IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජනවාරියේ සිට ද්විත්ව පුරවැසිකම

තාවකාලිකව නතරකර ඇති ද්විත්ව පුරවැසිභාවය  ලබන වසරේ ජනවාරි මාසයේ පටන් නව නීතිමය පද්ධතියක් යටතේ නැවත ක්‍රියාත්මක කරන බව මහින්ද රාජපක්ෂ ජනපති  උතුරු ඉතාලියේදී කීවේය.

ඉතාලියේ මිලානෝ නගරයට ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු වශයෙන් ප්‍රථම වතාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ  උතුරු ඉතාලියේ ශ්‍රී ලාංකික ජනතාව ඇමතීය.

ද්විත්ව පුරවැසිකම අත්හිටවුයේ මීට වසර දෙකකට කලිනි.

එසේම ශ්‍රී ලාංකික බැංකුවක් ඉතාලියේ ස්ථාපිතකරණ බවත් , මිලානෝ නගරයට කොන්සල් කාර්යාලයක්ද ලබා දෙන බව ජනපති කීවේය.

දැනට  ඉතාලියේ සේවය කර විශ්‍රාමලබා ඇති ශ්‍රී ලාංකිකයකුට  තම විශ්‍රාම වැටුප  ලංකාවට ගෙන්වා ගැනිමට  ඉතාලි රජයත් සමග සාකච්ඡා කර නීතිරීති සම්පාදනය කිරිමට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයාට උපදෙස් දුන් බවද පැවසීය.

පිටරටක සේවය කරන කෙනකු ලංකාවට වාහනයක් ගෙන්වා ගැනිම සම්බන්ධයෙන් ලාංකිකයෙක් ප්‍රශ්නයක් ඇසුවාය ,මහින්ද චින්තනයේ අනූනව වැනි පිටුවේ ඇති පරිදි  ශ්‍රීලංකාවට නීත්‍යනුකූලව මුදල් එවන ප්‍රමාණය අනුව වාහන ගෙන්වා ගැනීමේ බලපත් ලබාදෙන බව ජනපති කීවේය.

මිලානෝ සහ ඒ අවට නගරවල ශ්‍රී ලාංකිකයන් එහි වුහ. නරඹන්නන් 1200 පමණ අසුන් ගතහැකි ශාලාව සම්පූර්ණයෙන්ම පිරීතිබිණු අතර තවත් විශාල ජනතාවකට ශාලාවට ඇතුළු වීමට නොහැකි විය 

 



අදහස් (0)

ජනවාරියේ සිට ද්විත්ව පුරවැසිකම

පතිරණ Sunday, 05 October 2014 01:33 PM

මට නම් මේ බයිලා අහලා ඇතිවෙලා ඉන්නේ. (නදී)

:       0       0

ජොෂ් පැටිකිරිආරච්චි Sunday, 05 October 2014 01:48 PM

ද්විත්ව පුරවැසි බව දෙන්න එපා. ද්‍රවිඩ බෙදුම්වාදින් හිටු පිනුම් ගහවී නැවත දුන්නොතින්. නැවත කොටි සංවිධානයත් මේ රටේ හදාවි. (නදී)

:       0       0

ජයන්ත Monday, 06 October 2014 06:46 AM

දැන් මොකද්ද ගිහාන් මගේ තිබෙන කුහකකම ? ලංකාවේ ඉඳගෙන රජය අපහසුතාවයට පත් කරමින් අත්‍යවශ්‍ය සේවා වර්ජනය කරමින් පඩි මදි කියල පිකටින් වර්ජන කරන උදවිය ගැන ඔබ මොනවද කියන්නේ ? ඒ ගොල්ල ගුණවන්තයින්ද ? අපි හොඳ දේවල් වලට හොඳයි කියල කියනවා. හැබැයි මෙතන ස්තුති කතාවල් වලට අපිට නිකම් මහන්සි වෙන්න දෙයක් නැහැනේ. ඔයගොල්ලන් වගේ වන්දි භට්ටයන් ඉන්දෙද්දී (නදී)

:       0       0

ගීත් Sunday, 05 October 2014 01:51 PM

අඩුම තරමින් රේගු බද්දෙන් 50% කින්වත් වාහනයකට සහනයක් ලබාදෙන්න (නදී)

