IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජපානයේ ජය අවසන් මොහොතේ වැලකී යයි

නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු වටයේ ජපානය සහ කැනඩාව අද (27) පැවැති තරගය ලකුණු 23-23 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය. මෙම තරගය ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ සම තත්ත්වයෙන් අවසන් වූ තෙවැනි තරගය වන අතර ජපානය සහ කැනඩාව අතර පසුගිය 2007 ලෝක කුසලාන තරගාවලියේ තරගය ද ලකුණු 12-12 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.  තරගයේ පළමු අර්ධය අවසන් විට ලකුණු 17-7 ක් ලෙස ජපානය පෙරමුණේ පසු වූ අතර තරගයේ 79 වැනි මිනිත්තුවේදී කැනඩා පිලට ලැබුණු දඩුවම් පහර සාර්ථක කිරීම නිසා ලකුණු සම විය. කැනඩාවට ගෝලයකින්, උත්සාහක දිනුම් දෙකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබූ අතර ජපානයට ගෝල දෙකකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය.  මෙම තරගාවලියේදී ආසියානු කළාපය නියෝජනය කරන එකම රටවන ජපානය පළමු වටයේ තරග හතරෙන් තුනක් පරාජයට පත්ව තරගයක් සමව අවසන් කර ‘ඒ’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්ව තරගාවලියෙන් ඉවතට විසිවී තිබේ.කැනඩාව මේ වන විට පළමු වටයේ තරග තුනකට සහභාගි වී ටොන්ගා පිලට එරෙහිව ජය ලබා, ප‍්‍රංශය හමුවේ පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණු 6 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි. කැනඩාව සහ නවසීලන්තය අතර තරගය ලබන මස 2 වැනිදා පැවැත්වේ.



අදහස් (0)

ජපානයේ ජය අවසන් මොහොතේ වැලකී යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 35 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ගම්පහ සියයට 40යි
2024 සැප්තැම්බර් මස 21 178 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක් දහවල් 12 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 319 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 203 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 918 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 317 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14581 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 179 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site