ජනතා නියෝජිතයන්ට රට පුරා ගමන් කරමින් ජනතාවට සේවය කළ හැකි වාහන ලබාදිය යුතු බැවින් ඔවුන් වෙනුවෙන් රජය වාහන ලබාදිය යුතු යැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
මෙතෙක් සිදුවූයේ කිසිකෙනෙක් නොදැනුවත්ව වාහන රටට ගෙන්වීම වුවත් මේ වතාවේ පරිපූරක ඇස්තමේන්තුවටල දැමීමෙන් විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීමේදී ඇමැතිවරුන්ට වාහන මිලදී ගන්නා බව සියලු දෙනාගේ කථා බහට ලක්ව ඇතැයි ඇමැතිවරයා කීය.
‘අමාත්‍යංශවලට පසුගිය කාලයේ නීත්‍යනුකූලව වාහන අරන් නැහැ. ජනාධිපති වාහන සංචිතයේ වාහන 1500ක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 20කට කලින් අපි බසයේ පාර්ලිමේන්තු එන්නම් කීවා. ටික කලකට පස්සේ මරුටිවල එන්නම් කිවා. ඇමැතිවරුන්ට වාහන අවශ්‍යයයි. ජනප්‍රිය අදහස්වලට යට වුණොත් සංවර්ධනය අඩාල වේවි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමන්ලා මැතිවරණ කාලයේදී කියපු ඒවා අහනකොට අපි හිතුවේ තමුන්ගේ සල්ලි වලට වාහන අරගෙන, නෝනා බැඳදෙන බත් මුලත් අරගෙන ජනතා සේවයට පාර්ලිමේන්තු යයි කියලයි. එතරම් සරල, අවංක, ජනහිතකාමී, යහපත්, පින්වත්, පීඩිත පන්තියේ දුකට හදවත් උණුවෙලා කඩාගෙන වැටෙන මේ ඇත්තන්ට පාර්ලිමේන්තුවට අඩිය තැබූ පමණින් හැදෙන්නේ "රථ ගාය" රෝගයයි. ඊළගට ක්‍රමයෙන් මන්දිර, විදේශ ගමන්, සැපපහසු ගුවන්යානා, ඉල්ලම් ඇති අමාත්‍යංශ, කාර් රේස් සහ අවසානයට විදේශ බැංකු ගිණුම්ය. (නි)
වාහනවලට යන සල්ලි වලින් රට සංවර්ධනය කරන්න. මැති ඇමැතිවරු කිසිම වැඩක් නොකර පාර්ලිමේන්තුවේ හිතපුවාවේ (ම)
ත්රිවීලරයෙන් නිල ගමන් යන තානාපතිනිය මෙෂිකො අාදර්ශයට ගන්න (නි)
තව ටික කාලයක් යනකොට රූපවාහිනිය බලන එකත් මිනිසුන් නවත්තලා දායි. (නි)
රාජපක්ෂ හොඳයිනේ! ඒ කාලේවත් වාහන අරගෙන නැහැ කියලා කියන්නේ. අර 1500 කුත් තියෙන එකේ තව මොනවටද වාහන? (නි)
වෝල්ටර්ගේ කීම 100% හරිෙ. නැත්නම් පසුගිය රජය කාලයේ බලධාරීන්, නිලධාරීන්, මන්ත්‍රී, ඇමතිගොල්ලෝ පාවිච්චි කළ රජයේ වාහන කෝ? ඒවා නැවත අත්පත් කරගෙන මේගොල්ලන්ට දෙන්න බැරි ඇයි? (නි)
බලනකොට ගිය ආණ්ඩුව හොඳයි වගේ. පහුගිය දවස්වල සිදුවූ විනාශයට කොයි ඇමැතිවරයාද තමුන්ගේ වැටුපෙන් පරිත්‍යාග කළේ්? අාවේ නම් යහපාලනයට! (නි)
