වසර 24කට පසු යාල් දේවී දුම්රිය අද කොළඹ සිට යාපනය බලා පිටත් විය.
පලෙයි දුම්රිය ස්ථානයේදී ජනපති අද පෙව 10.9 ට දුම්රියට ගොඩ වුයේ උතුරු ජනතාවගේ ඔල්වරසන් හා ප්‍රීති ඝෝෂා මැද්දේය.හින්දු සිරිතට නළලේ තිලක තබා ජනපති ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට දහස් ගණන් වැසියෝ රැස්ව සිටියහ.
දුම්රිය මාර්ගය අලුත් වැඩියා කරනු ලැබුයේ ඉන්දියා රජයේ අධාරයෙනි. ඒ සදහා ශ්‍රී ලංකා රුපියල් කෝටි 10400 ක් වැය විය.
ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කුමාර් සිංහද ජනපති සමග උතුරේ ගමනට එක් විය.
පලෙයි සිට යාපනය දක්වා දුර කිලෝමීටර් 38 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාට ශ්‍රී දළදා සමිඳුගේ පිහිට පතමු. (නි)
කෝ ඉතින් එකම එක දෙමළ ජාතිකයෙක්වත් මේ කළ සේවය අගය කරලා අදහසක් දාලා නැහැනේ. ඒ අයගෙන් කෙනෙක් මේක අගයකළා නම් තමා නියම වටිනාකම. (නි)
නියමයි. සාර්ථක අනාගතයක්. දුම්රිය සේවයට ජය! (නි)
අපේ රටේ පිරිහීම කොතරම්ද කියලා බලන්න ජපානය වගේ රටකට ඇවිල්ලා බලන්න ඕනෑ. මම ශ්‍රී ලංකා මාතාවට හරිම ආදරෙයි. (නි)
අපි දෙමළ ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්නා අතර සහජීවනය සඳහා මහනුවර හෝ කොළඹ දෙමළ ගම්මානයකුත් යාපනයේ, වවුනියාවේ සිංහල ගම්මානයකුත්, කතාන්කුඩියේ සිංහල ගම්මානයකුත් හදමු. වෙනත් නගරයක මුස්ලිම් ගම්මානයකුත් හදා සහජීවනය දියුණු කරමු. (නි)
යාපනයටත් සුබ අනාගතයක්.(හේ)
ඔය මොන දේ කළත් සමහරුන්ගේ තාමත් හිත යට ගිනිපුපුරු. සමහරු එක එළිපිටම පෙන්නනවා. (හේ)
ඒකීය රටක් තුල එකම ධජයක් යටතේ අපි ඔක්කොම එකමුතු විය යුතු අවස්ථාවක ඇයි මේ දෙමල මන්ත්‍රීවරු මේ උත්සවයට සහභාගි නොවුනේ.(හේ)
උතුර දකුණ යාකරන්න දුම්රිය විතරක් මදි, විශ්වාසය, අවබෝධය, සහජීවනය, හා මිතුදම ගොඩ නගන්නත් ක්‍රියා කලයුතුවෙනවා. (හේ)
අවන්කවම සතුටුයි...අතිගරු ජනාධිපතිතුමාට ජයෙන් ජය.(හේ)
අපිටත් යන්න තිබුණා නම්... (නි)
අපේ රට කොච්චර වෙනස්වෙලාද? (නි)
ජනාධිපතිතුමාගේ හොඳ වැඩට අපේ ආචාරය. (නි)
සුභ පැතුම්!! අනුර, නීතිය සහ සදාචාරය රැකදීම ජනාධිපතිට පමණක් අයිතිවුවක් නොවන බව ඔබ තෙරුම්ගත යුතුයි. රටේ ජනතාව විදිහට අපිත් සදාචාර සම්පන්න වෙන්න ඕනෑ. නීතියට ගරු කරන්න ඕනෑ (නි)
ජනාධිපතිතුමාට අපේ සතුට පුදකරන්න ඕනෑ. යාපනයට හොඳ කලක් යාවි (නි)
යාපනයේ ඉදිරි ඡන්ද ප්‍රතිඵල වලින් අපිට බොහෝ දේ දැනගන්න පුළුවන් වෙයි (නි)
තුන්පාරක් නෙමෙයි 300 පාරක් වුණත් මහින්ද මහත්තයා පෙන්නයි එතුමාට පුළුවන් කියලා! (නි)
උතුම් පින්කමක්! (නි)
ඉතාමත් හොඳ වැඩක් නිසා සියල්ලෝම මෙය අනුමත කරන්න ඕනෑ. ජනපතිතුමාගේ ඉදිරි වැඩ කටයුතු සඳහා සහය දක්වන්න ඕනෑ. සියල්ලෝම එකට එකතු වී රට දියුණු කරමු. (නි)
ඔබයි අපගේ ශක්තිය! (නි)
අපි සැමදා ජනපතිතුමා සමඟයි (නි)
ලක් මවගේ සුවිශේෂී දිනයක්. ජයවේවා! හරිම සතුටක්. සියලු දෙනාටම අපගේ සුබ පැතුම්! (නි)
ජනපතිතුමනි , කරුණාකර රටේ නීතිය සහ සදාචාරය රැකදෙන්න. (නි)
ඉතාම සතුටු පුවතක්. (නි)
උතුර දකුණ යා කරන්න සහයෝගය දැක්වූ සැමට ජය! (නි)
ජනපතිට ජනතාවගේ සුභ පැතුම් හිමි වේවා! (නි)
ඉතාම සතුටු පුවතක්. එකම රටක්. එකම ජාතියක්. ලක් මාතාවගේ දරුවෝ අපි.... (නි)
ජය වේවා! (නි)