:       0       0

ජෝන් Sunday, 05 October 2014 02:05 PM

ඔන්න අපේ උන්දැටත් ඒ පාර ලැම්බෝගිනියක්න් ඕන කියනවා (නදී)

:       0       0

ගිහාන් Monday, 06 October 2014 06:56 AM

ජයන්ත ඔන්න මම මුලින්ම අදහස් ලියපු කෙනා මිසක් ඔයාට ආඩපාලි කියපු කෙනා නෙවෙයි. ඒ ගිහාන් මෙතන කතෘ කම බලන් ඉන්න කෙනෙක්ද කොහෙද ? අපි මෙතන ලියන දේවල් වල ගුණාත්මක භාවය තීරණය කිරීම එයා පැනල භාර අරන්. (නදී)

:       0       0

කෙවින් Monday, 06 October 2014 07:04 AM

මොකද මේ සමහරු ත්‍රස්තවාදීන් මතක් කරකර බයේ ගැහෙන්නේ? ඔහොම පුලුවන්ද රට සංවර්ධනය කරගන්න. ඕස්ට්‍රේලියාව වගේ රටවලටත් දැන් ත්‍රස්ත තර්ජන තිබෙනවාලු. දැන් එහෙම කියලා ඒ රටේ ද්විත්ව පුරවැසිකම නවත්වලාද ? (නි)

:       0       0

රෝහණ Sunday, 05 October 2014 02:27 PM

විවිධ කාලෝචිත අදහස් සහ යෝජනා ගොඩක් හොඳයි. එ්ත් ලංකාවේ නොමිලේ ඉගෙනගෙන, ටික දෙනෙක් පිටරට ගිහිල්ලා ඩොලර්, යුරෝ, ඩිනාර්, රියාල් වලින් හම්බ කරලා. එයාලටම "ඩියුටි ෆ්‍රී" වාහන පර්මිට් සහ සියලුම පහසුකම් දෙන්න ඕනා. ඒත් ලංකාවේ ඉගෙන ගෙන, දුප්පත් ලංකාව දාල යන්නේ නැතිව, ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට සේවය කරගෙන, ගොඩක් අපහසුතාවයන් මධ්‍යයේ ලංකාවේම ජීවත් වෙන මිනිස්සුන්ට කිසිම සාධාරණයක් නැද්ද? පිට රට ඉන්න අය ලංකාවට විදේශ විනිමය එවනවා තමයි. එත් අද ලංකාව ජීවත් වෙන්නේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් රජය අයකරන බදු සහ ඩියුටි වලින් විතරක් බවත් මතක තිය ගන්න එක හොඳයි. පාරවල්, ගුවන් තොටුපොළවල්, වරායවල් හැදුනට රටේ දල ජාතික නිෂ්පාදනය ඉතාමත් අඩුවෙලා. මේක ඉරිසියාව නොවෙයි අපට පිටරට යන්න බැරි උනාට. හිතලම බලන්න. අනිත් මිනිස්සු ගැනත් චුට්ටක් හරි හිතන්න. (නදී)

:       0       0

සේන Sunday, 05 October 2014 03:36 PM

රෝහණ මහත්තයෝ ඉරිසියා හිතන්න කල් වැඩියි. ඔය කියන එක දෙයක්වත් වෙන්නේ නැහැ. කොහොම නමුත් රටේ ඉගෙන ගෙන කරන්න දෙයක් තියෙනවා නම් මේ වගේ ඇවිත් දුක් විදින්න ඕනද? ගෙයක් දොරක් හදාගන්න දරුවන්ට උගන්නගන්න මෙහෙ ඇවිත් දුක් විදිනවා මිසක්. මේකත් ජීවිතයක්ද දරුවෝ. (නදී)

:       0       0

සිරිසේන Sunday, 05 October 2014 03:48 PM

අපේ එක්කෙනා කොල් කරලා කීවා සල්ලි එවපු කොළ ඔක්කොම පරිස්සම් කරගන්නවලු ලංකාවට ආපුවාම ඩිමෝ බට්ටෙක් ගෙන්නා ගෙන පොලෙන් පොලට වෙළදාමේ යමුලු. (නදී)

:       0       0

ටෙනිසන් Monday, 06 October 2014 07:31 AM

බොහොම හොඳ ආරංචියක් (නි)