එක්කෝ ලක්ෂ 50 කට සීමා කරන්න. නැත්නම් හෙලිකොප්ටර් පාවිච්චි කරන්න දෙන්න. නිල කාලය ඉවරවුණාම ගෙදර ගෙනියන්න නම් දෙන්න බැහැ (නි)
රටේ දුප්පත් මිනිසුන්ගේ මුදල් කාබාසිනියා කරනවා. මේ රටට තියෙන එකම එකම විසඳුම හමුදා පාලනයක් විතරයි. (නි)
දී කිරට බළල්ලුත් සාක්කිලු. මෙයාලා ගැන කව්ද නොදන්නේ? (නි)
ස්විස්ටර්ලන්තයේ මහජන නියෝජිතයෝ තමන්ගේ ගමන් යන්නේ හැකිතරම් පොදු වාහන වලලු. ජපානයේ? එහෙත් එහෙමලු නේද ඇමතිතුමෝ? ඒ රටවල් අන්ත දුගී දුප්පත් රටවල් වෙන්න ඇති (නි)
අඩුම වශයෙන් මම මම ගෙන ආඩම්බරයි. මොකද මම ඔය වගේ වැඩ වලට උදව් කරලා නැහැ. මේ පක්ෂ දෙකට ඡන්දෙ දුන් හැමෝම මේවට වග කිවයුතුයි (නි)
ස්විස්ටර්ලන්තයේ මහජන නියෝජිතයෝ තමන්ගේ ගමන් යන්නේ හැකිතරම් පොදු වාහන වල ජපානයේ? එහෙත් එහෙමලු නේද ඇමතිතුමෝ? ඒ රටවල් අන්ත දුගී දුප්පත් රටවල් වෙන්න ඇති (ම)
වැඩකරන මිනිස්සු අරක නැහැ - මේක නැහැ කිය කියා කෑගහන්නේ නැහැ, වැඩකරනවා. අපි මෝඩයෝනේ ඉතින්, හැමදාම වගේ ඉතින් අහගෙන ඉන්නන්. (නි)
මොකක්ද මෙයාලා කරන සේවය? (නි)
ඩුබායි තිලක්, චානක ලොස් ඇන්ජලිස්, පිටිගල මිලානෝ, චන්දන ඕස්ට්‍රේලියා, ඔබ සැමදෙනාම මේ රජය වෙනුවෙන් හඬ නඟන අය. ඇමති රාජිතගේ මේ අගනා ප්‍රකාශය ගැන ඔබගේ ස්ථාවරය කුමක්ද? (නි)
මෙයාලා හිතන්නේ මිනිස්සු හරක් කියලා. ඕවා කියන්න කොණ්ඩෙ බැදපු චීනුන්ට. (නි)
අනේ මගේ ඇස් දෙක පොට්ට කරලා, කන් දෙක බීරි කරන්න දෙවියනේ! මේවා අහන්න දකින්නද පව්කාර අපි ඉපදුනේ? (නි)
ජයවේවා! අපිව තවත් වරක් අසරණ කරන නුඹලාට කියන්න වචන නැහැ (නි)
ඕනෑවට වඩා කියවන මිස්සු කවදාද වැඩක් කළේ? වැඩ කරන කෙනාට ඔය මොනවා නැතත් පයින් හරි ගිහින් වැඩේ කරනවා. අනිත් දේ මේ රටට ආදරයෙන් රටට සේවයක් කරන්න ආ මේගොල්ලන්ට මොකටද රජයේ වාහන? (නි)
ජනතාවගේ මුදල් සොරාකන දේශපාලුවන් ලබන අාත්මයේදී කුමන ආත්ම වල ඉපදේද? (නි)
අපි යහපාලනය කියලා අදහස් කළේ ඔය තත්වය නෙමෙයි. නිකම් මිනිසුන්ගෙන් බැනුම් අහන්න වැඩ කරන එක යහපාලනය නෙමෙයිනේ. ඒ නිසා අපිත් මේ ඔහෙලට කියන්නේ, අර හැමෝම කියනවා වගේ ඕනෑම නම්, වැඩ කරන්න අවශ්‍යම නම් මහජනතාව ගෙවන බදු මුදල් හින්දා, හොඳ ඩබල් කැබ් ටිකක් ගෙන්න ගන්නකො. නැත්නම් තව අවුරුදු දෙකක් විතර යනකම් අර පරණ එ්වගෙන්ම දුවන්න. මෙහෙන් ගංවතුර, එහෙන් හෙණ පිපිරෙනවා, ලෝක බැංකුවෙන් සල්ලි ඉල්ලනවා, පරණ නය ගෙවන්න බදු වැඩි කරනවා! මට කියලා දෙන්නකෝ මේවායේ සම්බන්ධය මොකක්ද කියලා (නි)
