ජනාධිපතිතුමා අසනීප වී බෙහෙත් ගන්නට ඇමෙරිකා ගිය බවට විවිධ කතා ෆේස් බුක් මගින් ද ප්‍රචාරය කරමින් විපක්ෂය කාලකන්නි සතුටක් ලබතියි ආපදා කළමණාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා හුන්ගමදී පැවසීය.
‘ජනාධිපති තුමා ඉතාමත් නිරෝගීයි.එතුමා තව කළක් මේ රටේ පාලනය ගෙන යන බව කියන්නට කැමැතියි.ජනාධිපතිතුමා ඇමෙරිකා ගියේ පෞද්ගලික සංචාරයක් සඳහා.සමහරුන් ඒ ගැන මඩ ප්‍රහාර එල්ල කරනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොබෙල්ස් ඔබේ අදහසට මම සියයට සීයක්ම එකගයි (නදී) ගොබෙල්ස්.ඔබගේ අදහසට මමත් 100% ම එකගයි. .
පෞද්ගලිකව ප්‍රතිකාරයකට යාම පෞද්ගලික සංචාරයක් නේන්නම්. (නදී)
අනේ මන්දා, සංචාරේ යන්නෙත් ඇමරිකාවේ, බනින්නෙත් ඇමරිකාවට. (නදී)
පව්ලේ හැම දෙනාම ඇමරිකන් පුරවැසියෝ. ඔවුන් යනවා එනවා (නදී)
තව කලක් පාලනය කරන්න. හිනෙන් තමයි. (නදී)
ගොබෙල්ස් නමින් දාලා තියන අදහස හරි ,ඇත්ත තත්වය අපි දන්නවා.(අ)
ජනාදිපතිතුමාට ජයවේවා ලෙඩක් දුකක් තියෙනවානම් සුවපත් වේවා. (අ)
මේ ජනාධිපති තුමාට විපතක් වෙලා යයි සිතා සතුටක් විදින අයත් ඉන්නවා. (අ)
මීට කලිනුත් ඔය විධියටම ප්‍රචාරයක් අරගෙන ගියා.මේ කථා වලින් වෙන්නෙ පරාජය කරන්න බැරි නිසා අසනීප කියලවත් හිත හදාගන්න විපක්‍ෂය අන්ත අසරන වෙලා කියලා මිනිස්සු හිතන එක. (අ)
ඔය කට කතාව ඇත්තක් නම් මැති ඇමතිලාට කුමක් වෙයිද? (අ)
ඇමතිතුමෝ, ජනාධිපතිතුමා ප්‍රතිකාර ගන්න ගිය රෝහලත් අපි දන්නවා. ඉතින් කෙනෙකුට අසනීප වෙනවා කියන්නේ ස්වබාවික දෙයක්නේ. ඕක ඔබතුමා හංගන්න හැදුවට හංගන්න දෙයක් නොවේ. එතුමට නිරෝගී සුව. (නදී)
බැන බැන අැමරිකාවටමයි රිංගන්නේ. (නදී)
හැමදාම කියන කතා කියලා ජනතාව රවටන්න බැහැ (නදී)
රට කොටින්ගෙන් බේරාදුන් අපේ ජනාධිපතිතුමා අපේ ආයුෂත් අරගෙන තවත් දිගු කාලයක් මේ රට පාලනය කරන්න කියා මම පතනවා! (නි)
මෙලොව හැම මිනිසාම අසනීප වෙනවා. ඒ මත සතුටුවන එක වැරදියි. එතුමාට දීර්ඝායු! අපි අද මෙසේ බියක් නැතුව ජීවත්වන්නේ එතුමා නිසා. (නි)
එතුමා නැත්නම් අපිට මෙහෙම නිදහසේ ඉන්න ලැබෙන්නේ නෑ කියනදේ බොහෝ දෙනාට අමතක වෙලා. අසනීපයක් ඇත්නම් එතුමාට ඉක්මන් සුවය ලැබේවා. ඔබට ජය ජනපති තුමනි (නදී)
ජනපති තුමා සංචාරය කරයි. රටත් සංවර්දනය වෙමින් පවතිනවා.අපි තාම එතනමයි.ජනපති තුමා අපි ගැනත් බැලුවොත් හොඳ නැද්ද ඡන්දෙට ඉස්සෙල්ලා. (ස)
ලෙඩක් දුකක් තියෙනවා නම් සුවපත් වේවා. (නදී)
