හෙරොයින් ග්‍රෑම් 16 යි මිලිග්‍රැම් 1.9 ක් ළඟ තබා ගත් ජෝර්දාන් ජාතික අමර් යුෂුෆ් අල් සුදේන්ට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (15) මරණ දඬුවම නියම කළේය.
2012 නොවැම්බර් 22 වැනි දා කොස්ගස්හන්දියේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ රටේදී මේ වරද කළත් දඬුවම නම් මරණයම තමා. (නි)
දැඩි නීති ක්‍රියාත්මක කරන්න ඕනෑ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ට සහ මතට ඇබ්බහිවෙලා ඉන්න අයට (නි)
ඕක නමට විතරනේ. කවදාවත් එල්ලා මරන්නේ නැහැ. ටික කාලයකින් ජෝර්දානයට පිටත් කරලා යවයි. එ්කට අපේ එකෙක් එහෙදි අල්ලා ගත්තා නම්, 100% මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා (නි)
හොඳම නඩු තීන්දුවක්. අර කොකේන්කාරයින්වත් සුරතල් නොකර, නඩු අහමින් කාලේ කන්නේ නැතුව, වහාම මරණීය දණ්ඩනය දියයුතුය. ලංකාව සිංගප්පුරුවක් කරන්න කවුරුත් කතාකරනවා. නමුත් එහෙ ඇති ඍජු මරණීය දණ්ඩන ප්‍රතිපත්ති විශේෂයෙන්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපේ රටට ආරෝපණය කරන්නේ නැත්තේ මන්ද? (නි)
ග්‍රෑම් 16ක් තියන් හිටියට මරණ දඬුවම- හැබැයි කිලෝ ගණන් ගේන උදවිය නිදැල්ලේ - එයාලට අාසන සංවිධායක, ඇමති තනතුරු (බ)
සුසන්ත ඔබ හරි; (අ)
සුසන්ත කියන්නේ ඇත්තද? (නි)