:       0       0

නිපුල් ගුණසේකර Sunday, 05 October 2014 03:52 PM

බොහෝ විදෙස් රැකියා වල නිරත වන්නන් අදාල වෘත්තියේ නිපුනතාව ලබාගැනීම සඳහා ලංකාවේ පාසැල් හෝ සරසවි, නිදහස් අධාපනයෙන් පමනක් සීමානොවී, වැඩිදුර අධ‍යාපනය, ඇවැසි වෘත්තීය සුදුසුකම් ආදී දෑ, තමන් ගේ වියදමින් සරි කරගනිති. කිසිදා රටට බරක් නොවී, උපයන දෑ, මව්රට පෝෂනයට, ආයෝජනය කරති. උපයන මුදල් මෙරටට ඇදගැනීමට ඔවුන් තවදුරටත් දිරිගැන්විය යුතුය. විගමනිකයෙකුගෙන් නියත කාලයකදී මෙරටට ලැබෙන විදේශ විනිමයට සමානුපතිකව, තීරුබදු නිදහසක් ලබාදීම මගින්, ඉපැයීම් මෙරටට එවීම දිරිගැන්විය හැක. තමන් උපයාගන්නා තීරුබදු නිදහසේ වටිනාකමට වාහනයක් මිලදී ගැනීමට උවද භාවිත කලහැකි වියයුතුය. (නදී)

:       0       98

මංජුක Monday, 06 October 2014 07:32 AM

මොනවද මේ නව නීතිරීති? (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 05 October 2014 03:53 PM

ද්විත්ව පුරවැසි බාවය ලබන්නට කෙනෙකු ශ්‍රී ලංකා රජයට රුපියල් ලක්ෂ 3 ක මුදලක් ගෙවිය යුතුයි. පවුලේ සාමාජිකයන් බිරිඳ හෝ දරුවන් ඔහු සමග ඉල්ලන්නේ නම් රුපියල් ලක්ෂයක් සෑම සාමාජිකයකු වෙනුවෙන් ගෙවිය යුතුය. එසේ ගෙවීමට මුළු පවුලම එකවර ද්විත්ව පුරවැසි භාවය ඉල්ලිය යුතුය. වෙන වෙනම ඉල්ලුවොත් කෙනෙකු වෙනුවෙන් ලක්ෂ 3ක් අනිවාර්ය ගෙවුම වේ (නදී)

:       0       0

පද්මිණී Sunday, 05 October 2014 04:02 PM

එහෙනම් ජනපතිගේ විතරක් නෙවෙයි අපෙත් ගුරු උච්ච වෙලා ජනවාරියෙන් පස්සේ . මට නම් ඔය අට මගලේ තිබුනත් නැතත් එකයි. මේ විදියට වසරක් ගානේ ඇවිල්ල අසල් වාසීන්ටත්, පවුල් වල අයටත් හැකි පමණින් උපකාර කරනවා. අපි රට ගැන හිතනවා . ගණන් වැඩිය දීල ශ්‍රී ලන්කන් ගුවන් සේවය තමා සැමදා තෝරා ගන්නේ. (නදී)

:       0       0

විකුම් Monday, 06 October 2014 07:51 AM

ද සිල්වා බර්ලින්, කරුණාකර ඔබතුමා නොදන්නා කරුණු ගැන නොලියා ඉන්නවද? ඔබතුමා ඔය කියන සරල ක්‍රමයට විශ්‍රාම වැටුප ලංකාවට ගෙන්වා ගන්න පුළුවන් නම් ලංකාවේ මිනිසුන්ට බුද්ධිය නැහැ කියලා හිතනවද? ඉතාලිය තුළ ස්ථිර පදිංචිය නොමැති විදේශිකයෙකුට නොකඩවා මාස් පතා බැංකු ගිණුමට මුදල් බැර කිරීමට තරම් යුරෝපීය පාලකයින් මෝඩයින් කියා ඔබතුමා හිතනවද? නිවාඩුවකට මසකට දෙකකට ලංකාවට ගිහින් ටේලර් යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමේ සරල ක්‍රමය මේ විශ්‍රාම වැටුපත් එක්ක පටලාගන්න එපා මහත්තයෝ. ඔබතුමා පදිංචි ලංකාවේ තියන ඔය කියන "බර්ලින්" අයත් වෙන්නේ මොන පළාතටද කියලා අපිව ටිකක දැනුවත් කරනවද? (නි)

:       0       0

එන්සිනා Sunday, 05 October 2014 04:30 PM

හැබැයි කවදාවත් අපිට බදුරහිත වාහන ගන්න නම් ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

