(අනීෂා මානගේ)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙකු ඉදිරිපත් කරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී.උපුල් මහතා පවසයි.
ඩී.වී.උපුල් මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ බෙලිඅත්ත ගොඩකුඹුර ප්‍රදේශයේදී පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.
‘දැන් පළාත් සභා මැතිවරණය කල් දාගෙන යනවා. අපි පලාත් සභා මැතිවරණයට සූදානමින් ඉන්නවා. මහ මැතිවරණය ළග ළගම එනවා. ජනාධිපතිවරණය ළග ළගම එනවා. ජනාධිපති අපේක්ෂකයත් අපි තෝරගෙන යනවා.
මගෙන් ඇහුවොත් කව්රුහරි මම ඒකට උත්තර දෙනවා. එක්සත් ජාතික පක්ෂය දෙපාරක් උගසට ගත්තා දෙන්නෙක්. සරත් ෆොන්සේකා, ඊටපස්සේ මෛත්‍රිපාල. දැන් හෙට අනිද්දට ඇඩ් එකක් දායි පාවාදෙන්නෙක් ඉන්නවා නම් වහාම එන්න කියලා. පාවාදෙන්නෙක් ඉන්නවා නම් පුළුවන් ඒ පැත්තට ගිහින් ජනාධිපති අපේක්ෂකයා වෙන්න.
හැබැයි අපේ අපේක්ෂකයා නිවැරදියි. අපේ අපේක්ෂකයා වෙන කව්රුවත් නෙවෙයි රාජපක්ෂ කෙනෙක් කියන එක කියන්න ඕන. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා කරන්න අවශ්‍ය වගකීම රාජපක්ෂ කෙනෙක්ටම පවරලා එතුමා මේ රටේ ජනාධිපති කරලා නැවතුණු තැනින් පටන් ගන්න තමයි අපේ බලාපොරොත්තුව. ‘
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙක් ගේනවා - මන්ත්‍රී ඩී.වී.උපුල්
Shahiwal Tuesday, 20 March 2018 09:38 AM
ආණ්ඩු පෙරළන වෙලාවේ රටට වැඩක් කරන්නකෝ.
නිමල් Tuesday, 20 March 2018 10:06 AM
මොහුගේ නම ප්‍රසිද්ද වුන පසුගිය කාලය, කවුරු හෝ මතක් කර දෙනු මැන.
wijenanda Tuesday, 20 March 2018 10:12 AM
මෙයාට නැවතුනු තැනින් පටන් ගන්න ඕනලු... ඉතින් අපි කොහොම හරි රාජපක්ෂ කෙනෙක් ජනාධිපති කරමු...
rohan perera Tuesday, 20 March 2018 10:58 AM
ආවට වැඩක් නැහැ පරදිනවා
sirimal Tuesday, 20 March 2018 11:35 AM
ඉතුරුවෙලා ඉන්න දෙන්නෙක්ම ඇමෙරිකානු පුරවැසියෝ නේද? ජනාධිපති කම දෙනවානම් ශ්‍රී ලන්කන් නැත්නම් ඇමෙරිකන්. මේ ආණ්ඩුව පෙරලලා කටු ඉඹුලෙන් බේරෙන්න පුළුවන් වෙන ඕනෑ මල ඉලව්වක් කාරියක් නැහැ. එහෙමද එහෙනං?
සතයපාල Tuesday, 20 March 2018 11:56 AM
ගේන්න ගේනකම් තමයි අපිත් බලාගෙන ඉන්නේ පරද වන්න. රාජපක්ෂලට ආයේ ජාතික දේශපාලනයේ ඉඩක් නැහැ හම්බන්තොටට වෙලා කරන දෙයක් කරගෙන ඉන්නවා ඇරෙන්න.
forester Wednesday, 21 March 2018 02:06 AM
එහෙනම් මේ කට්ටියගේ ට්‍රයි එක මැදමුලනේ රාජපක්ෂ කෙනෙක් නැවත රජ කරවන්නයි.
rocky Wednesday, 21 March 2018 03:16 AM
රාජපක්සලා කවුරු ආවත් අපි පරාද කොරනවා මහත්තයෝ. ඔයගොල්ලෝ හිතාගන ඇති ඒ කාලේ තිබුන වරප්‍රසාද ආයෙත් ලබා ගන්න.