IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘ජවිපෙ දෙවැනි කැරැල්ල‘ හෙට දොරට වඩී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් රචිත  ‘ජවිපෙ දෙවැනි කැරැල්ල‘ කෘතිය එළි දැක්වීම දෙසැම්බර් 20 වැනි අඟහරුවාදා සවස තුනට කොළඹ 05 තුංමුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.

වසර 27කට පෙර පැවති ජවිපෙ දෙවැනි කැරැල්ලේ සත්‍ය කතාව මෙම කෘතියට විෂය වන අතර එය පිටු 880කින් සමන්විතය.   ඡායාරූප 1289ක් ඇතුළත්ය.   ජවිපෙ දෙවැනි කැරැල්ලෙන් ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813ක් බව කතුවරයා කියයි..

මෙම ග්‍රන්ථයේ ඇතුළත් තොරතුරු අදාළ පාර්ශවයන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා 376කින් සහ ගවේෂණ මගින් සොයාගත් කරුණු වලින් සමන්විත බව කතුවරයා පවසයි.

ධර්මන් වික්‍රමරත්න මහතාගේ 52 වැනි කෘතිය මෙයයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුලසුන දරන පොත එළි දැක්වීමේ උළෙලේදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර් ගාමිණී සමරනායක සහ නීතීඥ උදුල් ප්‍රේමරත්න මහත්වරු දේශන පවත්වති.  වැඩසටහන මෙහෙයවනු ලබන්නේ පාලිත පෙරේරා විසිනි.

Book-Cover



අදහස් (0)

‘ජවිපෙ දෙවැනි කැරැල්ල‘ හෙට දොරට වඩී

බමුණුසිංහ Monday, 19 December 2016 10:51 PM

චින්තක, මේගොල්ලන්ව අතුගාලා අරගොල්ලන්ට දාසකම් කරනවා. සමාජයේ වෙන වෙනස්කම් සමඟ ඉදිරියට යන්න. එකතැන පල්වෙන්න එපා. දැන් මේ 1989 නොවෙයි. ඔහොම සිතන එක ඔබේ වැරැද්දක් නොවෙයි සිංහල ජාතියේ වැරැද්ද. එක තැන පල්වෙන සිංහලයෝ. (නි)

:       0       0

බන්දුල Monday, 19 December 2016 10:58 PM

මේ හැම එක්කෙනාම කතා කරන්නේ 1971,1989 වෙච්ච සිදුවීම්. ඒවා නිසා මිනිසුන් මැරුනා. එපමණයි. රට පාවාදීමක් ගැන කතා වුණේ නැත. නමුත් 2005 රටින් කොටසක් ප්‍රභාකරන්ට දෙන්න ලැහැස්ති වුණා නේද, මේ යුද්ධය දිනන්න බැහැ කියලා? ඒ ගැන කව්රුත් කතා නැහැ. මේ ආණ්ඩු දෙකම ඔවුන්ගේ මන්ත්‍රීන් සඳහා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. ඒ ගැන කව්රුත් කතා නැත. (නි)

:       2       0

බමුණු ආරච්චි Monday, 19 December 2016 11:05 PM

චාමික, සිංහලයින්ට ජාතියක් වශයෙන් කවදාකවත් නැගිටින්න බැහැ. එ් බව දන්නා දේශපාළුවන් ඔවුන්ව හූරාගෙන කනවා. මෝඩ සිංහලයා එ්කෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැත. (නි)

:       1       0

කුමාර් Wednesday, 14 December 2016 06:56 PM

ඔව් එ්ත් එයාලා කියන්නේ යූඑන්පීයේ වැරදි ගැන විතරයි (නි)

:       0       0

ගෝකුල Tuesday, 20 December 2016 02:41 AM

ඔය පොත ලියපු අය පහුගිය වකවානුවේ කොහේද හිටියේ මොනවද කළේ කියලත් හොයලා බලලාම හිටියා නම් හොඳයි (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 14 December 2016 10:34 PM

කුමාර්, අරවින්ද මහත්වරුනි, පිපිරීමක විපාකය ගැන කතාකළත් එයට හේතුව බොහෝවිට අපි කතා නොකරන්නේ මන්දැයි නොදනිමු. පිළිතුරක් නොමැති ප්‍රශ්නයක් විසඳා ගැනීමට ගත් අසාර්ථක උත්සාහයක් සමඟ විනාශයක් අපි දුටුවෙමු. එහෙත් එම ප්‍රශ්නයට පිළිතුරක් තවමත් අපට ලැබී තිබේද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 14 December 2016 11:19 PM

