IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ජනපති රාජ්‍ය නායකයන් හමුවෙයි

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා  රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍ය අතර දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ ජනපතිවරයා සහ බහරේන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය  සලමන් බීන් හමාඩ් අල්කලීෆා  ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණතාවන්ගෙන් යුත් ශ්‍රී ලාංකිකයන්ට බහරේන් රාජ්‍ය තුල රැකියා අවස්ථා උදාකර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

නේපාල අග්‍රාමාත්‍ය ෂා බහදුර් දෙව්බා මහතා හමුවූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සේවය නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් ගුවන් වාර සංඛ්‍යාව වැඩි කිරීම සහ දෙරට අතර සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය පිළිබඳව සාකච්ඡා කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්ට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා අතර හමුව ග්ලාස්ගොහි මර්චන්ට් මන්දිරයේ දී සිදු විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහාය වන බව පැට්ට්‍රිෂියා මහත්මිය ජනාධිපතිවරයාට පවසා ඇත.

වේල්සයෙහි ඔටුන්න හිමි චාල්ස් කුමරු, යුක්රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙලෙන්ස්කි, ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නගෝසි ඔකොන්ජෝ මෙන්ම මැදපෙරදිග සහ බටහිර රටවල රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නියෝජිතයන් හමු වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක නව අවස්ථා උදා කර ගැනීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවන්ට එක්ව සිටියහ.

 



අදහස් (6)

ජනපති රාජ්‍ය නායකයන් හමුවෙයි

බද්රානි Wednesday, 03 November 2021 10:35 PM

චාල්ස් කුමාරලාගේ පරම්පරාව මේ රටට දායාද කළ දේත් හොරාකාපු අයව දැක්කාම එතුමාට මොනවා හිතෙනවා ඇත්ද? අසරණ ලාංකික හිඟන ජනතාව මැදපෙරදිග රටවල දුක් විඳිමින් හම්බකරන ඒ මුදල් මේ රටේ පාලකයින් සූරාකන බව ඒ පාලකයින් දන්නවා නම් ඔවුන් මේ රටේ පාලකයින්ගේ මුහුණ වත් නොබලනු ඇත. අපේ රට අනාගතයේදී බාරගැනීමට සිටින චීන නායකයින්ට අපි නිතරම ගරුකරන අතරම ඔවුන්ගේ අසුචි පොහොර අපි ඉතාම සාදරයෙන් පිළිගන්නා බව දන්වමි. ලංකාවේ තක්කඩියන්ට හැර පින්තූර වල සිටින සියලුම අයට ගරු කරමි. ලෝකයේ තිබෙන නින්දිතම ගුවන් සේවය සමග කීර්තිමත් නේපාල ගුවන් සේවය ගිවිසුම් අත්සන් කොට අපකීර්තියට පත් නොවේ යයි බලාපොරොත්තු වෙමි...

:       28       3

Thamara Thursday, 04 November 2021 07:32 AM

ලොකෙට පරකාසේ, ගෙදර මරගාතේ!

:       20       10

swene Thursday, 04 November 2021 09:01 AM

හොඳ උත්සාහයක්. ගිවිසුම් ගැසීමට පෙර, සෑම පැත්තකම වාසි, අවාසි නිත්‍යානුකුල භාවය සහ එකඟතාවයත් එහෙයියන් සහ පාක්ෂිකයින් නොවන අයගෙ අදහස් ගැනත් සලකා බලා කටයුතු කලොත් ප්‍රශ්න වැළැක්විය හැකියි.

:       5       24

sam Thursday, 04 November 2021 12:31 PM

අනේ මන් දන්නේ නැහැ මොනවා කිවුවද කියලා .බයත් හිතෙනවා ඕයි

:       24       5

fairoos Thursday, 04 November 2021 02:35 PM

ලඟදි තවත් රටින් කැල්ලක් කාටහරි දෙන්නයි යන්නේ.

:       14       2

BamunuarachchiThursday, 04 November 2021 07:42 PM

ඇයි හලෝ... ඔහෙලාව තියාගෙන අපි විඳෝනවට වැඩිය හොඳයි නේද කුණු කොල්ලෙට හරි ඉතියෝපියාවට දුන්නොත්...? අපිට නම් සතේක පාඩුවක් නැහැ...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 943 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 343 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1046 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 105 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 724 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2390 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site