ඡන්දය ඉල්ලන කාලෙ නම් කිවුවෙ කොහොමද? (නි)
ඔවැනි බාල කතා නොකිවුවොත් තමයි හොඳ (නි)
ඇත්තටම ජනතා සේවය කරනවා නම් ගැළපෙන්නේ ඕනෑම තැනක රිංගලා යන්න පුලුවන් ත්‍රී රෝද රථයක් (නි)
ඔව් ඉතින් එහෙම නැතුව පුළුවන්ද? (නි)
ඇමතිතුමනි, අපිත් යහපාලනයට කඩේ ගියා. ලැජ්ජයි. අායෙත් ඡන්දයක් ඉල්ලන්න හොරණ, ඉංගිරිය පැත්තේ නම් එන්න එපා. (නි)
මේ රථගායට බෙහෙත් ඇත්තෙම නැද්ද? (නි)
අලුත් වාහන වලින්ම සාලාව පැත්තේ යන්න වෙන්න ඇති (නි)
එක ඇමති කෙනෙක් කිව්වා අනවශ්‍ය මිනිසුන්ට වාහන ඕනෑ නැති කතාවක්. දැන් මේ ඇමති කියනවා ඒගොල්ලන්ට වාහන අවශ්‍යයි කියලා. එතකොට අපිද අර අනවශ්‍ය මිනිස්සු? අපේ ඡන්දෙ නම් අවශ්‍යයි නේද. (නි)
සේවය කරන්න වාහන ඕනෑ නැහැ. අනික අපේ රටේ ඇති කරන්න ඕනෑ බස් රථයෙන් දුම්රියෙන් නැත්නම් තමන්ගේ පුද්ගලික වාහනෙන් පාර්ලිමේන්තු යන ක්‍රමයක්. (නි)
මෙවැනි අයට ඡන්දෙ දීපු අයට ගහන්න ඕනෑ.මේ අවංක මිනිස්සුද? (නි)
ගරු ජනපතිතුමනි, ගරු අගමැතිතුමනි, අපි ඔබ දෙදෙනාව තවමත් විශ්වාස කරමු. රටට සේවය කරන්න දැන් තිබෙන වාහන වලින් බැරිද? දැනට රටේ ඇතිවෙලා තිබෙන කරදර අපට නම් හොඳටම තේරුම් ගන්න පුළුවන්. (නි)
ජනතා ඡන්දයක් දිනාගන්න බැරි අයට කෝටි 7 ක වාහනයක්? පරාජිත ඔබතුමන්ලා කරන ජනතා සේවය ගැන නම් කියලා වැඩක් නැහැ (නි)
කලාපේ බලවතා වන ඉන්දියාවේ ඇමති මන්ත්‍රීවරු පවා පාවිච්චි කරන්නේ ඉන්දියාවේම නිෂ්පාදිත වාහන. අපේ රටේ දේශපාලුවන්ට පුදුම මානසිකත්වයක් තියෙන්නේ. ලෝකෙන්ම ණය අරගෙන කරන්නේ තමන්ටම බෙදාගන්න එකද..? අපුරු යහපාලනය. එකපැත්තකින් නායයාම්. තව පැත්තකින් ගංවතුර. ඒ මදිවට හමුදා කෑම්ප් එකක් ගිනි අරන් කෑම්ප් එක විතරක් නෙමෙයි, ගමක්ම විනාශ වෙලා. ජනතාවගේ හෘද ස්පන්දනය තේරෙන්නේ නැත්නම්, මේ අයට තවදුරටත් ජනතා සේවකයෝ කියලා කියන්න බැහැ. (නි)
ජනතාව පතන යහපාලනය හෝ දේශපාලකයන් මේ රටේ බිහිවන්නේ නැත. අප කළයුත්තේ සාපේක්ෂව රටට යමක් කළහැකි අය පත්කිරීමයි. (නි)
මේ ඇමතිට දතක් ගළවනවා වගේ වචනය වෙනස් කරන එක. (නි)
මේවා පුදුමාකාර තර්කනේ හැබෑට (නි)
මේ අය මේ වලිකන්නේ රටට සේවය කරන්නද? (නි)
රැවටුන තරම් ඔබ හින්දා අපි.....! (නි)
