හංවැල්ල ජල්තර නල ළිං කැණීමක් හේතුවෙන් තම ප‍්‍රදේශයේ ළිං ජලය සිඳී ගොස් ඇතැයි කියමින් ප‍්‍රදේශවාසීහු පිරිසක් අද(23) ජල්තර මංසන්ධියේදී කොළඹ - අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණහ.
ප‍්‍රධාන මාර්ගය අවහිර වීමෙන් දැඩි වාහන තදබදයක්ද ඇති වූ අතර පසුව හංවැල්ල පොලිසිය පැමිණ මාර්ගය හරස් කර සිටි පිරිස් ඉවත් කර වාහන
ගමාගමනයට ඉඩ ලබා දුන් අතර පසුව පිරිස විරෝධතාකරුවෝ පුවරු රැගෙන වෙනත් ස්ථානයක විරෝධතා පාඨ කියමින් පැයක පමණ විරෝධයක යෙදුණහ.
එහි පැමිණි හෝමාගම සහකාර පොලිස් අධිකාරී බැසිල් කි‍්‍රශාන්ත මහතා විරෝධතාවයෙහි යෙදුණු පිරිස් සමග සාකච්ඡා කර සඳුදා (24) මේ සඳහා
විසඳුමක් ලබා දෙන බවත් සංවර්ධන කමිටුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් පැවසීමෙන් පසු පිරිස විසිර ගියහ.
ජල විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ ඉවක් බවක් නැතිව නල ළිං කැපීම නිසා භූගත ජල මට්ටම බෙහෙවින් පහත වැටී ඇති බවයි. රජරට ද, උතුරේ ද, වයඹ ද එම තත්ත්වය ඇතැයි ඔවුහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන හේතුවකට මේ මිනිස්සු පාරවල් හරස් කරනවද දන්නේ නෑහෑ, ඕක තියන්න වෙන තැන් ඈත්තෙම නෑද්ද? හැම දේටම පාරවල් වහගෙන (බ)
ඕන එකකට පාරවල් හරස් කරන එක සාමාන්‍ය දෙයක් වෙලා මෙයින් වෙන්නේ රටේ අදායම නැතිවෙන මෙහි ප්‍රතිපල දැනෙන්නේ කාලයක් යන්න වෙනවා, මෙය මුළු රටම නැතිකරන උපායක් (බ)
රුවන්, ගමගේ, මේ වගේ දේ වලදි මිනිසුන්ගේ ප්‍රශ්ණ වලට අැහුම්කන් දීලා විසඳුමක් දෙන්න ප්‍රාදේශිය පාලකයන්වත් නිලධාරීන්වත් ඉදිරිපත් වෙන්නෙ නැත්නම්, පොලීසියට ගියත් පිළිසරණක් නැත්තම් රටට අැහෙන්න හරි අපිට පාරට බහින්න වෙනවා. එතකොට අඩුතරමින් පත්තරෙන් දැකලා හරි මේවට විසඳුමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. (නි)
නළ ළිඳක් හරියට සවිකරනවා නම් එන්නේ භූගත ජලය. ඔය කියන සාමාන්‍ය ළිං වලට එන්නේ භූතල ජලය. (නි)
රුවන්, ගමගේ, වැරදියට හිතන්න එපා, හිතල බලන්න තමන්ගෙ ගෙදර ලිඳ හිඳුනොත් ඒක තමන්ට කොච්චර දැනෙනවද කියලා. ප්‍රශ්නය තමන්ටම වුනොත් විතරයි ඒකෙ වේදනාව තමන්ට දැනෙන්නේ.අනික රටේ පාලකයො ඕව හරියට හොයල බලනවනම් මිනිස්සු පාරට බහින්නෙ නෑ. (බ)