යශෝධා Sunday, 05 October 2014 04:45 PM

හරිම සතුටුයි! (නි)

:       0       0

වින්සන්ට් Sunday, 05 October 2014 05:40 PM

රෝහණ මහත්මයා, ඔබතුමාගේ අදහස වඩාත් නිවැරදිවීමට නම් ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ලබාදෙන තීරුබදු සහන ගැනත් සඳහන් විය යුතුය. විදෙස් රටවල සේවය කරන අය වැඩිපුර මුදලක් සොයාගනු ලැබුවත් විඳින දුක් දන්නේ ඔවුන්ය. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 05 October 2014 06:49 PM

මොනදේ කළත් අපි අපේ ජාතියට ආගමට ගරුකරන්න, සිංහලකම අගය කරන්න ඕනෑ. (නි)

:       0       0

මානවී Sunday, 05 October 2014 07:10 PM

ඇත්තටම අපි අපේ රටට ආදරෙයි (නි)

:       0       0

මහේෂ්‍ Sunday, 05 October 2014 07:23 PM

බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නිලංග Sunday, 05 October 2014 08:51 PM

ඔය කියන නීතිරීති මොනවද කියලා අපි දැනගන්න කැමතියි. අපි මේ පිටරට ගියේ ලංකාවේ ලැබෙන සොච්චම් පඩියෙන් දෙමව්පියන්ට සළකලා නංගිලා බන්දලා දීලා, දැන් දරු පවුල් නඩත්තු කරන්න තිබෙන අමාරුවට මිසක් කැමැත්තකින් නෙමෙයි. දරුවන්ට උගන්වන්න සල්ලි ටිකක් ඉතිරි කරලා මට නම් ඕනෑ නැවත ඇවිල්ලා පිනක් දහමක් කරගෙන ලංකාවේ ජීවත්වෙන්න. හැබැයි දැන් මේ ද්විත්ව පුරවැසිභාවය ගත්තා කියලා මගේ ඊළඟ පරම්පරා හතකට ණය ගෙවන්න සිද්ධ වෙනවා නම් මම මේ ඉන්න තැනම ඉන්නම්. සාධාරණ ගාස්තුවක් අය කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. (නි)

:       0       1

නන්දන පනාගොඩ මිලානෝ Monday, 06 October 2014 09:05 AM

ද සිල්වා බර්ලින්...මේ ඉතාලියේ ඉන්න ලංකාවේ මිනිස්සුන්ගේ අදහස් වල කිසිම ධනාත්මක භාවයක් නැහැ. හැමදෙ ගැනම හිතන්න පුරුදුවෙලා ඉන්නේ 'නොකෙරෙන පැත්තට'. පෙන්ෂන් එකක් කෙලින්ම යන්නේ බැංකු ගිණුමකට. එම පුද්ගලයා ගෙදර ඉන්නවද කියල බලන්න කවුරුත් එන්නේ නැහැ. අනික පෙන්ෂන් ගිය පුද්ගලයකුට ලෝකේ කොහේ හෝ සැරි සැරීමට රිසි අයිතියක් තිබෙනවා. විශ්‍රාම යාමේ අර්ථයද එයයි. එය බැංකුවට එවීම නවතින්නේ එම පුද්ගලයාගේ මරණය ලියාපදිංචි වූ විටයි. විකුම් වැනි බහුබූත හීන දකිමින් ඉතාලියේ ජීවත් වන බොහෝ දෙනා කරන්නේ 'අත යටින්' මුදල් ගන්න රැකියා. මේ යට කොහොමවත් පෙන්ෂන් එකක් ලැබෙන්නේ නැහැ. (ස)

:       0       0

වසන්ත Sunday, 05 October 2014 08:59 PM

මීළඟ ජනාධිපතිවරණය තියද්දි ඉතාලියේ ඉන්න අපටත් ඡන්දෙ දාන්න අවස්ථාව ලැබුනොත් ඒ ඡන්ද වලින් 75% ක් ඔබතුමාට. පිටරට වල ඉන්න ලංකාවේ අය ජනාධිපතිතුමාට ආදරෙයි. මොකද නිවාඩුවට ඇවිල්ලා යන්නවත් රටක් ඉතුරු කරලා දුන්නේ ඔබතුමා නිසා. (නි)

