IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

නිමන්ති රණසිංහ සහ ජයමාල් චන්ද්‍රසිරි

 කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක මහතා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කොළඹ හෝටලයකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මධ්‍යම රාත්‍රී 12ට පමණ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 27/9, රොස්මිඞ් පෙදෙස, කොළඹ 07 ලිපි නැති එම්. ජී. ෂුගර් ලංකා පුද්ගලික සමාගමේ ප‍්‍රධානී කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා නැමැති ඉන්දීය ජාතිකයා විසිනි.

ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර්   පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමකට අයත්  යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට  අල්ලස් වශයෙන් රුපියල්  මිලියන 540 ක් ඉල්ලා එය රුපියල් මිලියන 100 ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20 ක් අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි සැකකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා ඇත.

ආචාර්ය අයි එච් කේ මහානාම මහතා මීට පෙර ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයතු කර ඇත.

 

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (51)

ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

Appuhami Thursday, 03 May 2018 07:51 PM

මිට පෙර ගත්ත ඒවත් සොයා බලා ඔක්කොම රාජසන්තක කර දඩුවම් දෙන්නයි ඕන.

:       109       1461

GUNARATHNAFriday, 04 May 2018 02:04 AM

රනිල් මහත්තයෝ, ඔබතුමා ආයෝජකයෝ හොයනවා රටේ ආයෝජනය කරන්ට. එන ආයෝජකයන්ගෙන් අල්ලස් ගත්තම ඒ අය අාපහු හැරිලා යනවා. මීට පෙර මේ වගේ කොපමණ මුදලක් හොයන්ට ඇතිද අල්ලස් වලින්...? කොමිස් ගත්ත කිව්වා. දැන් මොනවද මේ වෙන්නේ...? ජනාධිපති විපක්ෂයේ ඉන්න හොරු අල්ලන්ට හදනවා. එතුමා දන්නේ නැහැ එතුමා ළඟ ඉන්න හොරු ගැන. දැන් රනිල්ගේ පසුපෙළ කට්ටිය උඩ පනිනවා ඇති...

:       282       199

soma dubayi Thursday, 03 May 2018 08:01 PM

මේ මහත්වරු දෙදෙනා නිදහස් කරන්න,

:       1       11

කසුන්Friday, 04 May 2018 11:35 AM

ඔහොම තමයි ඉන්න ඕනේ.

:       0       7

පිටිගල මිලානෝ Thursday, 03 May 2018 09:00 PM

කෝටි පනස් හතරක්? අනේ මේ හොරු අල්ලන්න. පින්සිදුවෙයි.

:       1       24

Bamunuarachchi Friday, 04 May 2018 12:14 AM

මිනිසුන්ගේ අවංක භාවයට වටිනාකමක් තිබෙනවා කියලා මම කියන්නේ ඔන්න ඔය නිසයි. රුපියල් ලක්ෂයක අල්ලස නොගෙන අවංකභාවය පෙන්වන මිනිස්සු රුපියල් කොටි 2ට යට වෙනවා. ඉතින් එයාලගේ අවංකභාවයේ වටිනාකම කෝටි 2 යි. හැබැයි එයාලා මහත්වරු. රු 5000කට අල්ලස අරන් අසුවන කෙනා නිකම්ම නිකන් පුද්ගලයෙක්...

:       0       3

dingirala Friday, 04 May 2018 12:25 AM

ජනාධිපති තමන්ගේ සේවය සඳහා ලංකරගෙන ඉන්න අයගේ තරාතිරම මේවයින් පේනවා. හෙනගහල යකඩ ගිනිගත් තැනක... පුළුන් ඉතිරිවෙලා තියනවද කියා බැලීම නිෂ්ඵල ක්‍රියාවක් බවට තවත් හොඳ උදාහරණයක් තමයි මේක...

:       0       54

ලුම්බිණි Friday, 04 May 2018 12:28 AM

දූෂණය පටන් ගන්නේ කොතන ඉඳලද කියලා මේකෙන් පේනවා.

:       0       67

Jerami Friday, 04 May 2018 12:35 AM

අනේ අම්මපා මේ අයට විලි ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද?

