IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජනප‍්‍රියත්වය රැකගත් හොඳම ගායිකාව

2016-07-01-ent-125

ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා නැවත වතාවක් සම්මානිත වූවාය. මෙවර ඇය සම්මානයට පාත‍්‍රවූයේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලෙහි හොඳම ගායන ශිල්පිනිය ලෙසිනි. එහෙත් මීට දෙතුන් මසකට ඉහතදී පැවැති ජනතා සම්මාන උළෙලේදී ජනතාවගේ ගායිකාව නැතිනම් ජනප‍්‍රිය ගායිකාව ලෙස සම්මානයට පාත‍්‍ර වූයේද මේ ශෂිකාමය. 

විටෙක ජනප‍්‍රිය ගායිකාව ලෙසත් විටෙක හොඳම ගායිකාව ලෙසත් සම්මාන පිට සම්මාන ලබන ශෂිකා සඳැල්ලට කැඳවීමු.

 

2016-07-01-ent-124සුනිල නෙත් පොකුණේ

කඳුළු දියවර පිරී ඉතිරුණ

සුසුම් මඳ පවනේ

හිතේ ගින්දර නිවී සැනසුණු

ඔබේ මුනිවර පෙමට පිටුපෑ

අසම්මතියයි මා

ශෂිකා හොඳම ගායිකාව වූයේ මේ ගීතය නිසාය.

 

‘‘මේ කඳුළු දියවර කියන ගීතය ලිව්වෙ සුගත් සෝමවීර. මේ ගීතය සංගීතවත් කළේ දර්ශන වික‍්‍රමතුංග..’’

 

පසුගියදා සුගත් සෝමවීරගෙ කුළුදුල් ගීත එකතුව කඳුළු දියවර නමින් නිකුත් වුණා. ඒ ගීත එකතුවෙ නම යොදා ගෙන තිබුණේත් මගේ මේ ගීතය නිසාමයි.

ඇත්තටම මේ ගීතයෙ පද රචනයෙ තියෙන්නෙ පුදුමාකාර මිහිරක්. මේ පදවැල දැකපු හැටියෙම මට මේ ගීතයට ආසා හිතුණා. ඊට පස්සේ මේ ගීතයට සංගීතය නිර්මාණය වුණා. ඒ සංගීත නිර්මාණයත් පුදුම විදිහට හිතට සමීපවුණා. ඉතින් මම මේ ගීතය ගායනා කළේ ඒ ගීතය මට ලැබුණේ මගේ වාසනාවට කියල සිතාගෙනයි. ඇත්තටම ඒ ගීතය මම සම්ාමනලාභිනියක් කරන්න තරමටම වාසනාවන්ත වුණා.. ශෂිකා, නිසංසලා අපේ කතා බහ අරඹමින් පැවසුවාය.

අපේ රටේ සම්මාන උළලවල් රාශියක්ම තිබේ. සිනමා, රූපවාහිනී, සංගීත නාට්‍ය ආදී වශයෙනි. සාහිත්‍ය සම්මාන උළෙලවල් හැරුණු විට අනෙක් හැම සම්මාන උළෙලකදීම හොඳම සහ ජනප‍්‍රිය යනුවෙන් අංශ දෙකක් උදෙසා සම්මාන පිරිනැමෙයි. මෙයින් පැහැදිලි වන්නේ ජනප‍්‍රිය කෙනා හොඳ නැති බවත් හොඳ කෙනා ජනප‍්‍රිය නැති බවත්ය. එහෙත් ශෂිකා නිසංසලා හොඳ ද ජනප‍්‍රියද යන දෙ අංශයම එකසේ දිග් විජය කළ ගායිකාවකි. එහි රහස කුමක්දැයි මම ශෂිකාගෙන් විමසීමි.

අද සංගීත අංශය ජනප‍්‍රිය සහ සුභාවිත විදිහට දෙකට බෙදිලා තියෙන්නෙ. ජනප‍්‍රිය පැත්තෙ නිර්මාණ බිහි වෙන්නෙ ජනප‍්‍රිය රටාවකට. හොඳ නිර්මාණ සුභාවිත රටාවට බිහිවෙනවා. ඒ නිසා අපි නිර්මාණයක් කරන විට ඒ වෙනස තේරුම් ගන්න ඕන.

මම ජනප‍්‍රිය නිර්මාණ කරන්නෙ අවුරුද්දකට එකයි. මේ නිසා මම ඒ නිර්මාණය ගැන පුදුම විදිහට සොයා බලනවා. සාමාන්‍යයෙන් මට පද රචනා දවසකට එකක් නම් අනිවාර්යයෙන්ම හම්බවෙනවා. ඒ වගේම සංගීත රචනාත් මහ ගොඩක් හම්බවෙනවා. මම මේ සංගීත රචනාත් පද රචනාත් බොහොම ප‍්‍රවේසමෙන් අධ්‍යයනය කරලා තමයි ඒ රචනා ගායනය කරනවද නැද්ද කියලා තීරණය කරන්නෙ. ඔය ජනප‍්‍රිය කියන පැත්තෙ ගීත වලට සංගීතය නිර්මාණය කරන්නෙ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වලින්. නමුත් මම ඒ ක‍්‍රමයත් සමහර වෙලාවට වෙනස් කරනවා. මම ප්ලූට්, මෙලෝඩිකා, වගේ තවත් සංගීත භාණ්ඩ ඉලෙක්ට්‍රොනික් සංගීත භාණ්ඩ අස්සට යොදා ගන්නවා. එතකොට ගී තනුවලට හැබෑ වෙනස් සංගීතයක් බිහිවෙනවා.

පසුගියදා මම ගායනා කළ යන්නම් යන්නම් කියන සිංදුවට සංගීතය යොදාගනිද්දී මම මැඞ්ලින් ප්ලූට් මෙලෝඩිකා කියන සංගීත භාණ්ඩ අමතරව යොදා ගන්තා. ඒකෙන් තමයි ඒ ගීතයට නැවුම් මිහිරක් ලැබුනෙත්, අද ජනප‍්‍රියත්වයට පත්වෙලා තියෙන්නේ.

2016-07-01-ent-126

ඇස්දෙක පුරා සිහිනෙන් වගේ

මනමාල කෝලම් කතා

දෝතින් දරා ආදරේ කළා

පණටත් වඩා

යන්නම් යන්නම්

එන්න කිව්වාම ඉන්න සතුටින් තියා

එන්නම් එන්නම්

ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා.

 

උදේ දහවල රාත‍්‍රිය වෙනසක් නොමැතිව විවිධ එෆ් එම් නාලිකාවල තොරතෝංචියක් නැතුව ප‍්‍රචාරය වන මේ ගීතය තරුණ වැඩිහිටි වෙනසක් නැතුව ජනප‍්‍රියව තිබේ. ශෂිකා ජනප‍්‍රියම ගායිකාව බවට සම්මානිත වීමට හේතුවද මෙබඳු තුරුණු විය වැළඳගත් ගීත විය යුතුය. ඇත්තටම මේ ගීතය ගැනද ශෂිකාගෙන් ඇසිය යුතුමය.

‘‘ඔය ගීතය රචනා කළේ රචිකා වාකිෂ්ට. සංගීතවත් කළේ තිලිණ රුහුණගේ. මේ දෙන්නම නව පරපුරේ ජනප‍්‍රිය දක්‍ෂ ශිල්පීන්. මේ ගීතය එළිමහන් ප‍්‍රසංග වලත් ගෘහස්ත ප‍්‍රසංගවලත් මම නොවෙනස්ව ගායනා කරනවා. ඒකෙ තේරුම මේ ගීතයට සෑම මට්ටමකම රසිකයො කැමතියි කියන එක.

ශෂිකා මේ කියන්නේ එළමහන් ප‍්‍රසංග නරඹන රසික පිරිසත් ගෘහස්ථ ප‍්‍රසංගලවලට ඇදෙන රසික පිරිසත් දෙකොටසක් බවද? මම කුහුලින් යුතුව ඇගේ මුහුණ බලමි.

ඇත්තම කිව්වොත් ගෘහස්ථ ප‍්‍රසංග වලට එන්නෙ සම්භාව්‍ය මට්ටමේ ගීත රසවිඳින රසිකයො. ඉතිං ඔවුන් වෙනුවෙන් මම ගායනා කරන්නෙ සුභාවිත ගී. පාරමිතා නොපුරමු අපි දෙදෙනා, තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න වගේ ගීත. නමුත් එළිමහන් ප‍්‍රසංගවලට එන්නේ වේගරිද්ම ගීත වලට කැමති පිරිස්. ඔවුන්ට තමයි අපි හමුවන තැන හමුවී ගිම්හාන කාලේ වගේ ගීත.

ශෂිකා ජනප‍්‍රිය ගීත ගයන්නේ අවුරුද්දකට එකක් පමණක් බව කියයි. එහෙත් ඇය ටෙලිනාට්‍ය ආදියට නම් නිතර නිතරම තේමා ගී ආදිය ගයයි. මේ ළඟදීත් මම ටෙලිනාට්‍ය දෙකකටම තේමාගීත ගායනා කළා. මේ ගීත රචනා කරලා තියෙන්නෙ ප‍්‍රවීණ ගීත රචකයො. ඔවුන්ගේ සුභාවිත ගී ඇත්තටම මේ ගිත නිර්මාණ හරිම උසස්. එරන්ලන්දේ මද්දහන කියන ටෙලිනාට්‍ය දෙකට ගයන තේමා ගී දෙකත් හුඟාක් සාර්ථක උසස් ගී නිර්මාණ මම මේ ඔස්සේ බොහොම පරිස්සමට ගමනක් යනවා.. හැබැයි මේ ජනප‍්‍රියත්වය රැුදී තියෙන්නෙ බොහොම ටික කාලයක් විතරයි.

ශෂිකා කියන්නීය එම කතාවට එකඟ විය හැකිදැයි මම මොහොතකට කල්පනා කරමි. ටී.එම්. ජයරත්න, එඞ්වඞ් ජයකොඩි, නිරෝෂා විරාජිනී, දීපිකා ප‍්‍රියදර්ශනී වැනි ශිල්පීන් අදටත් සිය ජනප‍්‍රියත්වය එලෙසම තබාගෙන සිටිති. එසේනම් ශෂිකාගේ ඒ කතාව පිළිගන හැකිද? මම ශෂිකාට එරෙහි වෙමි.

‘‘ඇත්ත ඔයා කියනව වගේ සමහර ශිල්පීන් තමන්ගෙ ජනප‍්‍රියත්වය රැුකගෙන ඉන්නවා. ඒකෙ රහස තමයි ඒ ගොල්ලන්ගෙ නිර්මාණ වල ප‍්‍රබලකම. අදටත් මේ ගීත නිර්මාණ රසවිදින්න පුළුවන් ඒ නිසා ඔවුන් අදටත් ජනප‍්‍රියයි.

ශෂිකාත් ස්වකීය ජනප‍්‍රියත්වය එලෙසින්ම රැුකගෙන සිටිනු ඇතැයි අපේ විශ්වාසයයි. පැතුමද එයයි.

 

ශකුවි

 

sandalla

 

2016-07-01-ent-127



අදහස් (0)

ජනප‍්‍රියත්වය රැකගත් හොඳම ගායිකාව

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 53 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 756 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 616 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 336 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2546 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 942 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38893 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site