(යොහාන් භාසුර)
නියඟය හේතුවෙන් ජලාශවල සක්‍රීය ජල මට්ටම පහළ බැසීමෙන් මේ වන විට ජල විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 12 ක් දක්වා පහත බැස ඇති බවත් ඉදිරි දිනවලදී සැළකිය යුතු වාර්ෂාවක් නොලැබුණ හොත් තවත් සති තුනක් පමණක් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි බවත් ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිලධාරියෙක් අද (28) පැවසීය.
විදුලිබල මණ්ඩලය සතුව පවතින ජල විදුලි බලාගාරවල නිෂ්පාදනය සියයට 12 ක් දක්වා පහත වැටීම හේතුවෙන් තාප බාලාගාරවලින් සියයට 66 ක් සහ සූර්ය සහ සුළං බලයෙන් සියයට 11 ක් පමණ විදුලිය නිෂ්පාදනය කරන බව කී එම නිලධාරියා මෙම තත්වය හේතුවෙන් විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් කෝටි 90 ක පමණ අමතර මුදලක් වැයකිරීමට සිදුව ඇති බව ද සඳහන් කළේය.
පසුගිය වසරේ අගෝස්තු මස ජල විදුලියෙන් විදුලි අවශ්‍යතාවයෙන් සියයට 58 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කළ බවත් ඉදිරි දින කීපයේදී වැසි නොලැබුණහොත් තත්වය දරුණු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
සියලුම ජල විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම් විශාල ලෙස පහළ ගොස් ඇති අතර අද පස්වරු වන විට සමනලවැව ජලාශයේ සියයට 0.9 ක්, උඩවලව ජලාශයේ සියයට 0.6 ක්, කාසල්රී ජලාශයේ සියයට 30 ක්, මාවුස්සාකැලේ ජලාශයේ සියයට 32 ක්, වික්ටෝරියා ජලාශයේ සියයට 26.5 ක් සහ මොරගහකන්ද ජලාශයේ සියයට 13.5 ක් දක්වා සක්‍රීය ජල ධාරිතාව පහළ බැස ඇති බවත් පසුගි 19 වැනිදා සිට මොරගහකන්ද ජලාශයේ ජල විදුලිය නිෂ්පාදනය අත්හිටුවා තිබේ.
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.
දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජල විදුලි සැපයුම සියයට 12 ට බසී