:       0       57

sam Friday, 04 May 2018 01:10 AM

දැව සංස්‌ථාවේ සභාපතිවරයා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ලේකම්වරයකු නේද? මදැයි කට්ටිය පිරිසුදු පාලනයකට බලයට අාවා..

:       3       317

Gandaya Friday, 04 May 2018 01:45 AM

එතකොට ආයෙත් විශ්වාසභංගයක් එනවද?

:       0       50

sarath Friday, 04 May 2018 01:47 AM

ලේකම්ලා බහුතරයකගේ වත්කම් බැලුවොත් පෙනෙයි මෙයාලගේ රංගනය කොහොමද කියලා. කොහොම වෙතත් මෛත්‍රී ජනාධිපති කලින් හොරු රැක්ක මහින්ද හෝ හොරු හංගපු රනිල් වගේ නොවීම ගැන සතුටු වෙන්න ඕනේ. කෙසේ වෙතත් අපිට ඕනේ ප්‍රතිඵල, නාට්‍ය නෙවෙයි !!!

:       202       377

dasunFriday, 04 May 2018 09:36 AM

මේවා හෙව්වේ ජනාධිපති නෙවෙයි. අල්ලස් කොමිසමෙන්. පොඩ්ඩක් ඇහැ ඇරලා කියවන්න. දැන් පත්තරේ ගිය නිසා එතුමා දැනගනීවි...

:       3       382

rocky Friday, 04 May 2018 02:13 AM

බෙදා හදා ගෙන කන කෑමක් බව සිතිය හැකිය. මෙච්චර කාලයක් තව කොච්චර ගසා කන්න ඇද්ද? මේ කේස් එක ලොක්කා බේරා ගනීවි කියලා හිතෙනවා. කාර්යක්ෂම නිලධාරීන් නැතුව සංවර්ධනය වෙන්න බැහැනේ!

:       2       128

lalithsjm Friday, 04 May 2018 02:24 AM

මෙවන් ජාතික අපරාධ කරන අයට දැඩි දඩුවම් දිය යුතුයි. අවසානයේ වෙන්නේ මොකද්ද කියල මාධ්‍ය අවධානයෙන් සිටිය යුතුයි. සත්‍ය මහජනතාවට හෙළි කල යුතුයි.

:       0       37

ramani Friday, 04 May 2018 02:26 AM

හරි හෝ වැරදි හෝ සිල් රෙදි ටික නම් අඩු ගානේ අනුන්ට දුන්නේ. මේ තමන්ටනේ දීගන්නේ.

:       71       1201

sensa Friday, 04 May 2018 02:29 AM

මේ වගේ අය ඉන්නකම් රටක් සංවර්ධනය කරන්නේ කොහොමද? රාජ්‍ය සේවයේ ඉන්නකම් පගා ගහලා විශ්‍රාම ගිහිල්ලත් දූෂිත දේශපාලකයින්ගේ කරේ එල්ලිලා ආපහු සභාපතිකම් අරගෙන කරන නිර්ලජ්ජිත වැඩ මේවා. අනිත් සියලුම හොරුන්ට දැනෙන්න උපරිම දඩුවම් දෙන්නට දෙන්න රටේ නීතියට හැකි වුණොත් රටේ ස්වාධිපත්තිය ගැන ජනතාවට යම් තරමින් හෝ බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්.

:       0       418

Saththaya Friday, 04 May 2018 02:39 AM

මේ පුරුදු එකමත් එක රටක රජ සමයක පුරුදු පුහුණු කරපු දේවල් . ඒවාට තමය් අපි දැන් බදු ගෙවන්නේ . දැන් මේවා නතර කරන්න බැහැ. තවමත් රජයේ කොන්ත්‍රාත් , වෙනත් දේවල් වලින් මෙවැනි දුෂිත ක්‍රියා වෙන්නේ පවුල් වලින් .

:       913       789

dasun Friday, 04 May 2018 09:35 AM

සමහරු ඕස්ට්‍රේලියාවේ ඇපල්වතු ගත්තේ 1977 - 80 ගණන් කාලේ. ඔවුන්ගේ මස්සිනාලා තමයි අදත් ඒ දේපල බලන්නේ... ඒ හම්බකළෙත් ආයෝජකයන්ගෙන් කාලා තමයි. නැත්නම් කොහෙද අපේ ඇමතිලාට ඔච්චර සල්ලි ලැබුනේ...? අන්න ඒ පුරුද්ද තමයි අදත් යන්නේ... රජ සමයක නෙවෙයි ධර්මිෂ්ඨ සමයක කරපු දේ කියන්න. හැබැයි ජේ.ආර්. ලොක්කා නම් ඔහොම කෑවා කියලා අහලා නැහැ.

:       0       60

chris Friday, 04 May 2018 03:00 AM

පවු අල්ලස් කොමසාරිස් ,යන්න තැනක් හොයාගන්න වෙයි.

:       58       51

sumith Friday, 04 May 2018 03:12 AM

අපරාදේ කියන්න බැ මිනිස්සු දැන් බය නැතුව හොරු අල්ලලා දෙන්න ඉදිරිපත් වෙනවා, පහුගිය ආණ්ඩුව කාලේ මොනතරම් ඔය වගේ හොරු ඉන්න ඇද්ද , ඒවා අල්ලන්න කව්රුවත් නැහැ නේ , අන්තිමට තව ටික දවසකින් පහුගිය ආණ්ඩුවේ හොරුම රජ වේවි

:       196       497

Kumari Friday, 04 May 2018 03:16 AM

ලැජ්ජය් මහත්තුරුනේ. මෙච්චරකල් ඉහලින්ම වැජබුනේ ඔය වැඩවලින්ද. හත්මුතු පරම්පරාවටම හම්බකරලා නේද ?

:       2       148

මල්ලි Friday, 04 May 2018 03:22 AM

මහින්ද ආවානම් සභාපතිගෙන් අල්ලසක් අරගෙන මිනිහව නිදහස් කරයි...

:       952       991

anushi Friday, 04 May 2018 03:30 AM

හම්බන්තොට වරයා වගේ ලඟදි විකුනපු ගේම් ගැනත් බලන්න ඕනි

:       35       85

Sathya Friday, 04 May 2018 03:39 AM

ජනාධිපතිතුමාගේ කඩුව කැපෙවිද කියල බලමුකෝ.බලයට ආව දවසේ ඉදන් මුවහත් කරනවා විතරනේ.මුවහත් කරලම දැන් මිට හරියටම ගෙවිල තියෙන්නේ.අප්පුහාමි මහතා කියනවා වගේ සියලු වත්කම් රාජසන්තක කරලා, ජීවිතාන්තය දක්වා සිරගත කරන්න ඕනි අනිත් හොරුන්ටත් දැනෙන්න.

:       0       189

චන්දුාණි Friday, 04 May 2018 03:43 AM

ජනාධිපති කාර්ය මණ්ඩලය රටට දිල තන අදර්ශය නියමයි. යහපාලනය ?

:       90       95

Sisira Friday, 04 May 2018 04:04 AM

ප්‍රධානින් දැන් අල්ලසේට පුරුදු වෙලා

:       0       92

කුමාර Friday, 04 May 2018 04:06 AM

කෝටි 54 ක් ඉල්ලා තියෙන්නේ මේ දෙන්නට විතරක් වෙන්න බෑනෙ.... ඕකෙ මහ මොලකාරයෙකුත් ඇති.... ඒවා ඉතින් එලියට එන්නේ නෑ කවදාවත්....

:       40       516

SunilFriday, 04 May 2018 04:49 AM

කතාව නම් ඇත්ත කුමාර මහත්තයෝ.