ජනතාවට සේවය කරන්න? දරුවෝ පාසල් යන්න පොත් නැතුව ඉන්නවා. බෝම්බ නිසා ගෙවල් විනාශවෙලා. මොකටද කෝටි ගණන් වටිනා අලුත් වාහන? (නි)
ගොන් කරත්ත සූදානම් කරමුද සැප පහසුවට යන්න. මහජනතාවගේ මුදල් කාබාසිනියා කරනවා (නි)
ජනතා සේවයට වාහන අවශ්‍යයි.නමුත් ඔච්චර වටිනා වාහන මොකටද ඕවාට. හිනත් යනවා මෙතුමා කතාවලට.(ම)
මෙයාලාගේ කටවල් වල සැර බාල වෙලා දෙකට නැමිලා මහජනයා ගාවට එන්න ඉතින් අයෙත් ජන්දයක්ම එන්න ඕනේ. (ම)
සාමාන්‍යයෙන් මැතිවරණයක් අවසන් වීමෙන් පස්සේ අලුත් ආණ්ඩුවක බලාපොරොත්තු වසර 3ක් වත් තියෙනවා. බලාගෙන ගියාම මේ ආණ්ඩුවේ බලාපොරොත්තු වසර 2 කට කලින් බිද වැටෙන්න් ඇති. (ම)
කදුළු දෙන්න මට හඩන්න සත් සමුදුරු ගොඩ ගලන්න. සුසුම් දෙන්නම හෙලන්න සක්වල ගල සසල වන්න. මේවා සහ ගහනවා පරම්පරා ගානකට. (ම)
මේ අයට තමයි වාහන ඕනෑ. මොකද කකුල් කොන්ද පන නෑනේ (ම)
උරුගුවේ හිටපු ජනාධිපතිතුමා එතුමා ජනාධිපති වෙලා ඉන්නකොටත් පාවිචි කලේ ෆොක්ස්සොගන් මෝටර් රථයයි .එතුමාගේ වැටුපෙන් කොටසක් දුප්පත් මිනිසුන්ට පරිත්‍යාග කළා .වාසය කලේ තමුන්ගේ ගොවිපලේ. (ම)
අනේ මේ වෙලාවට නැති හෙණ මොකටද ? (බ)
රටේ කරුමේ පුතේ. කෝ ඔය ඡන්දෙදි කිව්ව බණ? මිනිස්සු තමයි හරක් (බ)
පහුගිය කාලෙ ඔච්චර වාහන ගෙන්නලා තියෙනවනම් ඒවා පාවිච්චි කරහල්ලකො තවත් අලුතින් ගෙන්වන්නෙ නැතුව. යනකොට ගෙදර ගෙනිහින් තියෙනවානම් නීතිය ක්‍රියාත්මක කරල ඒවා අරගනිල්ල. (බ)
මට හිතාගන්න බැරි මේ අය කරන සේවය මොකක්ද කියල වාහන වලින් ගිහින්. (ර)
වහනයක් උවමනාද ජනතාවට සේවය කරන්න කකුල් දෙකත් වහනයක් තමයි. මේ කට්ටිය රජ සැප ,ඇමතින්ට නිවසත් දෙනවා අගනුවරට කිට්ටුව එත් ජනතාවට කිසිම සේවයක් නැහැ. ජනතාවනම් හරි කැමතියි කට්ටියට කඩේ යන්න. (ර)
ජනතාවට කරන්නඩ පුළුවන් ලොකුම සේවාව පොදු ප්‍රවාහනය දියුණු කරලා ඔබ තුමාලත් ඒවගේ ගමන් කරන එක, ඔය ලොකු වාහන අරගෙන ජනතාවට කරපු එක වැඩක් කියන්ඩ පුලුවන්ද ? පොඩි වාහනයක ගියොත් ජනතාවට සේවය කරන්ඩ බැරිද ? (ර)
එතකොට අර තීරු බදු රහිත බලපත්‍රවලට සහ සහන මිල කොන්දේසිවලට අනුව මැති ඇමතිවරුන්ට ගෙන්වපු වාහන වලින් මොකද කරන්නේ. (ර)
කෝටිගණන් වාහන වලින්ම යන්න ඕනෙද මහජන සේවයට. (ර)
