IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘ජනපතිට කේන්තියාම ගැන පුදුමයක් නෑ‘

දූෂණ වංචා සිදුකළ අය සොයා දඬුවම් ලබාදීමට පත් කර ඇති ආයතන සිය වගකීම් ඉටුකිරීම දිනෙන් දින ප‍්‍රමාද කිරීම හා ඒවායේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කේන්තියක් ඇතිවීම ගැන පුදුම විය යුතු නැතැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (13) පැවසීය.

එම ආයතනයන් ආරක්‍ෂක අංශ සාමාජිකයින් උසාවියට ගෙනයාමට දක්වන උනන්දුව මහා පරිමාණ හොරුන් ඇල්ලීම සම්බන්ධයෙන් දක්නට නොලැබෙන බව කී මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවද කලකිරී සිටින බව සඳහන් කළේය.

බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීවේය.

 



අදහස් (0)

‘ජනපතිට කේන්තියාම ගැන පුදුමයක් නෑ‘

ක්වින්ටස් පෙරේරා Friday, 14 October 2016 09:08 AM

තමන්ගෙ අවශ්‍යතාව තිබෙනවනම් රංගනය ඉගෙන ගන්න පුළුවන් (අ)

:       0       0

විද්‍යා Thursday, 13 October 2016 06:54 PM

අපේ ලොකු අප්පච්චිට කේන්ති යනකොට ලොකු අම්මා නම් දුන්නේ කොහිල අල තම්බලා. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 13 October 2016 07:02 PM

හොරුන්ට එරෙහිව කරන සටනට කකුලෙන් අදින්න එපා (නි)

:       0       0

සුසන්ත Thursday, 13 October 2016 07:23 PM

කවුද අප්පේ එතකොට ආරක්ෂක ඇමති? (නි)

:       0       0

අනිල් Thursday, 13 October 2016 07:24 PM

මේක අර අහවලාට එන චෝදනා වලට පොඩි තිතක් තියන්න දාපු අංචියක්දෝ කියලත් හිතෙනවා. (නි)

:       0       0

අබය Thursday, 13 October 2016 08:38 PM

ජනපතිට කේන්ති ගිහින්ද? මාර වැඩක් වෙන්න යන්නේ. පරෙස්සමෙන් ඉන්න හොඳේ (නි)

:       0       0

බණ්ඩාර කුවෙට් Friday, 14 October 2016 05:11 AM

පොඩි හොරු අල්ලන්න ඉස්සරලා කම්බා හොරුන්ගේ සල්ලි ගස් සෙලවිය යුතුයි. එවිට උද්ධමනය පහල යාවි බයිලා කියන ජේ වී පී එකට එස් එල් එෆ් පී එකට කියන්න දෙයක් නැතිව වහගන්න වේවි (අ)

:       0       0

අරුන් Friday, 14 October 2016 05:13 AM

වැටයි නියරයි ගොයම් කානම් කාට කියමුද මේ අමාරුව. (අ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 13 October 2016 09:25 PM

අපිට නම් මේක දැනෙන්නේ කඩේ ගිය තවත් අයෙකුගේ කෙඳිරිගෑමක් ලෙසයි (නි)

:       0       0

ජනක Thursday, 13 October 2016 09:36 PM

මෙයට ඡන්දෙ දීල ජනධිපති කළේ අපි. නැතුව එයාගේ පක්ෂෙ අය නෙමේ. රෙස්පෙක්ට් කරලා කතා කළොත් හොදා. නැත්නම් ඉස්සෙල්ල එක්කෙනාට වුණාට වඩා දුක් වෙන්න වෙන්නේ. ඔයාව හලන එක ගේමක් නැහැ (අ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 13 October 2016 09:52 PM

සිරාවටම කේන්ති ගිහින් ! (අ)

:       0       0

සිරි Thursday, 13 October 2016 10:42 PM

මෙන්න මෙයා ඇදේ අනිත් පැත්තෙන් බැහැල. (අ)

:       0       0

එඩ්වඩ් වීරසිංහ Friday, 14 October 2016 05:20 AM

දුෂන වංචා පිලිබදව සා‍ෙයා බලා කටයුතු කිරිමමට පත් කර ඇති සියලු ද‍ෙනා ග‍ෙදර යවා ව‍ෙන රටකින් කාන්ඩායමක් ග‍ෙන්වා ඉවරකරල දාන්න පුලුවන් විදි හ්‍ෙ ක්‍රම නැද්ද (අ)

:       0       0

දර්ශන Friday, 14 October 2016 05:28 AM

හමුදාව හිටපු ආරක්සක ලේකම් ඇමති වුනත් වරදක් කර ඇත්නම් දඩුවම් දිය යුතුය එයට විරුද්දව කටයුතු කරන අය කවුරු වුණත් කරන්නේ හිටපු රජාට කඩේ යාමය යහපාලනය එකද (අ)

:       0       0

චන්දා Thursday, 13 October 2016 11:25 PM

ඇයි අනේ මෙයාට සම්මාන දෙන්නේ නැත්තේ රංගනේට මේ කරන්නේ සම්පුර්න රගපෑමක්.. මේවා නොදැන නෙමේ මේවා වෙන්නේ. ගැන මිනිස්සු ඉන්නේ කැමැත්තකින් නෙමේ කියල දැන් දන්නවා... එකේ සැර බාල කරන්න ජනවාරි 8 කොලා වගේ රඟපානව. අපේ හරක් මේවට අහුවෙනවා... අගමැතිතුමාත් මේ ගේමේ ඉන්නවා. මේ දෙන්නා දන්නවා රටේ මිනිස්සු නම්මන්න තියන ක්‍රමේ මේවගේ දේවල් අරන් මාධ්‍ය ඉස්සරහ සංදර්ශන දාපුවම අපේ හරක් අහුවෙනවා කියල. උකුණු තල්ලක් තරම්වත් ඉහ මොළ තියේනම් මේ අයට කතිරේ ගහන්නේ නෑ මෙයා රටේ ජනාධිපති කරන්න මේ රටේ මිනිස්සු රැවටුනානේ.... තවත් රැවටියල්ල රටට දෙයියන්ගේ පිහිටයි (අ)

:       0       0

චන්දා Thursday, 13 October 2016 11:26 PM

රටේ සාමාන්‍ය ජනතාව රැවටීම සඳහා කරන දාම් ඇදිලි දැන් දැන් වත් අඩු කරන්න බලන්න මහත්තයෝ.. එහෙම නොවෙන්න නොවෙන්න වෙන්නේ තව අවුරුදු 20 විතර ඇතුලත විශාල පිරිසක් රට අතහැරලා යන එක.. දැනටත් මගේ හිතේ මිලියනයක විතර ඇති හැකි උගත් ධනවත් පිරිස රටෙන් ගිහින්. ඒ මිනිස්සු ටික මේ රටේ හිටියානම් මීට වඩා දශමෙකින් හරි රටට ශක්තියක්... ඉන්න පිරිසත් එන්න එන්න කොහොම හරි රටකට යන්න බලන්නේ. කරුණාකරලා දැන් වත් රට කන එක අඩු කරගන්න බලන්න. එහෙම නොවුණොත් හොරා කන්න වත් රටක් ඉතුරු වෙන්නේ නැහැ. (අ)

:       0       0

සුනිල් Friday, 14 October 2016 12:17 AM

එක එක අය ගෙනල්ල ජනාධිපති කළාට රනිල් වහාම පක්ෂයෙන් ඉවත් කල යුතුයි (අ)

:       0       0

ගාමිණි Friday, 14 October 2016 12:43 AM

තමුන්ගේ පක්ෂයේ මිනිස්සු සිටියදි තමුන්ගේ නොහැකියාව නිසා වගේම පක්ෂයේ කෙනෙක් දමා දිනුවා නම් එයා යටතේ ඉන්න වෙයි කියා සිතූ අයෙකුගේ සිතුවිලි නිසා රටම අනාථවෙලා. (නි)

:       0       0

චාමර Friday, 14 October 2016 12:49 AM

මනුෂ්‍ය ක්‍රියාකාරකම් කළත් වැරදියි නොකළත් වැරදියි කියන තත්වයකට හැමෝම පත්වෙනවා. ස්ථානෝචිත ප්‍රඥාව ඇති පුද්ගලයින් හොයාගන්න වෙනවා. බුද්ධිමතුන් සිටියත් තමන්ගේ ආරක්ෂාව පළමුව සිතන්න වෙන එකත් ප්‍රශ්නයක්. (නි)

:       0       0

චාමර Friday, 14 October 2016 01:00 AM

ධර්මය ප්‍රායෝගික නොකර හැමදාමත් එකමයි අහන්න වෙන්නේ. තරු ගැන ගැන මනුෂ්‍ය ක්‍රියාකාරකම් කරන රටක වෙන අහන්න ඉතුරුවෙන දේ මොකක්ද? (නි)

:       0       0

මාලක Friday, 14 October 2016 01:20 AM

චන්ද්‍රාට පුදුම ඉවක්නේ තියෙන්නේ? ඊළඟ සුමනදාස වෙයිද? (නි)

:       0       0

නිමල් ලලිත Friday, 14 October 2016 01:22 AM

මහත්තයෝ, ඔබ ඔය කියන මහාපරිමාණ හොරුන් ගැන කියනකොට ඔබේ නායකයාත් එදා ඔවුන් සමඟ සිටි බව අමතක කරන්න එපා. එදා ඒවාට විරුද්ධව කතානොකර සිටියේ ඇයි? අද ඔබ ආවඩන පාලනයෙන් සිදු වූ මහ බැංකු මගඩිය ගැන සඳහන් නොකරන්නේ මන්ද? (නි)

:       0       0

ලුම්බිණි Friday, 14 October 2016 01:23 AM

ඒ කාලේ නම් කිව්වේ ජනාධිපති වුණාම ස්වාධීනව කටයුතු කරන බවකුයි. මම හිතන්නේ එහෙම කී බව මෙතුමාට අමතකවෙලාද කොහෙද. (නි)

:       0       0

රොකී Friday, 14 October 2016 01:27 AM

ඕවා කොහොම වුණත් ජනාධිපතිගේ පුත්‍රයා සම්බන්ධ වුණා යැයි කියන ප්‍රශ්නය ගැන අපක්ෂපාතී විභාගයක් කෙරුවා නම් හොඳයි, සාක්කිකරුවන්ට බලපෑම් නොකර! (නි)

:       0       0

ශාන් Friday, 14 October 2016 01:30 AM

අපිට නම් හිතෙන්නේ මේවා හොඳ රඟපෑම් කියලයි. (නි)

:       0       0

අර්ජුන Friday, 14 October 2016 01:40 AM

රටේත් ජනතාවගේත් අයහපත් කාලයට විවිධාකාර පාලකයන් බිහිවීම නිසා අද අපට ‘අයියෝ‘ කියන්න වෙන්නේද සිතකින් නොවේ. (නි)

:       0       0

ඩික් Friday, 14 October 2016 06:51 AM

සිල්විගේ ප්‍රතිචාරය .පොඩි වුණාට .හොද දේසපාලන අවබෝධයක් තියනවා ඔබට.ඇත්ත එකයි (අ)

:       0       0

සජී Friday, 14 October 2016 02:13 AM

ලුම්බිණි, ස්වාධීන වෙන්න හිතපු අය දැන් රටටත් වඩා හිතන්නේ තමන්ගේ පක්ෂය සහ බලය ගැන (නි)

:       0       0

ජයන්ත Friday, 14 October 2016 02:21 AM

අපි නම් දන්නවා තෙලුයි වතුරයි එකතු වෙන්නේ නැහැ කියලා. බොරුවට පෙන්නන්න හැදුවා හොඳ සුසංයෝගයක් කියලා. කොහොමද දැන්? සනීපද? (නි)

:       0       0

අනිල් Friday, 14 October 2016 07:02 AM

සමාජ ශාලා සිද්ධිය වැඩිය අදින එකක් නෑ දැන් ඉතින් ඒකාබද්ධ විපක්ෂේ, පොඩ්ඩක් මේ වගේ සද්දයක් දැම්මම (බ)

:       0       0

චන්ද්‍රා Friday, 14 October 2016 02:25 AM

පසුගිය දිනවල ප්‍රභූ පුතාගේ කතාව අපිට මේවායින් අමතක වෙන්නෙ නම් නැහැ (නි)

:       0       0

ඉන්දික Friday, 14 October 2016 07:12 AM

ඔය කාට කාටත් කේන්ති යන්නේ තමුන්ගේ වාසියට මිසක් මහජනයා වෙනුවෙන් නොවන එකියි වැරැද්ද (අ)

:       0       0

සෑම් Friday, 14 October 2016 07:19 AM

හොඳම සහ නැගී එන නළුවට දෙන ඔස්කාර් සම්මානයට මේ දෙපල නිර්දේශ වෙනවට කිසිම සැකයක් නැත. (අ)

:       0       0

සුජිත් Friday, 14 October 2016 02:38 AM

බලය තියාගෙන හැමදාම බොරු කරන්නේ කවුද කියලත් ජනතාව දන්නවා (නි)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Thursday, 13 October 2016 03:24 PM