:       0       29

දිලුම් Friday, 04 May 2018 04:27 AM

පරිපාලන සේවය වගේ ඉහල සේව‍ාවන් වලටත් මුන් වගේ නිලධාරින් පිළිලයක්. රටේ අහිංසක ජනතාවට සේවයක් සපයන්න දිවුරුම් දිල උන්ගේ ඊඩිමාංශ උරා බොනවා. නිලධාරියො වගේම දේශපාලුවොත් එකෙක් දෙන්නෙක් මේවගේ අල්ලස් ගන්නකොටම අත්තඩංගුවට ගත්තනම් මේ රට අද අගාධයට යන්නේ නෑ. නියපොත්තෙන් කඩන්න තියන දේ පොරොවෙන් කපන්න වෙනකම් ඉන්න එකයි ලංකාවේ දුර්වලකම

:       0       163

padmini Friday, 04 May 2018 04:56 AM

පේනවනේ මුහුණු වල තියෙන හඩු පාට. මේක මේ පලවෙනි අල්ලස වෙන්ට බැහැ. ජනපතිගේත් පටි රෝල් නේද? මට පුදුම රටේ ජනතාව මේ ක්‍රමයට විරුද්ධව නැගී සිටින්නේ නැති එක.

:       0       31

gamaathi Friday, 04 May 2018 05:06 AM

රාජකාරි නියමලෙස ඉටු කිරීම ගැන අල්ලස් දෙපාර්තමේන්තුවට ස්තුති කලයුතුයි.

:       4       83

Chanak los angeles Friday, 04 May 2018 05:59 AM

මේ වැදගත් මහත්වරු දෙන්නෙක්. යහපාලන රජයේ හොරු නැහැ.

:       0       7

GOBBAYA Friday, 04 May 2018 06:31 AM

අපේ උත්තමාචාරය අල්ලස් කොමිසමට.

:       2       120

Ajith Friday, 04 May 2018 06:37 AM

මේ වගේ අයගෙන් නඩු අහල වැඩක් නෑ. දේපොල රාජසන්තක කරන්න ඕනි. එච්චරයි.

:       0       22

ලකිත් ශ්‍යාමන් Friday, 04 May 2018 06:42 AM

කෝටි 54 ක අල්ලසක් ඉල්ලන්නේ මේ නිළධාරියාට විතරක් වෙන්න බෑ. ඒ ගැනත් හෙව්වොත් හොදයි කියලා හිතෙනවා. ඉන්දීය ජාතිකයෙක් නිසා පැමිණිලි කරා. ලංකාවේ කෙනෙක්නම් කප්පම දීලා වැඩේ කරගෙන...

:       0       24

Asanka Friday, 04 May 2018 06:43 AM

කන්තලේ සීනි සමාගම ඉන්දියානු සමාගමකට දෙන්න කැබිනට් තීරණයක් ගැනීම සදහා රටේ ඉහලම නායකයෙක් කෝටි 54 ක් ඉල්ලලා, කෝටි 10 කට එකඟ වෙලා, ඇඩ්වාන්ස් කෝටි 2ක් ගනිද්දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති අල්ලස් නිලධාරීනට කොටු වුන බව අපි දැක්ක වෙනත් පත්තරවල, පැහැදිලිවම කැබිනට් තීරණ ගන්න නිළධාරින්ට බැහැ. මේ නිළධාරින් මෙහෙයවලා තියෙන්නේ දේශපාලන නායකයෙක්. ඔහුවයි අල්ලන්න ඕන

:       0       96

ramanFriday, 04 May 2018 07:58 AM

ඕස්ට්‍රේලියාවේ සමාගමක් අමාරුවේ වැටුනා ලංකාවේ එවකට හිටි මහා විශාල ඇමති කෙනෙක් ඔහුගේ කාර්යමණ්ඩලයේ කෙනෙක් හරහා ඉල්ලපු අල්ලස දුන්න කියලා. ඒ වගේද මේකත්.

:       14       96

rahaulFriday, 04 May 2018 10:20 AM

මොකද මේකට ඩිස්ලයික් දාන්නේ...? මේ කතාව ඇත්ත. ලෝක බැංකුවට වැඩේ අහුවෙලා ස්නොවී මවුන්ටන් ඉංජිනියරින් සමාගම ගැන හොයනකොට ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව ඒ ගැන තව හොයන්න කියලා ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසියට නියෝග කළේ 2016 දීය. ඒ ගැන ඕස්ට්‍රේලියාවේ පත්තරවල ගියාම අපේ රටේ ලොක්කෙක් ඒ ගැන බොහොම අමාරු වෙලා ඕස්ට්‍රේලියාවේ පත්තරවලට විරුද්ධව කටයුතු කරන්නත් ගියා. අන්තිමේදී ලෝක බැංකුව ඕස්ට්‍රේලියානු සමාගමට අල්ලස් දුන්නට විරුද්ධව පියවර ගත්තා. ඒ සියලුම දේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ලාංකිකයින්ට ලැජ්ජා හිතෙන විදිහටයි පළවුණේ.

