
(අංජුල මහික වීරරත්න)
පෞද්ගලික තෙල් සමාගම් සමග එළැඹ ඇති පැරණි ගිවිසුම් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉබ්බාගමුවේදී පැවසීය.
තෙල් මිල වැඩි කළේ නැතිනම් විකුණන්නේ නැතැයි පෞද්ගලික සමාගම් පවසන බව කී ජනාධිපතිවරයා ඩීසල් වෙළෙඳපොලේ තෙල් සමාගමේ පංගුව සියයට 77ක් ද පෞද්ගලික සමාගම් පංගුව සියයට 23 ක් ද වශයෙන් තිබෙන අතර " කට්ටියට බැරි නම් ඒකත් අපිම කරන්නම්" යනුවෙන්ද පැවසීය.
"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" යන තේමාවෙන් ඉබ්බාගමුව ගොකරල්ලේදී පැවති මෙම ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය.
අපේ ආණ්ඩුව හදනකොට රටේ ජනතාව විශාල බලාපොරොත්තුවක් තැබුවා. පසුගිය වසර දෙක තුළ එම බලාපොරොත්තු ඉතා සුබවාදී ලෙස ඉටු කිරීමට අප සමත් වී තිබෙනවා. ඉස්සර අපේ රටේ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය, මන්ත්‍රී ධුරය, ඇමති ධුරය, ජනාධිපති, ජනාධිපතිගේ නෝනා, ජනාධිපතිගේ පුතා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක් වගේ. ලයිසන් ගත්තු හොරුන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. නීතිය ක්‍රියාත්මක වුණේ පොල් ගෙඩියක්, කෙසෙල් කැනක් කපපු පොඩි හොරුන්ට විතරයි. නීතිය මකුළු දැලක් වගේ පොඩි කෘමීන් අහුවෙනකොට, ලොකු අය මකුළු දැල කඩාගෙන ගියා. ඒත් අද තරාතිරම නොබලා ඕනෑම වංචනිකයෙකුට නීතිය ක්‍රියාත්මක වෙනවා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd