ජනතාව මත බර පටවන වැට් බද්ද ඉවත් කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණ පාගමනක් අද (3) කොළඹ කාර්මික විද්‍යාල හන්දියෙන් ආරම්භ විය.
පාගමන කොළඹ කොටුව දක්වා යාමට නියමිතය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක ඇතුළු පිරිසක්ද 1000කට ආසන්න ජවිපෙ සාමාජිකයෝද ඊට එක්ව සිටිති.
පාගමන හේතුවෙන් කාර්මික විද්‍යාල හන්දියේ සිට කොටුව දක්වා මාර්ගයේ ගමනාගමන කටයුතු ඇන හිට ඇතැයි පොලිසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස් උඩදාගෙන සමහරු කියන බොරු වලට අහුවෙලා මිනිස්සු දැන් තේරුම් අරන් ඉන්නේ! (නි)
අනුර මහත්තයෝ, ඔයාලා මාර්ග අවහිර කරලා කරන මේ වැඩෙන් අපිට කරදරයි. ඔය බද්ද අපිට කරදරයක් වුණාම කවුරුත් කියන්න ඕනෑ නැහැ. අපි දන්නවා කරන්න ඕනෑ දේ. (නි)
ඔය පාර වහන්න එපා කියන මහත්තුරුන්ටත් ඔය බද්ද වදිනවා (නි)
ඔය සියල්ල දේශපාලන ගුලි කියලා අපි දන්නවා (නි)
අනිවාර්යෙන්ම මේ වගේ අතිශය ජනාකීර්ණ ප්‍රදේශ උද්ඝෝෂණ සහ විරෝධතා වලට තහනම් කරන්න ඕනෑ. කොච්චර මිනිස්සු අමාරුවේ වැටෙනවද? (නි)
මෙතන ප්‍රධාන පක්ෂ දෙකට කඩේ යන අදහස් දාපු අය තේරුම් ගන්න ඕනි දේ තමයි තමුන්ගේ ඡන්ද නිසා මේ රට විනාස වුනා කියන එක. ජවිපෙ 88-89 කැරැල්ල එන්න හේතු උනේ කළු ජුලිය ඇතිකරලා ජවිපෙ තහනම් කරපු නිසා. නැත්නම් ඒ මිනිස්සු ප්රජාතන්ත්ර වාදී දේශපාලනයේ හිටියේ. අයුක්තියට එරෙහිව නැගිටින මිනිස්සු නිසා මිසක් ඔබ වැනි වහලුන් නිසා ලෝකය දියුණු වුනේ නෑ. ප්‍රංශය, රුසියාව, චීනය විතරක් නෙවෙයි ඇමරිකා වත් එහෙම තමයි හැදුනේ. (හේ)
විහිලු සපයන්න එපා නේද මෙහෙම. වැට් බද්ද පනවලා මාසයක් විතර වෙනවා. (හේ)
ඇත්තටම මෙයාල නැති වුනානම් අද ලංකාව අප්‍රිකා රටක් වෙලා ඉවරයි (හේ)
රතු අලියා අලි නැටුම් සංදර්ශනය රඟපානවා වගෙයි මට පෙනෙන්නේ (නි)
මේ හැමෝම කරන්නේ මාධ්‍ය සංදර්ශන. මේගොල්ලෝ ඕනෑම දෙයකට මේවා තමා කරන්නේ. කවදාවත් රටට වැඩක් කරන්න ඕනෑකමක් නැහැ. කෑගහන්න කියන්න රටේ සියලුම මන්ත්‍රී ඇමති පඩිය 50% වෙන්න අඩුකරලා, ඒ මුදල් බදු වලින් අයකරන මුදල් වෙනුවට යොදවන්න කියලා (නි)
මේගොල්ලෝ පාරෙන් වැඩිහරියක් වහගෙන. ඒකාබද්ධ විපක්ෂයෙන් මෙහෙම එකක් කළා නම්, කෙළින්ම නඩු! මෙයාලත් ඉතින් ආණ්ඩුවේම කොටස්කරුවෝ නිසා කිසි ගැටළුවක් නැහැ. කාලෙන් කාලෙට පොඩි සද්දයක් දානවා, මිනිස්සු රවට්ටන්න. ඉස්සර ගිරිය පුප්පගෙන කෑගහපු ඇමරිකානු ආක්‍රමණ, ඉන්දියානු ආක්‍රමණ දැන් නැවතිලාද ක්ෂණිකව? (නි)
පාර අවහිර නොකර ඕනෑ දෙයක් කරන්න. අපිට කරදරයක් ඔයාලා මේ කරන දේ . කරුණාකරලා අපිව තේරුම්ගන්න. අපි අසරණ ජනතාව. (නි)
ඔය ඔක්කොම බොරු රඟපෑම් (නි)
ජවිපෙට ජයවේවා.. ! (නි)
මේකට අදහස් දාන අය ඉන්නේ ලංකාවේද නැත්නම් වෙන ග්‍රහලෝකයකද කියලා හිතෙනවා. 1971 පසුව අරගල කරලා යමක් රටට ලබාගත්තා නම් ඒ ජවිපෙ නිසා බව කුහක නොවන අවංක ඕනෑම කෙනෙක් දන්නවා. රාජපක්ෂ පාලනය ගෙදර යවන්න මුල්වුණෙත් ජවිපෙ බව අමුතුවෙන් කිවයුතු නැහැ. බොහෝ දෙනා මෙතැනදී ජවිපෙ ගැන මවන්න උත්සාහ කරන්නේ වැරදි චිත්‍රයක් බව කිව යුතුමයි. (නි)
