මෛත්‍රිපාල ජනපති රැගත් හෙලිකොප්ටරය බම්බලපිටියේ ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියට බස්සවද්දී ලොරියක සිට එය වීඩියෝ ගතකල වැල්ලවත්තේ 26 හැවිරිදි රියදුරෙක් පොලීසියෙන් සැකපිට (16)අත්අඩංගුවට ගනු ලැබීය.
තමා ආසාවට එය වීඩියෝ ගතකල බව ඔහු කියා ඇත ලිඳුලේ පදිංචිකරුවෙක් වන මොහු වැල්ලවත්තේ නතරවී සිටින ලොරි රියදුරෙකි.
මොහු ගැන ත්‍රස්ත විමර්ෂණ අංශය හා රහස් පොලිසිය පරික්ෂණ අරඹා ඇත.
ජනපති රත්නපුරේ ගොස් එමින් සිටියදී මෙය සිදු වු බව වාර්ථා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඡන්ද කාලේ කී පසුගිය රජය රහසේ ගෙන්වූ චොපර් හයෙන් එකක්ද මේ? මොකද අපි දැක්කේ නැහැ රජතුමා, බිසව, කුමාරවරු තිදෙනා හෝ යුවරජු ඒවා පාවිච්චි කරනවා. ජනපතිතුමාට ස්තුතියි ඒවා රජයට ගෙන මේ වගේ ගමන් වලට යොදාගන්නවා නම්. (නි)
අනේ! මේවට අපිට හිනායනවා (නි)
ජනපතිතුමා බයේ වගෙයි ජීවත්වෙන්නෙ කියලා මේවා දකිනකොට හිතෙනවා
හෙලිකොප්ටරයක්, ගුවන් යානයක් වගේ දෙයක් සමීපව දැක්කහම එය දුරකතනයකින් වීඩියෝ කිරීම ඉතාම සාමාන්‍ය දෙයක්නේ. මමත් එයම කරනවා. අනික එසේ අත්අඩංගුවට ගැනීමට නීති ප්‍රතිපාදන තියෙනවද? (නි)
මොකක්ද අපේ ජනාධිපතිතුමාට ඇති තර්ජනය? (නි)
සරල කට්ටිය වියදම හොඳටම අඩුකරලා (නි)
මොහාන්, ඔය කියන හෙලිකොප්ටරය ඉතා විශාල එකක්. එහෙම හෙලිකෝප්ටරයක යනකොට තම පවුලේ කෙනෙක් දුර ගමනක් යනවා නම් එ්කේ අරගෙන ගියාම තිබෙන වරද මොකද්ද? (නි)
රටේ ජනාධිපතිටවත් චෝපර් එකේ යන්න බැරිනම් කවුද යන්න ඕනෑ. මෙහෙමත් ළිංමැඩියෝ ටිකක්. (නි)
වීඩියෝ කරන්න වටිනවා නේන්නම් අර කිවුව විදිහට සල්ලි වියදම් නොවෙන හෙලිකොප්ටර්! (නි)
මම නම් කියන්නේ ඔහු ආසාවටම වෙන්න ඇති එය කරන්න ඇත්තේ (නි)
අනේ ඉතින් හෙලිකොප්ටර් වල යන්නේ නැහැ කිව්වා නේද? (නි)
වහාම නීතියක් සම්මත කළයුතුයි. දුරකතන වල කැමරා සහ වීඩියෝ පාවිච්චි කිරීම තහනම් කියලා. ලංකාවට (පොලිසියට) ගිය කලක්. (නි)
හා හා යහපාලනයට රිදෙයි ඔහොම වැඩ කරන්න ගියාම. අපේ ජනාධිපතිතුමා එහෙම සල්ලි නාස්ති කරන ගමන් බිමන් යන්නේ නැහැ (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේ වෙද්දී ජනාධිපතිතුමා සමග බද්ධ වෛරයෙන් සිටින ඉතාම සුළු පිරිසක් රටතුළ සිටිනවා. මෙම ක්‍රියාව පිටුපස තව පිරිසක් සිටිය හැකියි. ඒ නිසා මේ වීඩියෝ කළ පුද්ගලයා ගැන විශේෂ විමර්ශනයක් කළයුතුයි. (නි)
යුද්ධය ඉවරෙටම ඉවරයි. රටේ මිනිහෙකුට තමන්ගේම රටේ නායකයාව ඡායාරූපගත හෝ වීඩියෝ කරන්න බැරිනම් මොකද්ද ඒ රතේ තත්වය? අවශ්‍යම නම් ඒ මනුස්සයගේ පුද්ගලික විස්තර අරගෙන හොයලා බලන්න තිබුනා, අත්අඩංගුවට ගන්නේ නැතුව. පොලිසියට සහ රහස් පොලිසියට මීටවඩා වැදගත් දේවල් නැද්ද කරන්න. (නි)
පොලිසිය මේ සම්බන්ධයෙන් පසුබිම් පරීක්ෂණ කර නිසි පියවරක් ගනීවි. අපි දැන්මම කලබලවීම නුසුදුසුයි. (නි)
අනේ මන්දා! ප්‍රශ්න නැතුවට ප්‍රශ්න (නි)