:       16       28

naradhaFriday, 04 May 2018 12:33 PM

රාහුල් කියන කතාව ඇත්ත. මොකද මේකට ඩිස්ලයික් දාන්නේ? මේ ඩිස්ලයික් දැමිල්ලෙන් පෙනෙන්නේ දැන් අල්ලස, වංචාව සමහරුන්ගේ ඇටමිදුළුවල තැන්පත්වෙලා තියෙන්නේ. ඒ දෙය හරි දෙයක් කියලමයි පෙනෙන්නේ. මේ අල්ලස් ගැනීම නිසා තමයි අද විදේශ ආයෝජකයින් ලංකාවට එන්නේ නැත්තේ...

:       0       29

ravin Friday, 04 May 2018 06:49 AM

පරිපාලන සේවයේ අවුරුදු කීයක්ද? දැන් ඉතින් විශ්‍රාම වැටුපට මොකද වෙන්නේ? තණ්හාය ජායති සෝකෝ. හොඳ පාඩම්, හොඳ පාඩම් අනික් අයට හොඳ පාඩම්.

:       0       11

raheem Friday, 04 May 2018 06:52 AM

ආචාර්යවරු කියන්නේ මොනතරම් උසස් උගත් අයද? මේ අය මෙහෙම ජනාධිපති ලංග ඉඳලා මෙහෙම හොරකම් කරනවානම් රටට දෙවියන්ගේම පිහිටයි. මේගොල්ල ජනාධිපතිගේ අඟේ ඉදන් කන කාලා.

:       0       24

bandara kuwait Friday, 04 May 2018 06:52 AM

මෙතරම් උගත් මිනිසුත් මේවගේ වැඩ කරනවානම් අන් අය ගැන කවර කතාද.?

:       0       21

latha Friday, 04 May 2018 06:59 AM

අපෙන් බදු ගහ ගහ හොරකමේ යන යන අයට කවදාවත් හොඳක් වෙන්නේ නැහැ.

:       0       7

amali Friday, 04 May 2018 07:13 AM

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න මේ මිලියන 20 ගත්ත දෙන්නා වගේ උන්නන්දුවක් තිබුනා නම් තමයි හොඳ.

:       0       112

wimal Friday, 04 May 2018 07:16 AM

ඉන්න තැනක්වත් නැති කී දෙනෙක් මේ රටේ ඉන්නවද අපේ පඩිය කීයද අපි හොරකම් කරලා නැහැනේ...

:       0       1

පිටිගල මිලානෝ Friday, 04 May 2018 08:08 AM

බොහොම හොඳයි? අවුරුදු මිලියන් එකකටවත් අච්චු කරයි.

:       0       10

Athula Friday, 04 May 2018 08:45 AM

හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස්. අැත්තටම පාලකයින් කාගෙ වලද මේ කපන්නේ?

:       0       11

wijesena Friday, 04 May 2018 09:24 AM

මේ එකමත් එක රජ සමයක් නොව, එකමත් එක රැජිනියකගේ කාලේ අයයි... තවමත් ඖෂධ ව්‍යාපාරයට පවා මේ මහත්තයා උදව් කරන්නේ ඒ රැජින තමයි.

:       15       58

smith Friday, 04 May 2018 12:08 PM

එතකොට කවුද හොරා !!!

:       0       6

rasika Friday, 04 May 2018 02:25 PM

දැන් අර්ජුන් මහේන්ද්‍රන් කියන කෙනා ගැන කතාවක් නැද්ද? මාධ්‍යය ඒ ගැන කතාකරන්න ඕනේ... අනෙත් රටවල මාධ්‍යය තමයි ගොඩක් වංචා, දූෂණ හෙළිකරන්නේ. ඒවාට දඬුවම් දෙනකන් පස්සෙන් ඉන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 126 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 187 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2644 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 762 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 245 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 608 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 517 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site