සිහි මොළය ඇති කවුරුවත් කියන්නේ නැහැ ඇමතිවරුන්ට වාහන දෙන්න එපා කියල. අපි අහන්නේ කෝටි තුන හතරේ වාහනම ඕනෑද ඔය කියන සේවය අපි වෙනුවෙන් කරන්න? ඉන්දියාවේ ජනාධිපතිත් ඇම්බසඩර් වාහනේක යන්නේ. සුර සැප විඳිමින් ඒ අතරේ පොඩි සේවයකුත් කරන්නද ඕනෑ? (නි)
ඔව් ඔව් කැප කරන ජනතාව ඉන්නකන් හොදයි .ඕව කියන්න මහත්තයෝ අර ලක්ෂ 62 ට (බ)
ඉතිං ඔය ලක්ෂ 3 වාහනෙනුත් රට පුරා යන්න පුලුවන්නේ ඒකක් ගන්නවාකෝ... ඇයි කවුරුත් අල්ලුපු නැති අලුත්ම අලුත් වාහන වල ගියොත් විතරද සේවය කරන්න පුලුවන්.. කාටද සේවය කරගන්න ඕන කියල තේරෙනවා... ලක්ෂ 3කට වඩා වාහනයක් දෙන්න එපා එක්කෙනකුට..(බ)
ඡන්දෙ ළංවෙනකොට තමයි ජනතා නියොජීතයින්ව ජනතා සේවය මතක් වෙන්නේ (බ)
ඔය වගේ කතා කියන කටේ ඇති දත් ඔක්කොම බොරු ඒවාද මහත්තයෝ ? (බ)
එතකොට අර රවී කරුණානායක කියපු වාහන ජාතිය හොඳ නැද්ද? (බ)
මොවුන් බලයට එන්නේ හොරකම් කරන්න (බ)
සත්‍ය අදහසක්. බදු ගෙවන පුරවැසියන් වශයෙන් අප 100%ක් එකග වෙනවා. එ් සදහා සුදුසු වාහනයක් තමයි ඩබල් කැබ් රථ. එයට අමතරව අර කියපු හාෙරෙන් ගෙනාපුවා භාවිතා කරන්න පුලුවන්. අවුරුදු 5ක කාලයට වාහනේ අැති. සැප ගන්න නං ඕනේනම් ඉස්සෙල්ලා රට සංවර්ධනය කරලා හිටියොත් හොදයි. (බ)
ජනතාවට බදු ගැහුවා ණය ගෙවන්න කියලා. මේවා සහගහන අපරාධ. රටම ණය උගුලක හිරකරලා තව කෝටි ගණන් වාහන ගන්නවා. (නි)
වාහනයි, පර්මිට් එකයි දෙකම ඕනෑද ජනතා සේවයට? (නි)
හරි, එතකොට ඔයතරම් වටිනා වාහන ඕනෑද? ඡන්දෙකට එන්න ඊළඟට. අපි පෙන්නන්නම්. (නි)
ඒක ඇත්ත. මරුටියේ ගිහින් කළොත් සංවර්ධනය ටිකක් බාලයි. බෙන්ස් එකක ගිහින් කළොත් තවටිකක් හොඳයි. වෙඩි නොවදින බී එම් ඩබ් එකක වගේ ගිහින් කළොත් තව ටිකක් සංවර්ධනය ඉහළයි. රාජිත හරි. වාහනය අනුව තමයි ඒක මනින්න වෙන්නේ. මැතිවරණයට කලින් ඔය කට්ටිය පයින්ම ගිහින් මීටින් තියලා කොච්චර මහන්සිද නේද? (නි)
මේකනම් යහපාලනය නෙමෙයි, මැති ඇමතිවරුන්ට රජසැප දෙන සුපිරි පාලනය වගේ (නි)
"සංවර්ධනය අඩාල වෙයිලු", පුදුම සංවර්ධනයක්නේ මෙයාලා කරන්නේ. (නි)
මේගොල්ලෝ දැනට පාවිචි කරන වාහන විකුණා මදිපාඩුව විතරක් දෙන්න. (නි)
කවුරුත් වාහන ගන්න එපා කියලා නැහැනේ. කෝටි තුනහමාරේ වාහන නැතුව සාමාන්‍ය ලක්ෂ 50 හේ විතර වාහන ගත්තා නම් කොච්චර හොඳද? ත්‍රී වීල් වල බදු වැඩි කරලා ඔබතුමාලා සැප වාහන ගන්න එක යහපාලනය නොවේ (නි)
අනේ මේ අය ජනතාවට කරන සේවය. (ර)
