බ්‍රිතාන්‍යයේ පාලක කොන්සවේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයකට සහභාගි වීම සදහා නිල ආරාධනාවක් ලැබ බ්‍රිතාන්‍යයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 02 වැනිදා ලන්ඩන් නගරයේ ෂයිලොක් හෝම්ස් හෝටලයේදී බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ නිල ශාඛාවේ සාමාජිකයන් හමුවිය.
පක්ෂ සාමාජිකයෝ වික්‍රමසිංහ මහතා උණුසුම් අයුරින් පිළි ගත්හ. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය හා එක්සත් ජාතික පක්ෂයේ අනාගත වැඩකටයුතු පිළිබඳව සාකච්ඡාවක් ද පවත්විණි.
රැස්වීම ආරම්භ කරමින් පිළිගැනීමේ කථාව කළ බ්‍රිතාන්‍යය ශාඛාවේ ලේකම් දර්ශන ඩැනියෙල්, රටට අවශ්‍ය විස්වාසනීය දැක්මක් සහිත නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැදින්වීය." අද වනවිට ඉතාමත් සමගි සම්පන්නව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍යය ශාඛාව සැමවිටම පෙනීසිටින බවද" ඔහු අවධාරණය කළේය.
බ්‍රිතාන්‍ය ශාඛාවේ ප්‍රගතිය හා පක්ෂය වෙනුවෙන් පසුගිය වසර කිහිපයේ බ්‍රිතාන්‍යය ශාඛාව සැපයු දායකත්වය පිළිබදව සභාපති හර්ෂක කන්නන්ගර " ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයේ ජයග්‍රහණය සදහා පුර්ණ කැපවීම ලබාදීමටද" පොරොන්දු විය.
බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ නිලධාරී මණ්ඩලයේ හා සාමාජිකයන්ගේ කැපවීම හා උනන්දුව දැකීමෙන් තමන් සතුටට පත්වන බවත් ඉතා කෙටි දැනුම්දීමකින් මෙවැනි සාකච්ඡාවක් සංවිධානය කිරීම ගැන තම ස්තුතිය ප්‍රකාශ කරන බවත් වික්‍රමසිංහ පැවසුවේය. ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන දේශපාලන වාතාවරණය, පක්ෂයේ සමගිය සහ එළැඹෙන ජනාධිපතිවරනයේදී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතු ආකාරය සහ පක්ෂයේ නව ඉලක්ක පිලිබදවත් ඔවුහු කතා කළහ.
එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් සාගල රත්නායක මහතාද සභාව අමතා පක්ෂයේ අරමුදල් එක්රැස් කිරීමේදී පසුගිය වසර කිහිපය පුරාම බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂයේ නිල ශාඛාව දැක් වු දායකත්වය ප්‍රශංසාවට ලක් කළේය.
බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ජාතික යොවුන් පෙරමුණේ සභාපති ක්‍රිෂාන්ත අතුකෝරල මහතා ස්තූති කතාව කළේය. බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ භාණ්ඩාගාරික කැලුම් අමරතුංග,හිටපු සභාපති හර්ෂ සිරිවර්ධන ,සංවිධායක චතුර කෝසල යන මහත්වරු ද එහි වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හරිම සතුටුයි ලන්ඩන් ශාඛාව පක්ෂයේ කටයුතු වලට දක්වන සහයෝගය පිළිබදව .ඔබේ උත්සාහය හා අරමුණ .යහ පාලනයක් සහිත රටක් ගොඩනැගීම නේද .අපි ඔබලාට සුබ පතනවා (දිල්)
සම්මේලනයේ කතා පවත්වනවා වගේම ,1 වෙනි ,2වෙනි ලෝක සංග්‍රාමයේ බ්‍රිතාන්‍ය හමුදාවට බැදී මියගිය ශ්‍රී ලාංකික සෙබළුන්ට ගෞරවයක් වශයෙන් දැනට බ්‍රිතාන්‍යයේ සිටින සියලුම ලාංකිකයින්ට පුරවැසි භාවය, අධ්‍යාපනයට එන සිසුන්ට සහන වෘත්තීමය සුදුසුකම් ඇති අයට රැකියා යන ඒවා ගැන එරට නායකයින් සමග තීරණ ගැනීමයි රටට සෙත (නදී)
මෙතුමා පසු ගිය කලක ඇමරිකාවේ ලෝක සම්මන්ත්‍රනයක අමතනවා දුටුවා. මෙතුමා සමග එතන ඔක්කොම සිටියේ 5 දෙනෙකු පමණයි. (නදී)
මොකක්.? ජනාධිපතිවරණයට පෙර අලි හමුවෙලා..? අපේ ජනාධිපතිතුමාට බැහැ කිය කියා ඡන්දෙට සැරසෙනවද ? (නදී)
බලමුද අපි ඔහුට අවස්ථාවක් දීලා? (නි)
මහා ජන ගඟක් ගලලා වගෙයි (නි)
ගාමිණී කියන දේ වෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද? අපිත් මේ බංගලාදේශයේ දුක්විඳින්නේ නැතුව එනවා එංගලන්තයේ පදිංචියට. (නි)
ගාමිණී සිරිවර්දන මහතාගේ අදහස ටිකක් පැහැදිලි මදි. (නි)
ඇමරිකා -එංගලන්තේ යන්නේ ඡන්ද දිනන විදිය ඉගෙන ගන්නද ? (නදී)
බොහොම හොඳ තීරණයක් මහත්තයෝ (නි)
විදේශ බටහිර රටවලට ගොස් අපේ දේශපාලනය එම රටවලට අනුගමනය කරන්න කියලා දෙනවා ඇති (නදී)
මෙතුමාටත් අපි අවස්ථාවක් දීලා බලමුකෝ (නි)