IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ජනපති අපේක්ෂකයකුගේ නිති කැඩූ ගෝලයෝ 30 ක් පස්ස දොරෙන් ගෙදර යවලා

(සුජිත් හේවාජුලිගේ)

ඡන්ද නීති කඩ කළේ යැයි කියන  මුල් පෙළේ ජනාධිපති අපේක්ෂකයකුගේ  ආධාරකරුවන් තිස්  දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකර මුදා හැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රධානීන්ට  එරෙහිව පැෆරල් සංවිධානය  මැතිවරණ කොමිෂන්  සභාවට පැමිණිලි කර ඇත.

මෙම  ආධාරකරුවන් තිස්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ නීති විරෝධී ලෙස පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සිටියදී යැයි  එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙයට අමතරව මැතිවරණ පෝස්ටර් ඉවත් නොකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට එරෙහිවද  මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බව ඔහු සඳහන් කළේය.

සහකාර මැතිවරණ කොමසාරිස්වරයා දුන් උපදෙස් නොගෙන ඒ අය කටයුතු කර ඇති බවටද   තොරතුරු වාර්තා වී ඇතැයි හෙට්ටිආරච්චි මහතා කීවේය.

පොලිස්පතිවරයකු නොමැතිව තිබියදී බොහෝ පොලිස් ස්ථාන ඉතා හොඳින් මැතිවරණ රාජකාරී ඉටු කරද්දී සමහර නිලධාරීන් මෙලෙස පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම ලොකු කැළලක් ඇතිවන බවද  රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.



අදහස් (0)

ජනපති අපේක්ෂකයකුගේ නිති කැඩූ ගෝලයෝ 30 ක් පස්ස දොරෙන් ගෙදර යවලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 671 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 902 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 260 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 827 0

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 712 1

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 580 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site