ජපන් අගමැති ෂින්සෝ ඇබේ අද උදෑසන 8.30 ට පමණ කැලණි රජමහා විහාරයට පැමිණ රත් පියුමින් බුදුන් පිදීය. විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ද, කැලණිය විහාරවාසී දෙනියායේ පඤ්‍ඤාලෝක හිමියන් හා බස්නායක නිළමේ ධම්මික ආටිගල මහතා ඇතුළු පිරිසක් ද හමුවිය. හෙලේනා විජයවර්ධන ආර්යාවගේ ධන පරිත්‍යාගයෙන් හා පුරෝගාමීත්වයෙන් සෝලියස් මැන්දිස් ශිල්පියා විසින් අඳින ලද බිතුසිතුවම් ජපාන අගමැති නැරැඹීය. මහාචාර්ය මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ සධාතුක කරඬුව ජපන් අගමැතිගේ හිසේ තබා සෙත් පැතූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ "ජපන් අගමැති තුමාටත් ,මැතිණියටත් බුදු සරණයි ! (නදී)
අයියෝ ඒ පාර ජපන්නු. චීන රූමතියන් ගියා විතරයි දැන් ජප්පු (නදී)
ජපන් අගමැති හොඳ බෞද්ධයෙක්. ජපානය තවත් දියුනු වේවා! ලංකාවට හොඳ මිතුරෙක් වේවා! (නදී)
රටේ සුබ සිද්දියට විදේශ රටවල බලදරයන්ගේ පැමිණීම ඉතා වැදගත්. (නදී)
ඉතාම ලස්සන ඡායාරූප ටිකක්. අපේ ඉතිහාසයට එක්වෙන මොහොතක්. ජපන් අගමැතිතුමාටත් ,මැතිණියටත් බුදු සරණයි! (නි)
මම හිතන්නේ ලංකාව වගේ දියුණු රටක් දිහා බලල ආදර්ශ ගන්න වෙන්න ඇති එතුමා එන්න ඇත්තේ ජපානයත් ආශ්චර්යයක් කරයිද දන්නේ නැහැ අපිව කොපි කරලා (නදී)
මට පුදුමේ අර මර්වින් සිල්වා උන්නැහෙත් ඔතෙන්ට බඩගෙව නැති එක ෆොටෝ එකකට පෙනී හිටින්න (අ)
මොකෝ සුදත්, දුකද ඔයාට? (නි)
සිසිර කියන දේ හරි . අපේ ආශ්චර්ය කොපි කරන්න දෙන්න හොද නැහැ. ඕකට කොපි රයිට්ස් ගන්න ඕනේ. (ස)