(ජේ.කේ.එල්. චාමින්ද)
සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය මොනම හේතුවක් නිසාවත් රට විනාශ කරණ කල්ලි එක්ක සහ ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් සමග එකතුවෙන්නේ නැති බැව් සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (04)වැනි දා පස්වරුවේ ගාල්ලේ දි පැවසිය.
ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ පැවති සමගි ජන සන්ධානයේ ප්‍රචාරක රැළියක් අමතමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.හෙතෙම මෙසේද කිවේය.
අපිට පැහැදිලි වැඩපිළිවෙළක් හා දර්ශනයක් තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු බොහෝ දේවල් කරන්න බැරි බව කියන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැන් තරගයට එස්.එම්.එස් පණිවුඩ හරහා රටට පණිවුඩ දෙනවා. ඒ අයත් සමගි ජන බලවේගයේ අඩි පාරේ එනවලු. අපේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන මොහොතක ජනාධිපතිවරයා සහ ජ.වි.පේ එකට එකතුවෙලා බොරුකථා හදලා මුහුණු පොතේ දමලා මුදල් ගෙවලා සමාජමාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කරනවා අපි එකතුවෙනවා කියලා.
21 වැනිදා සමගි ජනබලවේගය ජයග්‍රහණය කරලා අපි එකතුවන්නේ මේ රටේ ලක්ෂ 220ක් වු පොදු ජනතාව සමගයි ජරාජිරණ වු පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් වලට යන්නේ නැහැ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් වලට යන්නේ නැහැ
kapila Wednesday, 04 September 2024 09:15 PM
අපේ රටේ අනාගත ජනාධිපතිතුමනි ඔබේ ජයග්‍රහණය ස්ථීරයි. දැන් ඔබ වට්ටන්න නොයෙක් වෙසින් එනවා රැවටෙන්න එපා...!
Saththaya Wednesday, 04 September 2024 09:56 PM
සුදුසුකම් නැති වූ බුද්ධියක් නැති ජරාජීරණ වූ චරිතයක්, උගතුන් ඉන්නා පක්ෂ වලට අවශ්‍ය වෙයි කියලා හිතන්න අමාරුයි.
kumara Wednesday, 04 September 2024 10:06 PM
සජිත් ඔබට ජයෙන් ජයම වේවා...!
යෝගා Wednesday, 04 September 2024 10:34 PM
නෑ, කිසිම හවුලකට යන්නේ නෑ. තනියම පැරැදිලා මාස දෙකක් විතර යාල කැලේ හැංගිලා ඉන්නවා...!
ගමේ එකාලා Wednesday, 04 September 2024 11:11 PM
මොන බොරුද? කිට්ටු කරගෙන ඉන්නෙත් හොර දූෂිතයෝ කියලා පේන්ඩම තියෙනවා .
Perera Thursday, 05 September 2024 08:50 AM
ඔහේගේ වටේ ඉන්නේ මොන වගේ එවුන්ද කියලා හොඳට බලලා කට අරින්න
chamath Thursday, 05 September 2024 08:59 AM
මෙයා නිකන් කතාකරන්නෙ අලුතෙන්ම දේශපාලනයට ආව පොඩීම පොඩි හරිම අහින්සක බබෙක් වගේ. ආන්ඩු කීයක හිටියද ඇමති කම් කර කර දූශනය ගැන කතාකරනව දැන්