:       0       0

ජයන්ත Sunday, 05 October 2014 09:00 PM

අපි පිටරට ඇවිල්ලා ගතකරන්නේ කෝටිපති ජීවිත නෙමෙයි. පඩිය මදි, උසස්වීම් නැහැ, රස්සා නැහැ කියලා රජයට බැන බැන ලංකාවේ කල් මරනවාට වැඩිය උගත් දෙයින් ප්‍රයෝජන අරගෙන රටට ලෝකයට බරක් නොවී ජීවත්වෙන්න ඕනෑ නිසයි පිටරට ආවේ. එම නිසා මේ කියන නීතිරීති සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු ඒවා වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

සුරංග Sunday, 05 October 2014 09:06 PM

දැන් මේක ගන්න ගිහිල්ලා අපිට මොන මොන කරදර වලට මුහුණදෙන්න වෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් මම නම් එකපාරටම විශ්වාස කරන්නේ නැහැ. වඩාත්ම වැදගත් වෙන්නේ ඔය කියන නව නීතිරීති මොනවාද හරියටම දැනගෙන ඉල්ලුම් කරන එකයි. (නි)

:       0       0

නෙළුම් Sunday, 05 October 2014 09:37 PM

නිපුල්ගේ අදහස වැදගත්. උගතුන් රට හැරයන්නේ රට ගැන තිබෙන ඇල්ම අඩු නිසා නෙමෙයි. සෑහෙන පිරිසක් කැමතියි තමන්ගේ අදාළ ඉලක්ක සම්පුර්ණ කරගත් පසු නැවත ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන්න. (නි)

:       0       0

චන්දන Sunday, 05 October 2014 11:49 PM

සාධාරණ ගණනක් අයකළාට අපේ අකමැත්තක් නැහැ. (නි)

:       0       0

බකමූණ Sunday, 05 October 2014 11:49 PM

ද්විත්ව පුරවැසිකම සරණාගතයින් හැටියට ගිය කට්ටියට දෙන්න එපා. ඒ ගොල්ලෝ ලංකාව ගැන හරිම නරක දේවල් කියලා තමයි වෙන රටවල පුරවැසිකම් ගත්තේ (නි)

:       0       0

ගිහාන් Monday, 06 October 2014 02:24 AM

ජයන්ත, අතිගරු ජනාධිපතිතුමා කළ ප්‍රකාශය පැහැදිලියි. මුලින්ම ඒ ගැන එතුමාට ස්තුතිය පළකරමින් ඔබේ අදහස ඉදිරිපත් කිරීම නේද හොඳ? දැන්වත් කුහකකමින් මිදී ගුණවන්තයෙක් වෙන්න. (නි)

:       0       0

බිහාර Monday, 06 October 2014 05:35 PM

මේක හොඳ ආරංචියක් (නි)

:       0       0

රත්න Sunday, 05 October 2014 09:59 AM

ඉතාලියෙත් ඡන්ඳෙට කැම්පේන් ගිහින් වගේ. (නදී)

:       0       0

විකුම් Monday, 06 October 2014 10:35 AM

නන්දන පනාගොඩ මිලානෝ, ඔබ ඔබගේ පෙන්ෂන් එක ඒ විදිහටම අරගන්න. හරක් එක්ක වාද කරන්න මම තවම ඉගෙන ගෙන නැහැ. ඔබ පදිංචි මිලානෝ, පිහිටලා තියෙන්නේ ලංකාවේ මොන පළාතේද කියල කතාවෙන්ම හිතාගන්න පුළුවන්. බකපඬිතයෝ "පොරවල්" වෙන්න හරිම හපන්නු. ඉතාලි පාලකයින්ගේ ඔලු ගෙඩියත් ඔබගේ ඔලුගෙඩියට සමානයි කියල හිතුවට, ඔලුව ඇතුලේ තියන අවයව වෙනස් වගේම ඔවුන්ගේ මොලේ පිහිටලා තියන තැනත් ඔබට වැඩිය ගොඩක් වෙනස්. (ස)

:       0       0

චමින්ද Monday, 06 October 2014 08:03 PM

පද්මිණි,මටත් දැනගත යුතු කරුණු ටිකක් තමයි ඔබ අසා ඇත්තේ.නමුත් හරි පිළිතුරු නැහැ.හිටිගමන් නීති වෙනස් කරනවා.අලුත් නීති මාධ්‍ය මඟින් හෝ ප්‍රසිද්ධ කිරීමක් සිදුවන්නේ නැහැ. (නි)