මහජන මුදල් කොපමණ වියදම් වුණාද ගුවනින් යන්න? (නි)
දැන් යන්නේ හෙලිකොප්ටර් වලද? (නි)
සරලකම වැඩිකමට චොපර් එකේද අභ්‍යන්තර ගමන් යන්නේ? (නි)
කසුන්, නොදන්නා මිනිසුන්ට සහතික නොදී අඩුවශයෙන් වෙන්නේ මොකක්ද කියලා බලාගන්න. (නි)
වෙච්ච සිද්ධිය ගැන නොවෙයි කතාව චොපර් එක ගැන. අනේ අපොයි! (නි)
මරන්න ආ කොටියාත් නිදහස් කළා නේද? ඉතින් වීඩියෝ කළ කෙනා ඇයි හිරේ දැම්මේ? (නි)
දැන් ඔය හෙලිකොප්ටර් වලට වියදම් යන්නෙම නැද්ද? (නි)
වතුරෙන් දුවන හෙලිකොප්ටරයක්ද දන්නෙ නැහැ. ආසා හිතෙන්න ඇති වීඩියෝ කරන්න. පව් අහිංසකයා! ඇත්තෙන්ම පුදුම බයකින්නේ මේ ලොකු ලොක්කෝ ජීවත්වෙන්නේ. තැලෙන්නේ බදු ගෙවන සාමාන්‍ය ජනතාව. අහිංසක දරු පවුලක් රකින මනුස්සයෙක් නම් ඒ මිනිස්සුන්ට මොන කරදරයක්ද? (නි)
අපිත් කොච්චර නම් වීඩියෝ කරනවද මේ වගේ? ජනපති බරැක් ඔබාමා හෙලිකොප්ටරෙන් එද්දී දහස් ගානක් වීඩියෝ කරනවා. කාටවත් ගානක් නැහැ (නි)
පරික්ෂණය ඉක්මනට අවසන්කර නිදහස් කළා නම් හරි. අනික ආසාවට වීඩියෝ කරලා ඇත්තේ. (නි)
ජනාධිපති වුණාට පස්සේ වියදම් වැඩි චොපර වල ගමන් නොකරන බව කිවුවා නේද? (නි)
අනේ මට නම් මේවට හිනායනවා. (නි)
යන්නෙ නැහැ කිය කියා යන්නේ චොපර් වල? කිව්වේ කොහොමද? (නි)
මෙවැනි සංදර්ශන තව තවත් ඉදිරියේදී පෙන්නාවි (නි)
දන්නේ නැති හින්දයි අහන්නේ. ඒක තහනම්ද? කවුරු යන චෝපර්ද තහනම්? ජනතාවට දැනගන්න නිවේදනයක් නිකුත් කළා නම් නේද හොඳ? (නි)
පොලිසියේ සමහර වැඩ ගැන නම් අපිට එකඟතාවයකට එන්න බැහැ (නි)
ඇතුළේ ඉන්න කෙනා පිටතට පේනවද ඔය ෆෝන් වීඩියෝවට? (නි)
වෙන පරීක්ෂණ කරන්න දෙයක් නැතුව වෙන්න ඇති. අහිංසක මිනිහෙක් නේද මේ අල්ලාගෙන තියෙන්නේ (නි)
බුදු අම්මෝ! මම ආයේ චොපර් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. ඇතුළේ කවුරු ඉන්නවද දන්නේ නැහැනේ (නි)
ඡන්දෙ කාලේ කියපුවා ගොඩක් දෙනෙක් වැරදියට තේරුම් අරන් බව පේනවා. නතර කරනවා කිව්වේ ජනාධිපති යන එක නෙමේ. එයාගේ පවුලේ අය යන එන ඒවා. ඒවා දැන් කෙරෙන්නේ නැහැ. (නි)
දැන් මේ සංහිඳියාවෙන් ඉන්න රටේ මොනවටද බය වෙන්නේ. (නි)
කිවුවේ නම් අභ්‍යන්තර ගමන් වලට මේවා ගන්නෙ නැහැ කියලා නේද? (නි)
අපේ රටේ දේශපාලකයෝ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.... (නි)
රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද මෙතැන හිටියා නම් හෙලිකොප්ටර් වලින් අභ්‍යන්තර ගමන් යන්නේ නැතිවෙයි. (නි)
මේ රටේ ත්‍රස්තවාදීන් නැහැ. එයට සහය දෙන අයත් නැහැ, ත්‍රස්තවාදයක් තිබුනෙත් නැහැ. අනේ අපි නම් එහෙම දෙයක් අහලත් නැහැ. අපිට එහෙම දෙයක් දැනිලත් නැහැ. අනේ අපේ රට! (නි)
නීතිය ගැන දන්නා උගතෙක් අපිට කියලා දෙන්නකෝ රටේ මොන නීති වගන්තියද මේ සැකකාරය කඩලා තියෙන්නේ කියලා. (නි)
අනේ මන්දා මේක වරදක්ද? (නි)
නොදන්නා නිසයි අහන්නේ. එහෙම වීඩියෝ කරන්න පුලුවන්ද? (නි)