මේ පොතෙන් දැන් තොරතුරු එළිවී තිබෙන නිසා මානව හිමිකම් කඩකරපු අයට විරුද්ධව කටයුතු කළොත් නේද හොඳ? (නි)

:       0       0

විපුල Monday, 19 December 2016 07:42 AM

රටේ අනාගතය අනාථ කළ පක්ෂයක පොතක්. තව ටිකෙන් මෙයාලගේ වැඩ නිසා යුද්ධයත් අතරමඟ නවතින්න තිබුනා. (නි)

:       0       2

චින්තක Monday, 19 December 2016 07:50 AM

පවතින කිසිම ආණ්ඩුවකට දෙයක් කරන්න දෙන්නේ නැති, කයිවාරුකාරයන් දේශපාලනයෙන් අතුගෑවිලාම යාමයි අපේ නම් බලාපොරොත්තුව (නි)

:       0       2

මුණසිංහ Thursday, 15 December 2016 02:09 AM

තුන්වෙනි කැරැල්ල එහෙම නොවෙයි නේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 19 December 2016 08:22 AM

චින්තක, පවතින ආණ්ඩුවල හොර බොරු වංචා අපිට දැනගන්න මෙහෙමවත් එළියට දෙන්නේ මේගොල්ලෝ. එ්කත් මතක තියාගන්න (නි)

:       0       0

චාමික Tuesday, 20 December 2016 06:03 AM

මහේෂ් මහත්මයා, ජවිපෙ කථනයට දක්ෂ වෙන්නේ සහජ හැකියාවකින් නොවෙයි. කතාකරන කරුණු සත්‍ය හා තර්කානුකූල නිසාත්, ලංකාවේ දේශපාලනය ගැන හොඳ දැක්මක් තියන නිසාත් පමණයි. 88,89 යනු අවුරුදු 79ක අදුරදර්ශී දේශපාලනයේම එක කොටසක් පමණයි. එහි වගකීම සම්පුර්ණයෙන් ජවිපෙ පිට පැටවීම අසාධාරණයි. 88 පසුකර අප අවුරුදු 29 පමණ දැන් විත් තිබෙනවා. 29 අවුරුද්ද් ඇතුළත ජවිපෙ එක වරදක් දේශපාලනිකව, තර්කනුකූලව පෙන්නා දෙන්න ඔබට පුලුවන්නම් මා පුද්ගලිකව ජවිපෙ කෙරෙහි ඇති පැහැදීම ඉවත් කර ගන්නම්. (නි)

:       0       0

අරවින්ද Thursday, 15 December 2016 11:35 AM

වින්සන්ට් මහත්තයෝ, මහජනයා බිය නොවද්දා තමන්ගේ දේශපාලන අදහස් මහජන ඡන්දයකදී ඉදිරිපත්කර දේශපාලන බලය ලබාගැනීම නේද ශිෂ්ටසම්පන්න ක්‍රමය? (බ)

:       0       3

රෝහණ Monday, 19 December 2016 08:55 AM

මේ ජේ.වී.පි. කට්ටිය කිසිම ආණ්ඩුවකට වැඩක් කරන්න දෙන්නේ නැහැ. හැමදාම පෙළපාලි උද්ඝෝෂණ. මෙයාලා කරපු දේවල් පොත් ගණන් ලියන්න පුළුවන්. (නි)

:       0       1

චින්තක Thursday, 15 December 2016 03:12 AM

88/89 කාලේ පොහොර සංස්ථාවට ගිනි තියපු සමහර අය අද කියනවා ගොවියාට ලැබෙන පොහොර සහනාධාරය මදිලු. (නි)

:       0       0

කමණි Monday, 19 December 2016 09:46 AM

"දෙවැනි වතාවටත් ඇන්දවීම" මගේ පොතත් හෙටම පිටකරනවා. (නි)

:       0       0

ලුම්බිණි Monday, 19 December 2016 10:13 AM

89 තිබුනේ තනි කර ත්‍රස්තවාදයක්. (බ)

:       0       1

ෆසීර් Thursday, 15 December 2016 04:20 AM

මේක කියවල හිටපල්ලා කොමන්ට් දාන්න කලින්. වින්සන්ට් මහත්තයාගේ කතාව ඇත්ත. (බ)

:       0       0

චාමික Thursday, 15 December 2016 04:57 AM

දකුණේ හෝ උතුරේ තරුණ තරුණියන් ආයුද අතට ගත්තේ ,ලංකාවේ දේසපාලනේ තියන වැරැද්දෙන්. ඉස්සල්ල ඒ වැරැද්ද නිවරදි කරන්න ඕනේ. (ර)