:       0       0

අමා Sunday, 05 October 2014 10:16 AM

වැදගත් තීරණයක්. අපි වගේ අයට ගොඩක් වටිනවා. නීති පොඩ්ඩක් ලිහිල් කර අපිට වැදගත් වනසේ සහයෝගය දෙන්න. ජනාදිපතිතුමනි, මොකද අපි අපේ රටට ගොඩක් ආදරෙයි. සොයන මුදල් කොහේ හිටියත් එවන්නේ අපේ රටට නිසා මේකරන දේ ශ්‍රී ලාංකිකයන් වන අපට කරන ලොකුම උපකාරයක්. ඔබ තුමා ගන්න යහපත් තීරණ නිසා ඉදිරියටත් රටේ නායකයා වී ධර්මිස්ටව රට පාලනය කරන්න. අධර්මිස්ට අය ඔබේ පාලන දාමයෙන් ඉවත් කරන්න. රටට බොහෝ සෙත සැලසේවි (නදී)

:       0       0

නාලි Monday, 06 October 2014 03:55 AM

මට නම් කාර් එපා. රට සල්ලි ටික මාරු කරලා හදාගත්ත බැංකු තැන්පතුවට දුන්න සියයට 14 ආයෙත් දෙන්න. පිටරට සල්ලි ලංකාවට ගේන්න උනන්දු කලාට වැඩක් නැහැ එ්කට හරි ආදායමක් නැත්තම්. (නදී)

:       0       0

සමන් කුමාර Sunday, 05 October 2014 10:18 AM

ද්විත්ව පුරවැසි භාවය ලැබුනහම ලංකාවට ඇවිත් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්නේ. (නදී)

:       0       0

ගිහාන් Sunday, 05 October 2014 10:22 AM

තව ටිකක් පැහැදිලි වුනා නම් හොඳයි. මොනවද මේ නව නීති කියල එහෙම (නදී)

:       0       0

ධම්ම Monday, 06 October 2014 04:13 AM

ශ්‍රීලංකාවට නීත්‍යනුකූලව මුදල් එවන ප්‍රමාණය අනුව වාහන ගෙන්වා ගැනීමේ බලපත් ලබාදීම සාධාරණයි. ද්විත්ව පුරවැසිභාවය ගැන නම් මා කතා කරන්න කැමති නැහැ.(නදී)

:       0       0

බණ්ඩා Sunday, 05 October 2014 10:34 AM

ද්විත්ව පුරවැසි භාවය දෙන නැකත තියෙන්නෙත් ජනවාරි වලින් පසුවද ? (නදී)

:       0       0

සඳුන් Sunday, 05 October 2014 11:07 AM

පිටරට ඉදන් ඡන්දෙ දාන්න පුලුවන් විදිහක් හදලා දෙනවා නම් හොඳයි ඇමරිකාවේ වගේ (නදී)

:       0       0

ශාන්ත Monday, 06 October 2014 11:16 AM

පසුගිය අවුරුදු 25 කාලයට එක එක දේශපාලුවෝ ඇවිල්ල බොරු බයිලා කියල යනවා. මෙතෙක් කරපු කිසි දෙයක් නැහැ. (නදී)

:       0       0

සේන Sunday, 05 October 2014 11:25 AM

කඩවුණු පොරොන්දු සහ කඩවෙන පොරොන්දු. (නදී)

:       0       0

මානවී Sunday, 05 October 2014 11:34 AM

ජනාධිපතිවරණය දැන් ළඟ එනවා නේද. 2008 දීත් මේ වගේ කතාවක් කිව්වා වගේ මතකයක් තියෙනවා. කොහොම උනත් බදු රහිත වාහනයක් ගන්න පුළුවන් උනොත් අපට ලොකු සහනයක් දැනේවි. (නදී)

:       0       0

ශාන් Sunday, 05 October 2014 11:35 AM

ජනවාරි වෙනකොට තව ගොඩක් දේවල් අපිට ලැබයි. කරුණාකර සියලු දෙනාම මතක තබාගන්න පවුලේ සියලු දෙනා ඇමෙරිකානු පුරවැසියන් බව. (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 05 October 2014 11:55 AM

