තාක්ෂණික ක්ෂේත්‍රයේ පමණක් නොව, ඒ.අයි. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ දී ඉදිරියෙන් පසුවන, ඇමෙරිකාවේ ‘එන්-වීඩියා’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්විය.

ජෙන්සන් හුවාන්ග් ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් මෙන්ම, ‘එන්-වීඩියා’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික යන තනතුරින් ද ඉල්ලා අස්වුණු බව ඇ​මෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.

චීන ඔත්තුකාරියක යැයි පැවැසෙන ළාබාල තරුණියක සමඟ ඇතිවූ අනියම් ප්‍රේම සම්බන්ධය මෙම ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුවය. මෙම තරුණිය ජෙන්සන් හුවාන්ට ළංවී ‘එන්-වීඩියා’ සමාගමේ රහස් ලබා ගත් බව ද පැවැසෙයි. ජෙන්සන් හුවාන්ග් විවාහකයකු මෙන්ම දරුවන් දෙදෙනකුගේ පියකු ද වෙයි.

(එන්.ඩී.ටීවී.)