ජනාධිපති තුමාටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් නීරෝගී සැප පතමි. (නදී)
අපි සැම ලෙඩ වෙනවා. බුදුන් පවා ලෙඩ වු බැව් කියැවෙනවා. එතුමාට අසනීපයක් නම් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.එතුමා දිගු කලක් ජීවත්විය යුතුයි. (නි)
බොරුව ටික කාලයයි (නි)
"බොහෝ දෙනෙකුව ටික කලක්ද, ටික දෙනෙකුව බොහෝ කලක්ද රැවටිය හැකි මුත් බොහෝ දෙනෙකුව් බොහෝ කලක් රැවටිය නොහැකිය".(අ)
බොරුවෙන් රවටන්න පුළුවන් ටික කාලයයි
එතුමා කොහේ ගියාම කාටවත් මොකෝ? (නි)
කෙසේ නමුත් එතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු පතමු. (නි)
දන්නේ නැති නිසා අහන්නේ අයුබෝවන්ඩ, ඔය රටවල් අපිට හතුරුකම් කරනවා කිය කියා කෑ ගහන ගමන් ඕවගේ යන්නේ මොකටද ? සමහරවිට මගේ හිතේ පෞද්ගලික මට්ටමින් තරහක් නැතුව ඇති. එ්කනේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යන්නේ නැතුව පෞද්ගලික මට්ටමින් යන්නේ.(නදී)
අපි දන්නවනේ, මේක ගිනි නැතුව දුම් නගින කාලයක්නේ. (නදී)
ඉතින් මොකෝ මේ ඇමති තුමා කලබල වෙලා ? ජනපතිතුමාවත් එහෙම මොනවත් ප්‍රසිද්ධියේ කිව්වේ නැහැනේ. මේ වතුර හිඟ නියන් කාලේදී ඔබතුමාගේ ආපදා කළමනාකරණය මිසක් ෆේස් බුක් කළමනාකරණය අවශ්‍ය නැහැ නේද ? (නදී)
සදාචාරාත්මක අනුව රටක ප්‍රථම පුරවැසියාගේ ආගිය කටයුතු ගැන මහජනතාව දැනුවත් කළයුතු වන්නේය. (නි)
ඔය විදියට කෑගහන එකෙන්ම තේරෙනවා මට නම් යමක් (නි)
පෞද්ගලික සංචාරයක් කිව්වේ?(අ)
කවුරුත් ලෙඩවෙනවා තමයි (නි)
මේවා කරලා කාටවත් සෙතක් වෙන්නේ නැහැනේ (නි)
ඉපදීම, මහලුවීම, ලෙඩවීම සහ මරණය මේ රටවල නම් සළකන්නේ සාමාන්‍ය දෙයක් හැටියටය. ඉතාලියේ ධනවත්ම පුද්ගලයාව සිටි ෆියට් ආයතනයේ අයිතිකරු ජෝවන්නි අනියෙල්ලි මහතාට පිළිකාවක් වැළදී ඇති බව දැනගත් විට ඔහු මාධ්‍යයට කිවුවේ ඔහු සහ ඔහුගේ ලෙඩේ ගැන සංවේදී කතා නොලියා පිළිකාවෙන් ලෝවැසියා ගළවාගන්න බෙහෙතක් සොයන්න උදව් කරන ලෙසයි. (නි)
අයියෝ! මේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද ඇත්තටම? ඉතින් බෙහෙත් ගන්න ගියා කියමු. ඉතින් මොකද්ද තියෙන වැරැද්ද? ඕක ෆේස් බුක් වල දාන්න දෙයක්ද? (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ? (නි)
ඉතින් ගියේ බෙහෙත් ගන්නම කියමුකෝ. මොකක්ද මිනිසුන්ට තියෙන රුදාව. එතුමාත් මනුස්සයෙක්නේ. (නදී)
බොරු ප්‍රචාර වලින් ලැබෙන්නේ කුමක්ද? (නි)
ඔය කිසිම කෙනෙකුට කිසිම අසනීපයක් නැහැ, අපිට තමයි සල්ලිත් නැහැ සනීපත් නැහැ (නදී)