තව කල් නොයවා , මෙවෙලේම නව නිති මොනවද කියලා සියලු තොරතුරු එළිකරන්න. වසර දෙකක්ම කල් මැරුවා ඇතිනේ අයකරන මුදල ගැනත් දෙවරක් හිතන්න. රට විරුවෝ කියල බෙල්ල තදින්ම මිරිකන්න එපා. රන් බිජු දමපු කිකිලියට වුනු දේ දන්නවනේ. ඉදිරි අලුත් විස්තරත් මේකත් පලකරන්න (නදී)

:       0       0

නිපුල් ගුණසේකර Sunday, 05 October 2014 11:57 AM

කාලෝචිත යේජනාවක්. ලංකාවට නීති‍යානුකූලව එවන විදෙස් මුදල් වලට සමානුපාතිකව තමන් ගේ පුද්ගලික පරිහරනය සඳහා විදෙස් නිමැයුම් භාණ්ඩ (වාහනයක්) ආනයනය කිරීමට බදු සහන දෙන ක්‍රමයක්, හෝ නිවෙසක් ඉදිකරගැනීම් ආදී දෑ වලදී බදු සහන මත අමු ද්‍රව්‍ය මිලයට ගැනීමේ ක්‍රමයක්. නිසැකවම රටට නීත්‍යානුකූලව ලැබෙනවා විදෙස් මුදල් ප්‍රමානය වැඩිවෙනවා. විදෙස් රැකියා ප්‍රවර්ධනය ආයාසයකින් තොරව සිදුවේවි. මෙම ක්‍රමය විදෙස් ශ‍්‍රමිකයන් බහුලව සිටින තුන්වනි ලෝකයේ රටවල ඉතා සාර්ථක වූ ක්‍රමයක්. (නදී)

:       0       0

මධුභාෂිනී Monday, 06 October 2014 05:32 AM

නමුත් මේ මුවාවෙන් ත්‍රස්තයින් ඉබේම ප්‍රයෝජන ලබන්නත් වැඩි ඉඩකඩක් තිබෙනවා. අනික මේ ගැන වපර ඇසින් බලන සිංහලයිනුත් ඉන්නවා. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 05 October 2014 12:40 PM

ඉතාලියේ විශ්‍රාම වැටුප ලංකාවට ගෙන්වාගන්න ඔච්චර දඟලන්න අවශ්‍ය නැත. වැටුප ඉතාලියේ බැංකු ගිණුමට බැර උනාට පස්සේ ඉන්ටෙර්නෙට් බෑන්කින් ක්‍රමය භාවිතා කර ලංකාවට ගෙන්වාගත හැකිය. එහෙමත් නැත්නම් ඉතාලියේ බැංකුවට මාස් පතා යම්කිසි මුදලක් ලංකාවේ බැංකු ගිනුමක බැර කරන ලෙස ස්ථාවර නියෝගයක් දෙන්න. එහෙමත් නැත්නම් ඉතාලියේ බැංකුවේ ඩෙබිට් කාර්ඩ් එක භාවිතා කර එදිනෙදා වියදමට අවශ්‍ය මුදල් ලංකාවේ ඒ.ටී.එම් යන්ත්‍ර වලින් ලබාගත හැක (නදී)

:       0       0

පද්මිණී Monday, 06 October 2014 05:39 AM

නිති සේවයේ යෙදෙන දන්නා කෙනෙක් කරුණාකර පහදා දෙනවද ද්විත්ව පුරවැසිකම නොමැති නම් ලංකාවෙන් අපිට අහිමි විය හැකි දේවල් මොනවද? දේපළ, වත්කම්, මිලදී ගැනීම හෝ පරම්පරාවෙන් ලැබුණු දේපොළ ගැන. (නදී)

:       0       0

සමන් අල්විස් Sunday, 05 October 2014 12:47 PM

නිලුපුල් ඔයාගෙ යෝජනාව වටිනවා. බ්ලූ පර්මිට්, ගිෆ්ට් පර්මිට් කියල ක්‍රම දෙකක් තිබුනා. දැන් ඒව නෑ. තියන කාලෙ උනත් ගන්න ගියහම පුදුම රස්තියාදුවක් තියනවා​. කරනාකරල​, රටේ ආර්ථිකයට දායක වෙන අපිට සහනයක් දෙන්න​. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 45 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 52 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 166 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 32 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 268 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 213 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38139 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25100 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site