එතකොට ඔය ආයතන පත්කළේ කවුද ? ඔය ආයතනවල වගකීම් භාර රජයේ ප්‍රධානී කවුද (බ)

:       0       0

සරත් Friday, 14 October 2016 02:39 AM

ගරු ජනාධිපතිතුමා ඔය කේන්තිය ඔහොමම තියාගෙන මහ බැංකු මගඩියටත් තද පියවරක් ගන්නතුරු අපි බලාගෙන ඉන්නවා (නි)

:       0       0

සරත් බහරේන් Thursday, 13 October 2016 03:32 PM

නියම වෙලාවේ කරපු ස්වාධීන ප්‍රකාශයක් කියල මගේ හැගීම (බ)

:       0       0

සෙන්සාන් Friday, 14 October 2016 02:54 AM

රැවටිල්ල දැන්නම් කෙළවරක් නැහැ (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 13 October 2016 04:11 PM

අපරාධකාරයින්ට, ප්‍රසිද්ධියේ කළ මිනීමැරුම් වලට අණදුන් අයට මෙතරම් සාක්ෂි තිබියදීත් අච්චු කරන්න ප්‍රමාදවීම මහජනයා තුල ලොකු නොසන්සුන්තාවයක් ඇති කරලා තියෙනවා. (බ)

:       0       0

චන්ද්‍රා Friday, 14 October 2016 03:09 AM

මතක හැටියට ඡන්ද පොරොන්දුව නම් තරාතිරම නොබලා දඬුවම් දෙනවා කියායි. (නි)

:       0       0

සහන Friday, 14 October 2016 03:12 AM

කිය කියා ඉඳලා හරියන්නේ නැහැ. වහාම දඬුවම් දෙන්න (නි)

:       0       0

සිල්වි Thursday, 13 October 2016 04:20 PM

බොරුවට කේන්ති අරගන අර සමාජ ශාලා වැඩේ අමතක කරවන්න හදන්නේ (බ)

:       0       0

රොහාන් පෙරේරා Friday, 14 October 2016 08:02 AM

හෙළ උරුමෙට වල්ගේ පෑගිලා, ඔය අර්ථයෙන් නෙමෙයි ජනපති කතා කළේ (බ)

:       0       0

කමල් Friday, 14 October 2016 08:12 AM

අාදරණිය මෙෙත්‍රි අමතන අනගාරික කමල් රනිල් අනුකාරකයෙක් නිසා මට හදන්න අමාරුයි හැබැයි ඔබ හැදිය හැකියි. ඔබ ඉස්සෙලාම මහාවංශය කියවන්න අැහැලපොල ජාති ද්‍රෝහී විම නිසා අහිංසක පවුලක් වන්දි ගෙව්වා ඒ්කල්ලා යහපාලනය හින්දා අපෙ රට අපට නැති වුණා. (බ)

:       0       0

පීරිස් Thursday, 13 October 2016 04:32 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

අර්ජුන Thursday, 13 October 2016 04:33 PM

යහපාලනයට ඡන්දය දුන් අපි අපිටම පැළඳීමට අං තට්ටුවක් සොයමින් සිටිමු (නි)

:       0       0

වීරසේන Thursday, 13 October 2016 04:40 PM

අදාළ ආයතන ඇතිකළේ අතීතයේ අය කළ වැරදි සෙවීමට නොවේද? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 14 October 2016 08:41 AM

දඩුවම් දෙන්නේ කොහොමද? ඔක්කොම හොරු ටික එයාගේ වටේනේ ඉන්නේ දැන්. කුඩු කාරයෝ, පිස්තෝල කාරයෝ, ඔක්කොම එයා වටේ තියාගෙන බොරුවට රග පානවා. (බ)

:       0       0

චන්ද්‍රා Friday, 14 October 2016 08:49 AM

මට තේරෙන්නේ රට දිනවන්න ඇවිල්ල පක්ෂේ දිනවන්න ගිහින් පටලවගන්නවා කියලයි (බ)

:       0       0

සමන් Thursday, 13 October 2016 05:36 PM

මේ රටේ විධායක ජනපති වරයා කව්ද? ආරක්ෂක ඇමතිවරයා කව්ද? ඔය පරීක්ෂණ කරන ආයතන වලට නිලධාරීන් පත් කලේ කව්ද? අපිනම් නෙවේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 949 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1568 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1422 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1209 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site