IMG-LOGO

2025 මාර්තු මස 09 වන ඉරිදා


ජීවිත කෑලි ගානට සලකන මගමරුවෝ

නුගේගොඩ ගුවන් පාලම මත දී බස් රථයක් හා යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් කැබ් රථය පැදවූ යුද හමුදා ලාන්ස් කෝප්‍රල් ගොඩගේ ලලිත් මහතා මියගොස් කපිතාන්වරයකු ඇතුළු දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව සඳහන් පුවත අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පෞද්ගලික බස් රථය වෙනත් බස් රථයකට ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යුද හමුදා කැබ් රියේ ගැටී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

මෙම රිය අනතුරෙන් පසුව ගනු ලැබූ ඡායාරූපයක් ද අප පුවත්පතේ පළවී තිබූ අතර යකඩ ගොඩකින් කිසි ලෙසකින් හෝ වෙනස් නැති කැබ් රියෙහි ඡායාරූපය දුටුවිට මග මරුවා කෙතරම් වේගයකින් පැමිණ තිබේ ද යන්න වටහා ගත හැකිය. මෙම අනතුර සිදුවී තිබෙන්නේ නුගේගොඩ ගුවන් පාලම මතදීය. ගුවන් පාලමක දී නොව මග මග ඇති බෝක්කුවක දී වුව ද වාහනයක් ඉස්සර කිරීම රථවාහන වරදකි. පෞද්ගලික බස් රථයේ රියැදුරා කොතරම් නොසැලකිලිමත් ලෙස බස් රථය පදවා තිබේ ද යන්න එමගින් පැහැදිලිය. මහ මග ජනී ජනයා ප්‍රවාහනය කරන්නේ මෙබඳු වගකීම් විරහිත නරුම රියැදුරන් නම් මේ රටේ පුරවැසියන්ගේ ජීවිත කොතරම් අවදානමකට ලක්වී තිබේ ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

මාර්ග විනය යනු රටක ජනතාවකගේ ආධ්‍යාත්මික ශික්ෂණය සහ විනය පිළිබිඹු කරන කැඩපත වේ. මහා මාර්ගයක කිසිවකුට තමන් අභිමත පරිදි වාහන ධාවනය කළ නොහැකිය. අවම තරමින් පයින් ගමන් කළ නොහැකිය. මාර්ග නීති රීති තිබේ. සෑම රියැදුරකුම මෙන්ම සෑම පදිකයකුම එම මාර්ග නීති රීතිවලට අවනත විය යුතුය. ඒවා අනුගමනය කළ යුතුය. මහ මග දී එම නීති රීතිවලට අවනත වන්නේ නම් රිය අනතුරු සිදුවීමේ සම්භාවිතාව බෙහෙවින් අඩුය. රිය අනතුරු බහුල වීමෙන් පැහැදිලි වන්නේ බොහෝ දෙනකු මාර්ග නීතිරීති අනුගමනය නොකරන බවය. මාර්ග විනයෙන් රටක ජනතාවකගේ ආධ්‍යාත්මික ශික්ෂණය හා විනය පිළිබිඹු වන්නේ නම් රිය අනතුරු බහුල රටක ජනයාගේ ඉරණම විසඳෙමින් තිබෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම අසීරු නැත.
නුගේගොඩ ගුවන් පාලම මත සිදුවූ අනතුරෙන් මියගිය ලාන්ස් කෝප්‍රල් ගොඩගේ ලලිත් මහතා තිස්පස් හැවිරිදිය. දෙදරු පියෙකි. යුද සමයේ ක්‍රියාන්විතවල දී දෙවරක්ම වෙඩි වැදුණ ද ජීවිතය බේරා ගැනීමට ඔහු සමත් විය. යුද පිටියේ දී බේරාගත් ජීවිතය නුගේගොඩ ගුවන් පාලම මත දී මග මරුවා බිලි ගත්තේය. කුඩා දරු දෙදෙනකු සමග ඒ අම්මා මහ පොළොවේ තනිවී ඇත. මහ මග විනයක් නැති රියැදුරු අම්බරුවන් නිසා කොතෙක් නම් මිනිසුන්ට අකාලයේ මරු වසඟයට යාමට සිදුවී ඇද්ද? එනිසාම කොතරම් මිනිස් ජීවිත ප්‍රමාණයක් මේ මහ පොළොවේ අසරණ වී ඇද්ද?

රිය අනතුරු සරලව නොගත යුත්තේ එහෙයිනි.

පෞද්ගලික බස් රථ සේවාව මෙරටට හඳුන්වා දීමත් සමග සමාජය කැපී පෙනෙන වෙනසකට බඳුන් විය. මහ ජනතාවගේ ගමනාගමනය පහසු විය. එහෙයින්ම රට කාර්යක්ෂම විය. විය යුත්තේ ද එයයි. එහෙත් ඒ සමගම ඇතිවූ නරක ප්‍රවණතා ද හඳුනාගත යුතුය.

රියැදුරු බලපත්‍රයක් ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් මෙරට තිබේ. රිය පුහුණු ආයතනයකින් පුහුණුව ලැබිය යුතුය. මාර්ග නීතිරීති මෙන්ම මාර්ග සංඥා සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් අවබෝධයක් ලබා තිබිය යුතුය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ලිඛිත පරීක්ෂණයකින් සමත්ව ප්‍රායෝගික පරීක්ෂණයෙන් ද සමත් වූ විට රියැදුරු බලපත්‍රය ලබාගත හැකිය. මෙම ක්‍රියාවලිය තුළ දී විධිමත් රියැදුරකු බිහිවේ.

පෞද්ගලික බස් රථයක රියැදුරකු මෙන්ම කොන්දොස්තරවරයා හෙවත් ගෝලයෙක් ද සිටියි. මේ ගෝලයා විවේකී අවස්ථාවල සුක්කානම අතපත ගෑමටත් බස් රථය එහාට මෙහාට ගැනීමටත් පුරුදු වේ. එසේ පුරුදු වූ බස් ගෝලයා නොබෝ දිනකින්ම බස් රියැදුරකු බවට පත්වේ. ඔහු රියැදුරකු වන්නේ විධිමත් ආකාරයට නොවන හෙයින් නිරෝගී රිය පැදවීමක් අපේක්ෂා කළ නොහැකිය.

බස් ගෝලයාට බස් මගියා යනු රුපියල් හතරේ, පහේ දහයේ කෑල්ලකි. නවත්තන්න ඕනෑ නෑ ඒක රුපියලේ කෑල්ලක් ටිකට් පත රුපියලට තිබූ සමයේ ගෝලයා කියන්නේ එහෙමය. මිනිසා රුපියලේ දෙකේ කෑලි ලෙස හඳුනා ගන්නා ගෝලයා රියැදුරකු වූ විට ද වෙනස් නොවේ. ඔහුට මහජනයා යනු කෑල්ලක් පමණි. පෞද්ගලික බස් සංස්කෘතියට අදාළ මෙම තත්ත්වය වෙනස් කිරීමට විධිමත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඔබේ ජීවිතය ද හෙට මගමරුවා බිලි ගැනීම අනිවාර්යය වනු ඇත.



අදහස් (3)

ජීවිත කෑලි ගානට සලකන මගමරුවෝ

Chaminda Wednesday, 22 July 2020 10:02 AM

රු. 25000 දඩය අවශ්‍යයි.

:       2       52

roshan Wednesday, 22 July 2020 10:09 AM

තනි බස් අයිතිකරුවන් සිටින තුරු රේස් යන එක් නවත්තන්න බෑ. සිදුවිය යුත්තේ බස් සමාගම් පිහිටුවා ඒවාට වගකීම පැවරීමයි.

:       0       77

de silva Wednesday, 22 July 2020 01:33 PM

බස් සහ හමුදා පෙර ගමන් කරනකොට මාර්ග නීති තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ.

:       0       27

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

එස්.අයි තාත්තා පුනරුත්ථාපන පුතාට කුඩු ගෙන යයි
2025 මාර්තු මස 09 206 0

අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී වවුනියාව පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින පුතාට ලබා දීමට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ගියේ යැයි කියන උප පොල


නිවාඩු ගත් සබරගමු සරසවි ඇදුරෝ කෝටි 9ක් ගිලලා
2025 මාර්තු මස 09 126 0

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් දහතුන් දෙනකුගෙන් අය කර ගත යුතු රුපියල් නවකෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් මෙතෙ


ඔබ කැමති නම් පුංචි ඡන්දෙට මමත් එනවා-චමල්
2025 මාර්තු මස 09 1932 8

කාල්ටන් නිවසට අද ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.


දියවන්නා කුස්සිය ලෙඩවෙලා
2025 මාර්තු මස 09 916 4

පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි වටිනා උපකරණ රැසක් අබලන්වීමෙන් එහි කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තාවේ.


දුම්රිය මාරු කළැයි මගීහු විරෝධයේ
2025 මාර්තු මස 09 1379 2

මහනුවර - කොළඹ පැරණිතම ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රියට යොදවා තිබූ පහසුකම් සහිත දුම්රිය ඉවත්කර අඩු පහසුකම් සහිත හා මන්දගාමී දුම්රියක් යෙදවීමෙන් නියමිත ව


‘‘පොයින්ට්ස්මන්ට‘‘ නින්ද ගිහින් දුම්රිය දෙකක් ගැටෙන්න ගිහින්
2025 මාර්තු මස 09 1157 2

මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන පොයින්ට්ස්මන් (සංඥා හසුරුවන්නන්) දෙදෙනාට කැබින් කාමරයේ නින්ද යාමත් සමග සිදුවන්නට ගිය මහා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 176 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 538 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site