නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල රැස්වීම ඇමතීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා ධුත පිරිස ඉරිදා (18) ඇමරිකාව බලා යාමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ලබන මස 19 වැනි දා සිට 26 වැනි දා දක්වා පැවැත්වෙන් අතර මෛත්‍රීපාල සිරිසේන මහතා සැප්තැම්බර් 21 වැනි දා සමුළුව ඇමැතීමට නියමිතය.
සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩල සැසියක් අමතන දෙවැනි අවස්ථාව මෙය වේ. ලබන මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව මෙවර තුන් ආකාරයකින් වැදගත්වේ. ඒ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව ඇමරිකාව සහ ජගත් සංවිධානය එක්ව සංවිධාන කරන සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පිළිබද සමුළුව නිව්යෝක් නුවරදී සැප්තැම්බර් 19 වනදා සහ 20 වැනි දා පැවැත්වීමයි. එම සමුළුව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා විසින් මෙහෙයවනු ලබන අතරල ඔහු මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ලබන්නේ අවසන් වතාවටයි.
වසර 10 ක් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ බෑන්කී මූන් ද මෙවර මහා මණ්ඩල සමුළුවේදී සිය සමුගැනීමේ දේශනය පැවැත්වීමට නියමිතය. දකුණු කොරියාවේ හිටපු විදේශ ඇමතිවරයකු වූ බෑන්කී මූන් ලබන වසරේ ජනවාරි මාසයේ නැවත සියරට බලා ගිය පසු එරට ජනාධිපති ධුරය සදහා තරග කිරීමට සැලසුම් කර ඇති බව සදහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළු කටයුතු සඵල වේවා! (නි)
ඊළඟ සැළසුම් ටිකත් අරගෙන එන්නකෝ (නි)
වශී කරලාවත් කරගන්න බැරි දේවල් අපේ ජනපතිට නිකන්ම ලැබෙනවා. මේවා හොඳ පාඩම් දේවාලේ කපුවො පස්සේ යන අයට (නි)
හැමතැනම යනවා. ඉස්සර නම් කිවුවේ කොහොමද? (නි)
එයාලා කරන හැම අණටම එකඟවෙන්න නම් එපා
සුබ ගමන් මහතාණෙනි! (නි)
චතුරි, ඔයාට මතක නැද්ද පහුගිය දවස්වල එතුමා අර ඉන්දියාවේ දේවාලයකට ගියා කියලා. රියදුරා නැතුව මොකක්ද කතාවක් තිබුනේ.
අර කියපු ඇමෙරිකාවේ බකිංහැම් පැලස් එකත් බලලාම එන්න මේ පාර. අපිටත් ෆොටෝස් එවන්න (නි)
මොනවගේ ප්‍රතිඵලයක් රැගෙන එයිද බලමු (නි)
ඔව් කුමාර මොනා කළත් මොන පැත්තෙන්ද දෙන්නේ කියලා ජනමත විචාරණයක් තියයි (බ)