:       0       0

ජයාත් Saturday, 17 December 2016 01:45 AM

අරවින්ද, ඔයා කියන එක හරි වෙන්න පුළුවන්. නමුත් ඔවුන් ඒ තැනට තල්ලුවුණේ ඇයි කියලා තාම හරියට කවුරුවත් කතා කරලා නැහැ. උඩින්පල්ලෙන් අතගානවා විතරයි. මේ ගැන කතාකරපු වාර්තාව, මීට කලින් මේ ගැන ලියවුණ එකම පොතේ වුණත් ඒ ගැන පුළුල් කතිකාවතක් නැහැ කියලා තමයි මගේ හැඟීම (නි)

:       0       0

චමික Monday, 19 December 2016 01:22 PM

ලංකාව හොර කල්ලියක් විසින් ගිනිතියපු ගෙයක් වගේ. එකේ ඇතුලේ ඉන්න මිනිස්සු ,ආර්ථික ,දේසපාලන, සමාජීය ගිනිවලින් පිච්චිලා මැරෙන්න වැටිලා ඕජස් ගලනවා . ජවිපෙ මේ පිච්චිලා මැරෙන මිනිස්සුන්ව , ඒ ගිනිගොඩින් එලියට ගන්න මැරීගෙන දගලනවා , ඒ පිච්චෙන සම(හරක්) ජවිපෙන් අහනවා , ගිනිගන්න ගෙදරින් එලියට එන්න , එළියේ වායු සමනය කරලද තියන්නේ කියල. (අ)

:       0       0

මහේෂ් Monday, 19 December 2016 01:52 PM

ජනතා විමුක්ති පෙරමුණ යනු, තමන්ගේ සහජ කථනයට ඇති හැකියාවෙන් සත්‍ය අසත්‍ය කිරීමත්, අසත්‍ය, සත්‍ය කිරීමත් හැරුනකොට කිසිවක් නොමැති ඇතුළත හිස් බංකොලොත් පක්ෂයක් ලෙසින් හැඳින්විය හැක. (නි)

:       2       1

මහේෂ් Monday, 19 December 2016 02:13 PM

එහෙම එන්නේ කොහොමද චමික? 88-89 කාලේ ජීවත්වුණු මිනිස්සු තාම ඉන්නවා. (නි)

:       0       0

විදානේ Monday, 19 December 2016 02:29 PM

බලමුකෝ එහෙනම් එහෙම දෙයක්වත් කරලා (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 14 December 2016 12:34 PM

මෙයාලා ලයිට් කණුවල ගැටගහලා මිනිස්සු මරපු හැටිත් මේ පොතේ තියෙනවාද? (බ)

:       0       2

දිමුත් Thursday, 15 December 2016 07:38 AM

ලක්ෂ ගාණකට පාසල් අධ්‍යාපනය අහිමි වුන හැටි... මට (බාලාංශයේ) පාසල් යන්න වුනේ දවස් 52ක්ලු.. (බ)

:       0       0

අරවින්ද Wednesday, 14 December 2016 01:32 PM

ලංගම බස් 550 ක් පිළිස්සීම, මිය ගිය අය දණහිසෙන් පහලට පමණක් එසවීම, රාත්‍රී කාලයේ ගෙවල් වලට කඩා වැදී පුද්ගල හැදුනුම් පත් සොරකම් කිරීම ආදී දේද මේ පොතේ සඳහන්ව තිබිය යුතුයි. (බ)

:       0       2

සෙනෙවි Thursday, 15 December 2016 08:10 AM

3 වන් කැරැල්ලට හිතකර පසුබිමක් හැදෙමින් පවතින නමුත් එහි නායකත්වය ගැනීමට සුදුසු කෙනෙක් පේන තෙක් මානයක නෑ (බ)

:       0       0

මිනිපෙ Monday, 19 December 2016 04:50 PM

අනේ රතු අයියේ, මින්පස්සේ අපි වෙනුවෙන් ජීවිතය දෙන්න හදන්න එපා. අපි අපි ගැන බලාගන්නම්. (නි)

:       0       2

රේණුක Monday, 19 December 2016 06:29 PM

පොතට දෙවැනි කැරැල්ල කියලා නම දැම්මට ඒ කාලේ අපි අත්දුටුවේ නම් දෙවැනි භීෂණය. කවුරුහරි දන්නා කෙනