IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


‘‘ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ‘‘

(ප්‍රසන්න පත්මසිරි)

මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ.  ඔළුවේ ප්‍රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. අද මේ රට ආහාර ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙනවා. පසුගිය වසර දෙකේදි රජය තීන්දු තීරණ ගද්දී අපි සම්බන්ධ කර ගත්තේ නෑ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බදුල්ලේදි පැවැසීය.

‍තෙල් මිල වැඩිවීමත් සමග මහ ජනතාව දේශපාලකයන් ප්‍රතික්ෂේප කර ජනතා උද්ඝෝණවලට පෙළඹෙනවා .

මේ ආණ්ඩුව පක්ෂ 13කින් හදද්දී මමත් සභාපතිවරයෙක් විදියට පත් කරගත්තත් ඉන්පසුව කිසිම දෙයකට  මා සම්බන්ධ කර ගත්තේ නෑ.

සිරිමාවෝ බණ්ඩාරනායක යුගයෙන් පසු මේ රටට හරි ප්‍රතිපත්තියක් ගෙනාවේ මගේ ආණ්ඩුව විතරයි. මම ප්‍රජාත්‍රන්ත්‍රවාදීව රට ගෙන ගියා ලෝකයේ සියලුම රටවල් මට උදව් කළා මම 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝදනය ගෙනත් රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇති කළා.නමුත් මම දුෂයෙන් තොර රටක් හදන්න බලාපොරොත්තු වුණත් ඒක මට කරන්න බැරි වුනා.

විදුලිය,ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්,ගෑස්,විදුලිය නැතිව ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා.ජනතා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනවා මුළු රටම අද කදුලින් ඉන්නේ අයට ඒවා තේරෙන්නේ නෑ

බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සමුළුව අමතමින් ඒ මහතා ඒ බව පැවැසීය.  දින බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදි පැවැති මෙම උත්සවය කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහත්වරු සංවිධානය කළහ.

 



අදහස් (30)

‘‘ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ‘‘

Lalith M Saturday, 12 March 2022 08:01 PM

මොනවා කලත් සිරා සර් කන්න දුන්නු අත හැපුවා රිදෙන්නම. දවස් 52 ආණ්ඩුව බලයට ගෙන ආවා. එජාප සහ නිර්පාක්ෂික ඡන්දයෙන් බලයට ඇවිත් ශ්‍රීලනිප නායකත්වය ගෙන පක්‍ෂග්‍රාහී කැත දේශපාලනයක් කළා. ඒකේ ප්‍රතිඵලය නැවත කිසිම පක්‍ෂ සන්ධානයක් ජාතික රජයක් කෙරේ විශ්වාසය නොතබන තත්ත්වයට රට ගෙනාවා.

:       4       150

Hafeel Sunday, 13 March 2022 08:51 AM

මෛත්‍රීටත් ලැජ්ජාවක් නැහැ, මහින්දටත් ලැජ්ජාවක් නැහැ.

:       0       19

RANGASunday, 13 March 2022 09:49 AM

එව්වා වුණාට පස්සේ, මෙහෙම අඬලා වැඩක් නෑ. කන්න දීපු අත් හපා කාගෙනමනේ අනික් පැත්තට පැනලා ගේම ගැහුවේ.. එතකොට ඔය කියන පිරිස දැනගන්න ඕනේ "ලබු ගෙඩියට තියපු අත, පුහුලටත් තියෙනවාම තමයි" කියලා...

:       0       17

Jagath Saturday, 12 March 2022 09:10 PM

ජනතාව පාරට බැස්සොත් ඔහේට පුළුවන්ද ජනතාවට උදව් කරන්න,නායකත්වය දෙන්න? නිකන් බොරු බයිලා ගහන්න එපා.ජනතාව අන්දවන්න ලෑස්ති වෙන්න එපා.බහුතර ජනතාව දැන් බුද්ධිමත්.

:       0       0

මසිරිපාල Sunday, 13 March 2022 09:04 AM

ඔව් ඔව් ඒක ඇත්ත මොකද දැන් දැන් කන්න නැතුව යනවා තුනයි පනහට කාපූ පාන් ගෙඩියක් එකසිය විස්සක් වෙනවා. ණයට අරගෙන හදපු පාරවල් තමයි කන්න තියෙන්නේ.. ඒ නිසා පාරට බැහැලා පාරෙ තියෙන මඩ සෝදාගෙන පාරවල් කකා ඉඳිමු...

:       0       15

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 13 March 2022 09:04 AM

මහින්ද මහතාගෙන් උදව් අරන් දේශපාලනයේ උඩට ඇවිත් එකට ආප්ප කාලා පැදුරටත් හොරෙන් පැන්නා. ශ්‍රීලනිප ඡන්ද ටිකකුත් එජාප ඡන්ද සියල්ලත්, අනෙකුත් පාවෙන ඡන්දත් අරන් බලයට ඇවිත් එම ඡන්ද දායකයින්ට ද්‍රෝහී වුණා. සරත් ෆොන්සේකා වැනි අවංක කෙනෙකු සිටියදී මෙවන් කෙනෙකු කෙරෙහි විශ්වාසය තැබූ එජාපයට වැරදුණා. කලකදී වහලු කලකදී රස වෙනවාලු කිව්වා වගේ නැවත මහින්ද කණ්ඩායමට හිරිකිත අයුරින් උදව්කොට තම බලයද ආරක්ෂා කරගත්තා. මෙතෙක් කල් රජයේ සියලු දේ ලබමින් සිට දැන් සියලු වැරැදි රජය පිට පමණක් පටවා තමන් නිදොස් බව පවසනවා. රජය දාලා යන්නෙත් නැහැ. වෙලාවකට රජයට ගහනවා. වෙලාවකට වඳිනවා. මේ දෙබිඩි පිළිවෙත ගැන ජනතාව හොඳින් දන්නවා. ලැජ්ජාවක් කියා දෙයක් ඇත්තේම නැහැ...

:       2       18

Hafeel Sunday, 13 March 2022 09:04 AM

නැවත කවදාවත් මේ මෛත්‍රිට බලයට එන්න බැහැ. මෙයා බොරුවට ආණ්ඩුවට එරෙහිව එළියේ කතා කරනවා. නමුත් ජනාධිපති සහ අගමැති ඉදිරියේ මෙයා පඹයෙක්. උදයට විමල් එක්ක පක්ෂ 11ක සාකච්ඡා, සවසට ජනාධිපති සහ අගමැති එක්ක විනෝද, රෑට ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ පාක්ෂිකයින් රවට්ටනවා, පසුව රැස්වීම්වලදී ආණ්ඩුව විචේචනය කරනවා.

:       0       11

කිරි පුතා Sunday, 13 March 2022 09:46 AM

සුපුරුදු විදිහට මෙයා බොර දියේ මාලු බාන්න දඟළනවා. ඒවාට අහුවෙන මාලු ඕනෑ තරම් අපේ රටේ ඉන්නවා...

:       1       9

සිරි Sunday, 13 March 2022 09:50 AM

අපිව පාරට බස්සලා පරයින් ටික රජ වෙන්නයි හදන්නේ...!

:       0       10

Pradeep Kumara Sunday, 13 March 2022 10:02 AM

මගේ මතය අනුව නම් මැතිණියගේ සමයෙන් පසුව කිසිම දේශපාලකයෙකු හෝ පක්ෂයක් රටට හිතැති, රට ගොඩනැගිය හැකි ප්‍රතිපත්තියක් ගෙනාවේ නෑ. සිරිමා මැතිණියගේ ප්‍රත්පත්තිවලත් යම්යම් අඩුපාඩු නොතිබුණාම නොවේ. සියළු දෙනාම සැකසුවේ තම තමන් සහ තම පවුල් ගොඩ යන ප්‍රතිපත්ති විනා රට ගොඩයන ප්‍රතිපත්ති නම් නොවේ...

:       3       8

SL Sunday, 13 March 2022 10:12 AM

පාරට බහින්නේ මේ කාලකන්නි 225 වෙනුවෙන්ද? අනේ යන්න සිරෝ. පුළුවන් නම් ඔය 225 ඉන්න වෙලාවක දියවන්නාවට බෝම්බයක් ගහන්න ඕනේ...!

:       1       6

Nuwan Sunday, 13 March 2022 10:25 AM

යහපාලනය කෑවේ සිරා තමයි. පරණ හොරු ටික ආයේ ලංකර ගන්න මිනිස්සුන්ට කිසිම වුවමනාවක් නැත...

:       0       10

සිරි Sunday, 13 March 2022 10:37 AM

මේ මාන බලන්නේ බොරදියේ මාළු බාන්න...

:       0       8

Don Sunday, 13 March 2022 11:10 AM

ඔය ඉදිරිපෙළ ඉඳගෙන ඉන්න අයව ආපහු ගෙනැල්ලා මේ රටේ ප්‍රශ්න විසඳලා දියුණු කරන්න හදන්නේ...?

:       0       3

sachith Sunday, 13 March 2022 11:15 AM

සමහර කතා තියෙනවාකතාවට වඩා, කියන කෙනා දැක්කාම හිනා යන... මේකත් ඒ වගේ එකක්... ජනතාව පාරට බහින්න කළින් ඔයාලගේ කට්ටිය අරන් ආණ්ඩුවෙන් එළියට බහින්නකෝ...

:       0       9

චමින්ද Sunday, 13 March 2022 11:22 AM

ජනතාවට පාරට බහින්න කියලා තමුන්නැහැලා තාමත් සාටකයේ එල්ලිලා ඉන්නවා. අපි බැස්සොත් සුදු වෑන් එවාවි.. ඉස්සෙල්ලා තමුන්නැහැ බැහැලා පෙරමුණට එන්න අපි පස්සෙන් එන්නම්, එහෙම නැතුව අපි එක එකාට කොස් ඇට බාන්න සූදානම් නැහැ.

:       0       9

මවුබිමේ අනාතයා Sunday, 13 March 2022 11:36 AM

කතාව බලපුවම තේරෙනව තමන්ට නොසලකා හැරිම මත ඇතිවුනු කලකිරිම ජනතාවගේ කරමතින් ගොස් වාඩුව පිරිමසාගැනීමකට දරන තැතක් කියලා. රටක් විනාශකළ දේශපාලනයට කඩේයාමට තවදුරටත් අමනයින් සුලුතරයක් පමණක් මෙහි ඇත. දේශපාලන රදළයින් වේදිකාවන් මත සිට, වහල් මෝඩයින් දෙසබලනා ආකාරය මොනවට පැහැදිලි වේ. දැන් වේදිකාවෙන් බැසීමට කාලය පැමිණ ඇත. පරණ මුහුණු හා දැවැන්ත වේදිකා දේශපාලන අඳ බාල ජනතාවත් සමගම වියැකී යනු ඇත...

:       0       9

Duma Sunday, 13 March 2022 12:54 PM

ඔව්, නමුත් ඔයාලටත් එක්ක නොවේ...

:       0       9

Gaga Sunday, 13 March 2022 01:10 PM

ඔහේ නැවත ආවොත් නම් අනිවාර්යයෙන් පාරට බහින්න වෙනවා...

:       1       10

Soma dubai Sunday, 13 March 2022 01:22 PM

මොට්ට, කපටි ඇත්තවුන් කියලා අපේ බබාත් කිව්වා...

:       1       9

Lankikayaya Sunday, 13 March 2022 01:31 PM

ඔයා බහින්න පොලොන්නරුවේ හරක් එක්ක. රෝයල් පාර්ක් එපාර්ට්මන්ට් එකේ මිනීමරුවන් ඉස්සරහින් තියාගෙන එන්න.

:       1       18

galagoda Sunday, 13 March 2022 01:37 PM

සිරාගේ ගේ වටලන්න ඕනෑ මුලින්ම...

:       1       13

fairoos Sunday, 13 March 2022 01:48 PM

ජනතාව පාරට බස්සලා ඉවරයි. ඔයාලා තමයි ආණ්ඩුවේ එල්ලිලා ඉන්නේ... තොලොන්චි වෙලා යන්නේ නැතිව...

:       18       24

nuwa Sunday, 13 March 2022 02:08 PM

ඔයා බබෙක්ද.. සිරිසේන...?

:       1       26

Heena Sunday, 13 March 2022 03:11 PM

දැන් ඉන්න අයගෙන් අපිට තියෙන එකම බලාපොරොත්තුව ඔබතුමා පමණයි. රටට වැඩක්‌ කරයි කියලා හිතෙනවා. පොළොවේ පයගහලා මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා බලන්න, දකින්න පුළුවන් කෙනෙක් විදිහට. සුරංගනා ලෝකවල ඉන්න අයට මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න තේරෙන්නේ නෑ. කතාව විතරයි. මීළඟට ඔබතුමා හොරුන්ගෙන් තොර රජයක් පිහිටුවන්න.. අපි සූදානම්...!

:       62       6

Ranjith Sunday, 13 March 2022 03:48 PM

මෙයා තමයි මේ ආර්ථික අර්බුදය ඇතිකළේ... රුපියල අවප්‍රමාණය වුණේ මෙයාගේ කාලේ ඉඳලා ආර්ථික වර්ධනය අඩුවුණ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරක කර්මාන්තය යටටම වැටුණා. ඩොලර් නැති වුණා. රටේ සම්පත් චීනයට දුන්නා.

:       3       45

Prabha Sunday, 13 March 2022 04:09 PM

අපොයි මෙයත් එක්ක පාරට බැස්සොත් බැස්ස අයව පාරේ තියලා මෙයා පස්ස දොරෙන් ආයේ රිංගයි..

:       1       35

Bunny Preena Monday, 14 March 2022 08:49 AM

ඉතින් පළමු වෙඩිමුරය තියන්න ඔබතුමා පාරට බහින්නකෝ... ඔබගේ ආසනයේ කට්ටියත් එක්ක...

:       0       4

sharm warn Monday, 14 March 2022 03:22 PM

ජනතාව පාරට බස්සවලා දැන් මෙතන සුදු ඇඳගෙන සුදනෝ වෙන්න එනවද? අවුරුදු 5 ක් තිස්සේ හොරුන්ව රැක්කා. එදා හරියට නීතියට වැඩ කළා නම් මේ චෞර වළල්ලම අද හිරේ. ඒක කරන්නේ නැතිව කළවලා දැන් කිඹුල් කඳුළු හෙළන්න ඇවිල්ලා. මේ ව්‍යායාමය වෙන මුකුත් නෙවෙයි... සල්ලාලයින්ට පාර හදන්න. මේ ඔක්කොම කරන්නේ තමන්ගේ පරපුරට. කැමැති නම් ආයෙමත් රැවටෙන්න..

:       0       4

LGPJ Wednesday, 16 March 2022 07:08 AM

වඩා හොඳ විකල්පයක් නොමැතිව කතා කිරීම පමණි !!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 0 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 156 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 79 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 761 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා
2025 අප්‍රේල් මස 24 163 0

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.


මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් තලවතුගොඩින් අල්ලයි
2025 අප්‍රේල් මස 24 270 0

හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site