අජිත් මාන්නප්පෙරුම ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දකුණු පාදයේ වළලුකරට අඟල් තුනක් පමණ උඩින් කපා දමා ඇති අතර අනෙක් පාදයට ද තරමක් හානි සිදු වී ඇතැයි වෛද්‍යවරු කියති.
ඔහු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මාන්නප්පෙරුම මහතාගේ සුවදුක් කෙසේදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ බිරිය දොස්තර මොනිකා මාන්නප්පෙරුම මහත්මියගෙන් කරුණු වීමැසීය.
අවශ්‍ය යමක් වේ නම් දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා ඇයට දන්වා තිබේ.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මාන්නප්පෙරුම මහතා බැලීමට රෝහලට ගියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා!!(දිල්)
ඉතින් පාඨකයන් අනෙක් රිය අනතුරු වලටත් මෙතන අනේ අපොයි කියලා කියනවා නේ. ලොක්කන්ගේ කරදර වලට විතරක් පාඨක භවතුන් කම්පා වෙනවා කියන චෝදනාව වැරදියි. එහෙම කියන්නේ ඉඳල හිටලා පුවත් කියවලා කාගේ හරි ප්‍රතිචාරයක් දැකලා කුලප්පු වෙන උදවිය. මේ පත්තරේ කාගේ හරි විපතක් ගැන සඳහනක් වුනොත් කුහකයන් එක්කෙනක් දෙන්නෙක් ඇරෙන්න අනෙක් හැමෝම ඒ ගැන සංවේදියි. (නදී)
දේශපාලනය මොන පක්ෂයේ උනත් අපි දන්නා විදිහට මාන්ප්පෙරුම මහතා වැදගත් කෙනෙක්. වෘතියෙන් ඉංජිනේරුවරයෙක්. බොරු කියන මිනිහෙක් නොවේ. එතුමාට පාදය අහිමි උවත් තව චිරාත් කාලයක් අප අතර ජීවත් වී සමාජයට සේවයක් කිරීමට ඉඩ කඩ ලැබේවා. දෙදෙනාටම ඉක්මන් සුවය පතමි. (නදී)
ධම්ම ඉන්නෙ ලංකාවෙද ලංකාවෙ නීතිය ක්‍රියාත්මක වන හැටි දන්නවාද? රියදුරු වෘත්තියේ වගකීම ඉටුකරන්න ගිහිල්ල අස්කලාම ඔය රස්සාවල් දෙනවද? රූපවතී බමුණු ආරච්චි ඒබ්‍රහම් සීයා ලංකාවෙ දේශපාලනය ගැන හරියට දන්නවා (නදී)
මාලි දැන් ඒ රියදුරු මහත්තයාට නැවත රස්සාව දෙන්නේ ඔබද? (නදී)
මිනිස්සු කොච්චර දේශපාලකයෝ පිළිකුල් කරනවද කියන එක මේ පාඨක අදහස් වලින් පේනවා. මෙවැනි හදිසි අනතුරක් පිළිබඳව ඔවුන් දාලා තියෙන අදහස් වලින් (නදී)
අජිත් ඔබට සියලු දෙවි පිහිටෙන් සහ තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා. (නදී)
තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුවය ලැබේවා(දිල්)
එතුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(දිල්) .
අනතුරයි දේශපාලනයයි අතර සම්බන්ධතාවය කුමක්ද? මේවා සිදුවන්නේ අප කරන ලද කුසල් මත. මෙතුමා මීට පෙර ආත්මයක කරන අකුසලයක් ගෙවෙන්න ඇති. කකුලක් අහිමි උනා කියල අදයිර්ය නොවී තව දුරටත් මේ රටට සේවය කරන්න ඉක්මන් සුවය පතමි. (නදී)
ඔහු හොද මනුස්සයෙක් (නදී)
ගමනක් යනවිට කට වරද්දගන්න හොද නැත. අදිවේගී මාර්ගය හදපු එකට විරුද්දව කතාකරලද ? (නදී)
කෙනෙකුට අනතුරක්, කරදරයක්, සිදුවූ විට ඔහුගේ තරාතිරම බලා "හොඳ වැඩේ ඔහොම වුණ එක"කියන එක වැරදියි.මන්ද ඒ වගේ දෙයක් ඔබට සිදුවුණොත් ඔබ කැමතිද වෙන අයෙක් ඒ විදියට ඔබට කියනවට. නැහැ නේද? (නි)
ඉක්මන් සුවය ලබා ජනතා සේවයට හැකි ඉක්මනින් එන්නට ලැබේවා. (නදී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා (නදී)
තාම අදිවේගී මාර්ගය හදපු එකට වරදක් කීව නැති එක පුදුමයි. මොකද අපේ අය බලන් ඉන්නේ වරදක් වෙනකන් තව කාලයක් ගිහින් කීයයි පාරේ ඇදයක් තිබුන කීයලා. මොක උනත් ඔබට ඉක්මන් සුවය ලැබේවා ! (නදී)
මිත්‍රය, ඔබට ඉක්මන් සුවය! (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
අපි ඔබට ඉක්මන් සුවය පතමු. ඔබට දිරිය ශක්තියෙන් ඉදිරියට යාමට තෙරුවන් ගුණ බලය හා සතර මහා දෙවිවරුන්ගේ ශක්තිය ආශිර්වාදය ලැබේවා! (නි)
සුරන්ජිත් ලාල්, මම මැරිලා ඉපදුනු කෙනෙක්වත් බත් පතට, බීම විදුරකට, ජාතියක් රටක්, සිදු වීම අමතක කරන්න පුළුවන් කෙනෙක් නොවෙයි. පාට අපිට කෙසේවත් අදාළ නොවන අතර බහුතරයක් වශයෙන් අපේ රටට ජන ජීවිත අපේ අනාගත දරු පැටවුන්ට විදින්න සිදු වූ කාලකන්නි ඉරණම විසදන්න කල්පයක් ගියත් මේ දේශයට බැරි වග පෙනෙනකොට ශ්‍රී ලාංකිකයෙක් හැටියට හිතට වාවන්නේ නැහැ. ඒ දුක දරා ගන්න බැරි නිසයි මේ වගේ සිතුවිලි හදවත ඇතුළාන්තයට ගලා ගෙනවිත් ඇගිලි තුඩෙන් පිට වෙන්නේ (නදී)
පොලිස් නිලධාරී මහතටත් ඉක්මන් සුවය පතමි . (ස)
මම දන්නා හැටියට මෙයා හිත හොද මනුස්සයා. අපරාදේ මෙහෙම උනේ. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (නදී)
ඉක්මන් සුව ලැබේවා ඔබ සියලු දෙනාට (නදී)
ඔබට ඉක්මන් සුවය ලබා යලි ජනතා සේවයට එකතු වීමට ලැබේවා! කියා පතමි. (නදී)
මන්ත්‍රී තුමාගේ ආරක්ෂාවට ගිය නිලධාරියගේත් දකුණු කකුල බරපතල විදියට තුවාල වෙලා කියල ආරංචියි. ඒ මනුස්යට කොහොමද කියල කිසිම තැනක සදහනක් නැහැ. ඒ මිනිහ මලත් එච්චර තමයි. කොහොම වුණත් දෙන්නටම ඉක්මනින් සනීප වේවා කියල ප්‍රර්ථනා කරමු. (අ)
හරිම කනගාටුයි. නොසැලිකිලිමත් රිය දාවනය නිසා වෙච්ච හරියක්. (නදී)
නපුරු කලට සත හට පැමිණේ විපත කිව්වාලු. මේ දවස් වල අහන හැම දෙයක්ම කාට හරි රිය අනතුරක් මරණයක් කරදරයක් නේද ? මෙතුමාට ඉක්මන් සුවය පතමි. (නදී)
කෙනෙකුගේ දුකකදී ජාති' ආගම් , පක්ෂ වලින් තොරව පිහිටවන ජාතියක උපන් අපි. ඔබට ඉක්මන් සුවය ලැබේවා (නදී)
පාදයක් කැපුවයි කියන්නේ ඉතින් කියල වැඩක්ම නැහැ ඒ ගැන. (නදී)
මෙයාගේ ජීවිතේ බාගයක් හරි ඉතුරු උනා. යැපෙන්නේ මහජන මුදලින්, දැන් ඔය සිදු උන ඇක්සිඩන්ට් එකේ වන්දිත් එයාලට ජීවිත කාලෙටම හරියන්න අසරනයින්ගෙන් බදු මුදලින් පියවා ගනීවි. එ්ත් හිතන්න දුප්පත් මිනිහෙක්ගේ කකුල කැපුවොත් ඔය වගේ දෙයකින් කව්ද පවුල නඩත්තු කරන්නේ ? අවාසනාවන්ත විදියට දිනකට මැරෙන අසරණයෝ ගැන කිසිවෙකු හඩ නගන්නේ නැහැ , මැති ඇමැතිලාගේ ජීවිත පමණද ඉස්තරම් ජීවිත, ඔය සේරමලගේ කකුල් කැපිල යනවා නම්, එදාට හැමෝටම තේරෙයි මිනිස් ජීවිතයක වටිනාකම. (නදී)
