(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතා සිහිනය යථාවක් කරගැනීමට නව වසරේ දී තව තවත් වීර්‍යෙන් යුතුව සද්-අධිෂ්ඨානයෙන් යුතුව කැප වෙමු යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.
කථානායකවරයා මෙසේද කියයි.
අපගේ සාම්ප්‍රදායික සූර්‍ය දින දර්ශනයට අනුව නව වසරක උදාව අප සනිටුහන් කරන්නේ බක් මාසයේ දී උදාවන සිංහල-හින්දු අලුත් අවුරුදු සැමරුමෙනි. දිගු ඓතිහාසික උරුමයක්ව ඇති මෙම සංස්කෘතික මහෝත්සවය එක් අතකින් අප ජාතික සංහිදියාවේ ද සංස්කෘතික ප්‍රකාශනයකි. ඒ නිසා සමස්ත ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට එකතු වී සිදු කරන චාරිත්‍ර-වාරිත්‍ර මගින් නව වසර පිළිගන්නේ ඉදිරි වසරේ සතුට, සෞභාග්‍ය, වාසනාව ළගා කරගැනිමේ විශ්වාසයෙන් යුතුවය. ගතවු වසර කිහිපය තුළ අපට රටක් ලෙස අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු විය. ආර්ථික අර්බුදයත්, පැවති දේශපාලන අසමතුලිතතාවයත් හේතුවෙන් රටට වගේම අප සැමගේ ජන ජීවිතයට විශාල බලපෑමක් සිදු විය. ඒ හේතුවෙන් සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රධානම සංස්කෘතික මහෝත්සවයක් වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද පවා සැමරීම අප සැමටම ඒ තරම් සුබදායක වුයේ නැත.
නමුත් 2025 වසරේ උදාවෙන මෙම සිංහල - හින්දු අලුත් අවුරුද්ද පසුගිය අභියෝගාත්මක කාල සීමාව පසුකර රටක් ලෙස, සමස්ත ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, වඩාත් සුබදායක අයුරින් පිළිගැනිමට හැකි වී තිබේ. මා විශ්වාස කරන පරිදි කෙටි කාලයක් තුළ අපට නිර්මාණය කරගැනීමට හැකි වූ දේශපාලන ස්ථාවරත්වය මේ සදහා විශාල පිටුබලයක් විය. ඒ අනුව දිවයිනේ සතර දිශාවම එක මිටකට එක් කරගනිමින් නව දේශපාලන සංස්කෘතියක් රැගත් නව පාර්ලිමේන්තුවක් බිහි කරගැනීමට හැකි වුයේ දශක ගණනාවක සිට ජනතාව තුළ පැවති අපේක්ෂාවක් අප උර මතට පවරා ගනිමිනි. මා විශ්වාස කරන පරිදි ගත වූ කෙටි කාලය තුළ ජනතාව අපේක්ෂා කළ ජනතාවට වග වීමකින් කටයුතු කරන ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර ගැනීමට අපට හැකි වී තිබේ. එහි ශුභදායක ඵල දැන් අප භුක්ති විදිමින් සිටින්නෙමු. පැරණි යල් පැනගිය ඉවත් කළ යුතු සියලු සිතුවිලි ඉවත් කරගනිමින්, ගොඩනගා ගත් නව යහපත් දේශපාලන සංස්කෘතිය උපයෝගි කරගනිමින්, අප ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නව බලාපොරොත්තු , ප්‍රාර්ථනා එක් කරගනිමින් නව යුගය වෙත පිය නගන්න වගේම සමාජයක් ලෙස, රටක් ලෙස, හිතන්නා වූ නව මිනිසෙකු ගොඩ නගන්න , එළඹෙන අලුත් අවුරුද්ද අපට මඟ කියනු ඇත. රටක් ලෙස අපට ඇති ඒ සිහිනය, සෑබෑ කරගැනීමට රටේ ව්‍යවස්ථාදායකය ලෙස අප සතුව ඇති භාර දූර වගකීමේ බර අප හොදින් හඳුනාගෙන සිටින බව ඔබට වගවීමෙන් යුතුව දැනුම් දෙන්නෙමු. එකී ජනතා සිහිනය යථාවක් කරගැනීමට නව වසරේ දී තව තවත් වීර්‍යෙන් යුතුව සද්-අධිෂ්ඨානයෙන් යුතුව අපි කැප වී ක්‍රියා කරන්නෙමුයැයි, ඔබ වෙත සපථ කරමින්,
එළඹෙන්නා වූ මේ සිංහල-හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි....!!!
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනතා සිහිනයට තවත් වීරියෙන් කැපවෙමු