අපේ රටේ දේශපාලුවන්ට ලැජ්ජාව කියන දේ ගෑවිලාවත් නැහැ. රෙදි ටිකත් ගළවලා තියලා කිව්වා නම් තමයි වටින්නේ. මේ වගේ මනුෂ්‍යයො ඉන්න රටකට හරියයිද? මේවා අහන දකිනවිට ලංකාවේ මනුෂ්‍යයො ගැන ලොකු කළකිරීමක් ඇතිවෙන්නේ. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
ජනතාවට සේවය කරන්න ඇමති වරුන්ට වාහන ඕන කියමුකෝ. ඉතින් මහත්තයෝ ඒකට ඔච්චරම ගණන් වාහන ගන්න ඕනද. ඔයිට වඩා ටිකක් ගණන් අඩු වාහනේක ගිහිල්ලා සේවය කරන්න බැරිද. රට ගොඩගන්න මහාජනතාව විතරද කැපකිරීම් කරන්න ඕන. මැති ඇමතිවරු කැපකිරීම් කරන්න ඕන නැත්ද. ඔබතුමාලා අපිට සම්බෝලයි බතුයි කන්න කියලා ඔබ තුමාලා බුරියානි කනවා. අපි ඔබ තුමාලාව බලයට ගෙනාවේ ඔහොම අපිව හුරගෙන කන්න නෙවෙයි. බෝතලය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. බෝතලය ඇතුලේ තියෙන්නේ පරණ වයින්ම තමයි. (ර)
අනේ මටනම් ඔය කොයි වාහනෙත් එකයි, ඒ උනාට අපේ ගෙදර අයට ඕනා බෙන්ස් නේ... (ර)
බැරිද ඔය සේවය කරන්න අඩු මිලට තිබෙන වාහනයකින්. (ර)
අපේරටේ බොහොමයක් දේශපාලකයන්ට ලැජ්ජාවක් කියන එකක් ගෑවිලාවත් නොමැති නිසා ඔයවගේ කියමන් උපේක්ෂාවෙන් ඉවසමු. මේ රටවලනම් මැති ඇමතිවරු යන්නෙම කෝච්චියේ බස්එකේ. හැබැයි රටත් ජනතාවත් සංවර්ධනයේ උපරිමේ. (ර)
රටවටේ යන්න ඔය කොච්චි, බස් තියෙන්නේ... මිනිස්සුන්ගේ සැබෑ දුක සැප දකින්න කැමති දේශපාලකයෙක් ඉන්නවානම් ඒවා පාවිච්චි කරාවි. දැන් ලංකාවේ මහාජනයාගෙන් වැඩි කොටසක් ටිකෙන් ටික සත්‍ය වටහාගන්නා අවස්ථාවට පා තබමින් සිටීම ගැන නම් සතුටක් දැනෙනවා. (ර)
සුනිල් කියන දේ නම් හරියට හරි. අපි පිට රටවල් වල වසර ගානක් හම්බ කර කර මුදල් ලංකාවට එවනවා. තවම බැරි උනා වාහනයක් ගන්න. මේ වසරේත් එය සිහිනයක් පමණයි. (ර)
ඉතින් වාහන 1500ක් තියනවනම් ඇයි ඒවා පාවිච්චි කරන්න බැරි, මොකටද කොටි ගණන් වටිනා අලුත් වාහන? ඇයි කෝටි ගණනක අලුත්ම වහනෙක ගියොත් විතරද ඔය සේවේ කරන්න පුළුවන්? ලක්ෂ 50-60ක වහනෙක ගියොත් සේවේ කරන්න බැරි වෙනවද? යවෙන්නද්ද? සේවේ කරන්නේ කා වෙනුවෙන්ද කියල අපිට තේරෙනවා බොහොම හොඳට, රටේ වැඩි හරියකට නොතේරුනාට. (ර)
ඉතින් පරණ ඒවා පුළුවන්නේ පාවිච්චි කරන්න. ඇයි මේ කෝටි ගණන් වටිනා වාහන. ඉස්පිරිතාලෙකට අවශ්‍ය දෙයක් ගන්න නම් සල්ලි නෑ. (ර)
