චක්‍රලේඛ ආයතන සංග්‍රහ මුදල් රෙගුලාසි කිසිවක් ජනතාවට ඉහළින් නොමැති බවත්, ඒවා ජනතා සේවය සඳහාම තිබිය යුතු බවත් මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවසීය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවැති උත්සවයේ දී ජනාධිපති එසේ පැවසීය.
ජනතාව නියෝජනය කරමින් පත්වන මහජන නියෝජිතයන් සමග ගැටුම් ඇති කර නොගෙන සුහදව කටයුතු කිරීමේ වගකීමක් රජයේ සේවකයන් සතුව තිබිය යුතු බව ද ජනාධිපති කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්ප,මගේ තාත්තා 1979 වර්ෂයේදී පරිපාලන සේවයේ පවත්වපු විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වී ,ඔහුගේ නම සහ අනිකුත් සමත් වූ අයගේ නම් පුවත්පත් වලද පල වුවා. නමුත් ඒ තනතුර ඔහුට ලබා දුන්නේ නැහැ. හේතුව වුනේ ඔහු එලි පිට කිසිම දේශපාලන පක්ෂයකට සහයෝගය නොදීමයි. ඔහුගේ දේශපාලනය තිබුනේ හිතේ පමණයි. ඔහු අකාලයේ මරණයට පත්වුනෙත්, ඒ ගැන ඇතිවුණු හිතේ අමාරුවෙනුයි.(නදී)
ජනපතිතුමා හරි (දී)
අපේ ජනපතිට ජයවේවා (දී)
රජයේ සේවකයින්ට පුහුණුවක් දෙන්න (දී)
නියම තැන (දී)
රජයේ සෙවකයින පුහුණුසැසි පවත්වන්න (දී)
හොදට බලා ගන්න (දී)
ජනතාව තමයි රටක වැදගත්ම දේ (දී)
බන්දුල පෙරේරා සමග මම 100% එකඟයි (දී)
දැන් රාජ්‍ය සේවය ශක්තිමත්. ඒ කියන්නේ එක වැඩේට දහ දෙනෙක් ඉන්නවා. එතකොට වැඩ නිකම්ම කෙරෙනවා. (දී)
බන්දුල ඔයාට මල්ල අමතකවෙයි , එකත් අරන් යන්න , (දී)
බන්දුල පෙරේරා වැනි කීප දෙනෙක් හිටියට සත්‍ය මහතා ඇසු දේ නිවැරදියි (දී)
චක්‍රලේඛ ආයතන සංග්‍රහ මුදල් රෙගුලාසි සියල්ල සාදන්නේ වෙනස් කරනුයේ පාර්ලිමේන්තුවයි. එනම් මහජන නියෝජිතයන්. ඒ හින්දා මේක කියන්ඩ ඕනේ කන්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමයි. රජයේ සේවකයන් ජොලියට බැනගන්නේ නෑනේ. තමන්ගේ රස්සාව බේරගන්න කරන්ඩ බැරි දේවල් බෑ කියනවා. (නදී)
ජනතාව සිටින්නේ දේශපාලුවන්ගේ දෙපය යටනේ ඕක නේද ඇත්ත.(නදී)
ඔය දන්නේ පරිපාලන සේවය ගැන හැමදෙනාම මහා අපුරුවට. හැමෝම අහගත්තු ටිකක් හැර නිවැරදි දැනුමක් ලබලා නැහැ. මෙහෙම උගතුන් ඉන්න සමාජයක නේ අපට රාජකාරි කරන්ට වෙලා තියෙන්නේ. (නදී)
ජනාධිපතිතුමනි . 'අ ' ඉදල හැමදේම ඔය රාජ්‍ය සේවකයන්ට උගන්වන පාඨමාලාවක් පටන් ගත්තොත් නරකද ?.(නදී)
එතකොට ඔය චක්‍රෙල්ඛ, ආයතන සංග්‍රහ, මුදල් රෙගුලාසි තියෙන්නෙ මොකටද? ජනතා නියෝජිතයෝ කියන විධියටම කලානම් හරිනෙ.(නදී)
ආයතන සංග්‍රහයේ xxxii 1.1 වල තියෙනවා රජයේ සේවකයන්ට දේශපාලනය කරන්න බැහැ කියල. අමාත්‍යාංශ ලේකම්වරු දේශපාලනය නොකර රට හදන්නෙ කොහොමද? (නදී)
ශ්රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා ඉන්නා තැන නො දන්නා අය ලංකාවේ ඉන්න නිසා තමයි අපේ රටට ඉස්සරහට යන්න බැරි කියල මට හිතෙනවා. අපේ රටේ නායකයාණන් නිවැරදිව දෙපයින් සිටගෙන සිටින්නේ රටට ආදරය කරන පොදු ජනතාවගේ පැත්තෙයි. ඒක හරියටම දැනගන්න නම් නවී පිල්ලෙයි හෝ කැමරන්ගෙන් හෝ හිලරිගෙන් හෝ එහෙමත් නැත්නම් ජයලලිතාගෙන් ඇහුවොත් කියා දෙයි. ජනාධිපතිතුමාගේ වචන වගේම තමයි අනෙකුත් සියල්ලත්. රත්තරන් වටිනවා.(නදී)
