ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ලුහු බැඳ ගිය බව කියන පිරිස තවම හඳුනාගෙන නැතැයි ද, වීඩියෝ දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීමට උත්සාහ කරන්නේයැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
පැමිණිල්ල ජනවාරි 15 වැනි දා නැවත කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීඩියෝ වලින් කොහොමද මනෝ විකාර අඳුන ගන්නේ..හොදම වැඩේ ජයසුරිය මහත්තයව මානසික දොස්තර කෙනෙකුට පෙන්නලා මෝහනය කරලා බලන එක.. එතකොට අහු වේවි හරියටම කවුද මෙයාගේ පස්සෙන් එලවන්නේ කියල.. වෙන කවුරුත් නෙමෙයි ඒ එයාගෙම හෘදසාක්ෂිය..එන් ජි ඔ පප්පන්ට හැදෙන පොදු ලෙඩක් ඕක.. (ස)
මේ මැරයෝ කවදාකවත් අල්ලගන්න පුළුවන් වෙන එකක් නැහැ,හරියට සන්ඩේ ලිඩෙර් පත්තරේ කතෘ තුමා ඝාතනය කල මිනිමරුන් වගේ . (ස)
කඩේ යන කෙනාට කොහොමත් තමන්ගේ පන් මල්ල ඇරෙන්න මොනවත් පේන්නේ නැහැ තමයි. (ස)
මේ මහත්තයට තියෙන්නේ තමන්ගේ වාහනේ ඉස්සරහයි පස්සෙයි වීඩියෝ කැමරා දෙකක් සවි කර ගන්නයි. දැන් මේවා ඉතාම ලාබෙට අන්තර් ජාලයෙන් මිලදී ගන්න පුළුවනි.(අ)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, අනෙක ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් තියෙනවද?(හේ)
බන්දුල පෙරේරා මහතාණෙනි, යුරෝපා සංගමය කොටි සංවිදානයේ තහනම ඉවත් කිරීමත්, කොටි සංවිදානය හිස එසවීමටත්, විපක්ෂය වෙත පැවරීමට යන "මනෝ විකාරය " ගැන මෝහනය කිරීමට යැවිය යුත්තේ කුමන දොස්තර කෙනෙකු ලගටද? (නදී)
අවට පෙන්නේ නැහැ නේ. විකාර එන ජී ඔ කාරයන්ගේ. (ස)
රජයක් සෑම පුරවැසියෙකුටම ආරක්ෂාව සැලසිය යුතුය කියන අදහස ඔබ පිළිගන්නේ නැද්ද? (හේ)
ඔප්පු වුණා නේද එන්.ජී.ඕ වලින් සල්ලි ගත්ත හැටි. ලැජ්ජා නැත්ද ? ගානත් එලිවුණා. අනේ නීතිය හා සාදාරනත්වයට ගිය කල. (නදී)
රටට වෙන විනාසය දැකගෙන ඉන්න බැරි උගතුන් දේශපාලකයන්ගේ ගොදුරු බවට පත්වෙනවා. මේක තේරුම් ගන්න බැරි අය අප අතරේ සිටීම ගැන කනගාටුවෙනවා. මේක එයාලට නොතේරෙන එකේ වන්දිය. එයාලගේ දරුවන්ට වගේම අපේ දරුවන්ටත් ගෙවන්න වෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් හිතල බලන්න (නදී)
වැඩි දෙනෙක් වලිගය පාගාගෙන වගේ. යන්නේ කොහෙද? මල්ලේ පොල්. නොම්බර නැති වාහන වලින් ඇවිත් මරන්න හදපු අය තොප්පි දාගෙන ඇවිත්. හඳුනා ගන්න බැරි පොලීසියට. ජයසුරියට නෙවි බන්. (නදී)
ජයසුරිය පස්සේ පන්නන්නේ ජයසුරිය මයි .හර්දය සාක්ෂිය. (හේ)
සේනාරත්නලා බන්දුල පෙරේරලා වෙන්න බැරිද ඔය පස්සෙන් අාවේ. (නදී)
පොලිසිය බන්දුල පෙරේරා මහත්තයගෙන් ප්‍රශ්න කිරීම සහ උපදෙස් ගැනීම කරොත් හොඳයි. මොකද, ඒ මහත්තය මේ ඔක්කොගෙම සුලමුල දන්නා පාටයි. මන් හිතන්නේ කොළඹ තියෙන ඔක්කොම ට්‍රැෆික් කැමරා ආදිය එතුමාගේ ඔෆිස් එකේ නැත්තන් විසිත්ත කාමරයේ තියෙන ස්ක්‍රීන් වලින් පේනවා වගේ (නදී)