මේ කතාවලට මහජනතාව රවට්ටන්න බැහැ ලබන ඡන්දයේදී ඔබ ඇතුළු ජනතාව ගොනාට අන්දන අය අනිවරෙයෙන්ම පරදිනවා. (ර)
තියන වාහන වලට මොනවා වෙලාද ඒවා පාවිච්චි කරන්න බැරි? (නි)
පිරිසිදු සිතින් රටට සේවයක් කරන කෙනෙක් මෙවැනි දේවල් ඉල්ලන්ඩ අවශ්‍ය නෑ . මේ අයට දිල තියන ඔය පාර්ලිමේන්තු වරප්‍රසාද තව අඩුකළානම් කොච්චර හොදද? (බ)
වාහන පමණක් නොවෙයි සමහර මැති-ඇමති වරුන්ට තව, තවත් දේවල් අවශ්‍ය කරනවා, රටට හා ජනතාවට සේවය කිරීම සඳහා (බ)
තියන කාර් මදිද ?සාලාව සහ ගංවතුර විනාශයෙන්නම් දරුවෝ ,අම්මල අඩනවා රටේ සල්ලි කන ඇමති වරුන්ට සැප කාර් .පපුවක් මේ පාලකන්ට තියෙනවද?අනේ රටක විනයක හැටි . (බ)
ඉතින් ඉදියාවෙන් මරුටි කාර් ගෙනත් පාර්ලිමේන්තුවට එන්න,ලෑන්ඩ් කෘසර් ,ප්‍රාඩෝ ගන්න ඕන නැහැනේ..යහපාලනය අාවේ නාස්තිය අවම කරන්නම් කියලා නේද .කෝ දැන් මැතිවරණ පොරොන්දු ...(බ)
එ්ක නම් ඇත්ත තමා. තවත් ප්‍රවෘත්තියක් තියනවා , චිකාගෝ ක්‍රමයට වාහනය ධාවනය කළා කියල. මේ දෙගොල්ලටම ජනතාවට සේවය කරන්න හොද වාහන දිය යුතුයි. මොකද දෙගොල්ලම එකම වේගයෙන් ජනතාව වෙත යා යුතු නිසා . දැන්නම් හොද සංවර්ධනයක් තියනවා (බ)
විදෙස් මිතුරණි, මේ සමාජ සත්කාරය සඳහා ඔබගේ උපරිම කැපවීම ඇවැසියි. හැකිතාක් ඔබ උපයන මුදල් ලංකාවට එවන්න. ඒවා ආපසු යන්නේ යුරෝපයේ සැප ඇති රටවලට බැවින් දුක් නොවන්න. අපි මැද පෙරදිග තැම්බෙමු, උපයන මුදල් යුරෝපයට යවා පින් රැස්කරමු. ලබන භවයේ දී යුරෝපයේ ඉපදීමට, ඒ පින් හේතු වාසනා වේ වා........! (බ)
දහනායක ඇමතිතුමා වගේම බුද්ධික කුරුකුලරත්න වැනි මහත්වරුනුත් බස් කෝච්චිවල ගිහින් ජනතාවට සේවයක් කළේ නැද්ද. අනික වාහන ඕනෑමනම්, ඔය මරුටි වගේ පොඩි මිනිහගේ කාර් තියෙන්නේ. යන්නකෝ ඒවායේ. (බ)
ඇ බං, රජයේ වාහන දාස් ගණන් තැන තැන ගොඩගහලා තියෙද්දී සුවඳ ගහන අලුත්ම වාහනම ඕනද ජනතාවට සේවය කරන්න? (බ)
අපි ලක්ෂ 62 ක් ජනතාව යහපාලනයකට ඡන්දය දුන්නේ ඔය වගේ විකාර මුදල් නාස්තියකට නෙමෙයි. දැන්වත් සිතා බලනු. ලෝකේ කොහෙවත් නැති වැට් බදු ගහන ප්රජාතන්ත්රවාදී යයි කියාගන්න රටක මෙහෙම මොකට ජීවත්වෙනවද ? (බ)
ළඟ හිටිය නම් දත් ටික ගලවනවා (බ)
යුධ හමුදා ආයුධ ගබඩාව දියවන්නාවේ තිබුනා නම් කොච්චර හොඳද කියල හිතෙනවා. මහජනයා තුළ ඉවසීමේ සීමාව පනින්න ළඟයි. එහෙන් නාය යාමේ විපත්. මෙහෙන් ආයුධ ගබඩා පිපිරීම. (බ)