මන්ත්‍රී තුමාට ඉක්මන් සුවය ලැබේවා, ජනාදිපති තුමා ඉතා සංවේදීයි. මොනරාගල මැරයෝ අදම මෙල්ල කොට ජනතාවට සාදාරනය ඉටුකර දෙන්ඩ මැති තුමනි. (නදී)
රනිල් මහතා ලෙඩා බලන්න ආ එක හොද දෙයක් එ්ත් යමක් දන්න මනුස්සයෙක් විදිහට කබායක් නැතිව අයි.සී.යු එකට ඇතුල් වෙන එකනම් වරදක් මෙතන ඉන්න හෙදියත් ඩොක්ටත් ලොකු වරදක් කරන්නේ (නදී)
තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවා (නදී)
ධම්ම ඔයාගෙ කතාව වැරදියි. මේ අයට ඕන විදියට වාහනේ එලෙව්වෙ නැත්නම් රස්සාව නැතිවෙනවා. කොහොමත් මේ අයට යන්න ඕන පස්සෙන් කොටි පන්නනවා වගේ. සාමාන්‍ය පාරවල්වල යනකොටවත් හෙමින් ගමනක් තියෙනවද පාරෙ තවත් මනුස්සයො යනවයි කියල හිතන්න මොලයක් තියෙනවද (නදී)
අපරාදේ රටට සේවයක් කරන්න හිටපු විද්වතෙක් නිකන් ජරා දේශපාලනේට සම්බන්ධවෙලා අමාරුවේ වැටුනා. (නදී)
රුපවති, ඔයානම් අපේම ගමේ කෙනෙක් වගෙයි (අ)
බලන්න රියදුරු වෘත්තියේ වගකීම නොදත් මිනිසෙකු නිසා සිදුවී ඇති අපරාධය.(නදී)
සාමාන්‍ය මිනුස්සු කි දාහක් ඔය තත්වයට පත් වෙනවද, කෝ ඒ ය ගැන හඩක්. දැඩි සත්කාර ඒකකය කෙසේ වෙතත් නිදා ගන්න ඇඳක් දුප්පතාට ලැබුනොත් ඒක ලොකු වාසනාවක් (අ)
රූපවතී කිව්වා වගේ ඔය මැති ඇමැතින් හැමෝගෙම කකුල් කැපුනොත් අනිත් අයගේ දුක ටිකක් හරි දැනේවි. ඔය පක්ෂ භේදත් දේශපාලුවෝ අතර නැහැ. ඒ කට්ටිය එකමුතු වෙනවා මිනිස්සු රවටන්න. පස්සෙන් යන ගොන් රැල තමයි මිනි මරා ගන්නේ. (නදී)
කරගෙන හිටිය රක්ෂාව කෙතරම් හොඳද නුතන දේශපාලනයට වඩා . අද එහෙනම් කකුල් දෙකම තියනවා . මේ දේශපාලනය උගතුන්ට හරියන්නේ නැහැ (අ)
මැති ඇමැතින් හැමෝගෙම කකුල් කැපුවත් උන්ගේ මුදල් හොරෙන් හම්බ කිරීමේ ආසාව නැතිවෙන්නේ නැහැ. එක්කෙනෙක් පිට රටකදී වැටිලා කකුල කඩා ගත්තා නේද? (අ)
නිල් පාට කෙනෙකුට ඔහොම වුණා නම් රුපවති ඔය කතාව ඔහොම කියන්නේ නැහැ මොකද රුපවතිගේ කතාවෙන් පේනවා මොන පටද කියල (අ)
රියදුරු වෘත්තියේ වගකීම කියා කියන්නේ අනුන් කියන කියන විදියට පාගලා යන එක නොවෙයි මාලි. කෝ දැන් රස්සාව ආරක්ෂා වුණාද? (නි)
විපතේදී පිහිටවීම අපි සතු උතුම් ගුණාංගයක් (නි)
පොලිස් නිලධාරියෙක් වගකීම පෙන්වා දෙන්න ගියා නම් ඔහුගේ තත්වය මොකක්ද? එම නිසා මේ සිදුවීම ගැන වැඩිය හිතන්න යන්න එපා ,අපේ අය. (නි)
අර එක්කෙනෙකුට වේගය ගැන කියාදෙන්න ගිය පොලිස් නිලධාරියෙකුට වුණ දේ ගැන අපි පත්තර වලින් කියෙවුවා. එමනිසා මෙතනදී පොලිස් නිලධාරියෙක් ඉදිරිපත් නොවීම ගැන මම බොහොම සතුටුවෙනවා. (නි)
දේශපාලුවන් වෙනුවෙන් දුක්වීම මා හට නම් කළ නොහැකි දෙයකි. (නි)
සුවදුක් විමසුවා කියන්නේ අපේ හෙළ සිරිතේ එන යහපත් ගුණාංගයක්. හැබැයි රටේ අනතුරු වැළැක්වීමේ පියවරකට අත ගහන එකත් සිදුවිය යුතුයි. (නි)