යුද්ධය ජයග්‍රාහි විදිහට නිමා කොට රටටත් ජනතාවටත් නිදහසේ ජිවත්වෙන්ට, පාරට බැහැල යන්ට එන්ට, බයකින් සැකයකින් තොරව දරුමල්ලන් සමග සැනසිල්ලේ නිදාගන්ට ඉඩ සලසල දුන්නු අපේ රටේ නායකයා ලෝකයේ සාමයට හතුරුකම් කරන රටවල තර්ජනාන්ගුලියට අභිතව රට සහ ජාතිය වෙනුවෙන් මුහුණ දෙමින් අපේ විරෝධාර සිංහල පුතුන්ගෙන් සැදුම්ලත් ත්‍රිවිධ හමුදාව සුද්දන්ගේ උවමනාවට පාවා නොදෙන බවට සපථ කර කියා සිටින බව සත්‍යා කියන පුද්ගලයා දන්නේ නැහැ. අපේ ගමකට එනවා. අපි හොඳින් උගන්නා දෙන්නම්. (දී)
සත්‍ය මහත්තය නොදන්නවා උනාට මේ රටේ බහුතරය ජනාධිපතිතුමා ඉන්න තැන දන්නවා....අඩුපාඩු දුර්වලතා නැති සර්ව සම්පුර්ණ මිනිස්සු මේ ලෝකේ නැති බවත් දන්නවා.මේ රටේ ජනතාව හොදට සාපෙක්ෂතාවදේ දන්නවා. ඒ හින්දා මොන අඩුපාඩු තිබුනත් එතුමාව තැබිය යුතු තැන ජනතාව තබාවි..ඔබතුමා කරදර වෙන්න එපා ඒ ගැන.. (දී)
රටක් ඉහලට යන්නෙත් පහලට එන්නෙත් ජනතාවගේ ක්‍රියාකාරිත්වය සමගයි , සේවකයාට හොදින් සැලකුවොත් සේවකයාත් හොදින් වැඩ කරනවා, ඒකයි ඇත්ත (දී)
රාජ්‍ය සේවය අද 0 සිට ඉහලටම දුෂිතයි, සෑම සංස්ථාවකම/අමත්යන්ශයකම නිලදාරීන් ජනතාවට කරන සේවය ඉතාමත්ම කණගාටු දායකයි. හැදුනුම් කම නොමැති සේවයක් ජනතාවට ලබා ගැනීමට නම් සන්තෝෂමක් පිදිය යුතුමයි. නැතිනම් කොතරම් අත්‍යවශ්‍ය සේවාවක් වුනත් කුඩම්මාගේ බැල්ම හෙලීම සෑම රාජ්‍ය පරිපාලන දෙපාර්තමෙන්තුවකම තිබෙන ලක්ෂණයක්. අතිගරු තුමාණන්ට තේරුම් ගිය නිසා නේද මේ මාතෘකවකට පිවිසියේ.(නදී)
පරිපාලන සේවයේ අයට දේශපාලන අයිතිවාසිකම් නැහැ බඳවාගැනිමේදී i සම්මුක පරීක්ෂණයේ ලකුණු ලැබෙන්නේ වෙන ක්‍රමයකටලු. ඉහල තනතුරු දෙන්නෙත් සුදුසුකමට වඩා හිතවත්කමටලු. පක්ෂ දේසපාලනයත් පළාත් සභාත් තිබෙනතුරු අපේ රටහදනවා බොරු.(නදී)
මේක තියෙනකල් රට හදන්න බෑ. මෙයාල හිතාගෙන ඉන්නේ මෙයාලගේ සල්ලි වලින් රට හදනවා කියල. විශ්ව විද්‍යාල වල රාජ්‍ය පරිපාලනය ඉගෙන ගත්ත අය කෙලින්ම මෙම සේවයට දැම්ම නම් මක් වෙනවද? (අ)
ජනතාව නියෝජනය කරමින් පත්වන මහජන නියෝජිතයන් ඇතිකරන ගැටුම් ගැන ප්‍රශ්නයක් නැත්ද ? (අ)
ඔබ තුමා ඉන්න තැන මොකක්ද කියල දැනගන්න ජනතාව බොහොම ආසාවෙන් ඉන්නවා. වචන ටික නම් රත්තරන් වටිනවා.(නදී)
එකනේ අපේ අගමැති තුමා එක ක්‍රියාවෙන් පෙන්නුවේ (අ)
ජනාධිපති තුමනි මහජන නියෝජිතයන් සහ රජයේ සේවකයන් එකට එක්ව සහයෝගයෙන් රටවැසියන් වන අපව සුරාකෑම බොහෝදුරට සාර්ථක ලෙස කරගෙන යනවා ප්‍රශ්න ඇතිකරගන්නේ 1% ටත් අඩු ප්‍රමාණයක් , රජයේ කාර්යාලයකින් වෙලාවට වැඩක් කරව ගන්න නිලධාරියට පගාවක් දෙන්න ඕනේ එහෙමත් නැත්නම් දේශපාලඤයෙකුගෙන් ලියුමක් ඕනේ නැත්නම් මේ දෙකම ඕනේ.(නදී)
ජනතාව සිටින තැන ගැන නිලධාරියාට අවබෝධයක් ලබා දීමට ඇත්තෙන්ම වගකිව යුත්තන් ක්‍රියා කර නොමැත්තේද? (නදී)