‍රි.ල.නි.ප යට විරුද්ධ පක්ෂයක් නොවැ. (නදී)
සාදාරන වැඩපිළිවෙලක් යටතේ විතරක්ද ඉන්නේ ? නැත්තන් යනවද? පරදින්න එනකොට පනින්න හදන අයව කිසිම පක්ෂෙකින් ගන්න හොද නැහැ . (නදී)