ලීලාරත්න මහතාගේ කියමන අගයකොට සළකමි (නි)
ලැජ්ජා නැතුව තව එනවා බොරුවට පුරසාරම් කියන්න. (නි)
මේ අය පක්ෂයේ නම වෙනස් කර ගතයුතුයි (නි)
ඔයාල කරගෙන යන්න, අපි විරුද්ධ වෙන්නම්... (නි)
ජවිපෙ නැත්නම් කවුද මේවට කතාකරන්නේ? (නි)
කරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (හේ)
ජවිපෙ කරන දේ හොදයි නැත්තම් මේ දේවල් වලට කෑ ගහන්න කවුද ඉන්නේ.(හේ)
ජේවිපීය බොරුවට කෑගහන්නේ. බොරුවට කෑ ගහලා පාර්ලිමේන්තුවට ගියාම ඒ බදු සල්ලි වලින්ම සැපට ජීවත්වේවි. ජනතාව ගොනුන්ට අන්දන එක තමයි හැමෝම කරන්නේ. වැට් බද්ද හොඳ නැහැ කියනවා බොරුවට. (නි)
මාර්ග අවහිරකරගෙන උද්ඝෝෂණ කිරීම වැට් බද්ද වැඩිකිරීමට වඩා බරක් කරදරයක් කියා නොතේරෙන අයද මේ රට හදන්න කියා බොරුවට කෑගහන්නේ?අනුන්ට කරදරයක් නොකර ජිවත්වීමත් ජනතා සේවයක්.(හේ)
දසුන්ගේ අදහසට මම එකන්ගයි.(හේ)
ඒ බදු සල්ලි වලින්ම සැපට ජිවත් වේවි කඩේ ඇතුලේම ඉගෙන එක හොද නැහැ කියනවා. ඔයිට වැඩේ නරකද ඒ බදු සල්ලි වලින් අපිට දෙන සැප එපා කියල ඕක කරා නම්. ජනතාව ගොන්නුන්ට අන්දන එක තමයි එදා ඉදන්ම කරන්නේ. (හේ)
වැට් එකෙන් හැම එකකටම වැදිලා මිනිසුන්ට දරාගන්න බෑ! (හේ)
ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියන්නා වගේ මේ මෙතන බොරුවට කෑ ගහලා පාර්ලිමේන්තුවට ගියාම ආණ්ඩුවේ සුරතලුන් වගේ ඉන්නවා.(හේ)
බොරු වැඩක්නේ කරන්නේ ඔය.(හේ)
මේ අය හැමදාම බොරු උද්ඝෝෂණ තමයි.(හේ)
ජනතාව හැමදාම මර නින්දේ ජේවිජේ කවදත් ජතාවගේ ප්‍රස්න වෙන්වෙන් පෙරමුණේ. (හේ)
ලීලාරත්න, ඔබත් දෙපයින් හිටගෙන ජීවත්වෙන මිනිහෙක් නේද? (නි)
ජයරත්න මහතාණනි, ඉවක් බවක් නැතුව කතාකරන්න එපා (නි)
දැං මේකත් ආණ්ඩුවේම කොටසක් නිසා වතුර බව්සර් නෑ. ඔහේ කෑගහලා විසිරිලා යයිනේ. (හේ)
මේගොල්ලෝ මිනිසුන්ගෙන් සමව ගතයුතුයි. (නි)
උද්ඝෝෂණ වලින් තොරව ලබාගත් ජයග්‍රහණ තිබේද? (නි)
සමහරු උද්ඝෝෂණ කරන්නේ හොරු රකින්න. ජවිපෙ මහජන ගැටලු වෙනුවෙන්. ජවිපෙට ජයවේවා! (නි)
ඕවා කළේ නැත්නම් ඒ අය ඉන්නවද කියලා කවුරුවත් දන්නේ නැහැනේ. දැන් විප්ලව කරන්න විදිහක් නැහැනේ. 1971 ඉඳලා ඒ අය කරපුවා මම දන්නවා. (නි)
මේ කියන කියන විදිහට ආණ්ඩු වෙනස්කරන්න අපිට වෙන වැඩ නැහැනේ! (නි)
පුදුම හිරිකිතයක් දැනෙනවා. වැඩේ කියන්නේ ජේ වී පි එකේ ඉන්න සියලුම සාමාජිකයෝ ටික මෙතන ඉන්නවා. දැන් ඊයේට වඩා අඩුවෙලා. හෙට අදට වඩා අඩුවෙලා. ඔහොම කෑ ගැහුවට රතු අලි මුහුණ ගළවන්න බැහැ. ඉතිහාසේ කරගත් ලොකුම මෝඩකම කරගත්තා. ඡන්දෙදි බොරුද බලන්න (නි)
මිනිසුනේ, මේ කරන දේ විතරයි නිවැරදි. (නි)
මේකේ ලියන අය ලංකාවේ නෙමෙයිද කියලා හිතෙනවා. කෑගහලා ඉල්ලුවේ නැතුව මොනවද අපට ලැබිලා තියෙන්නේ? ඔය ලැබිලා තියෙන හැම අයිතියක් පිටිපස්සෙම ලොව පුරා අරගලා කරපු දස දහස් ගණනකගේ ලේ දහදිය කදුළු විතරක් නෙමෙයි ජීවිතත් තියෙනවා. (නි)
ලස්සන ෆොටෝ ටිකක් කාලෙකින්... (නි)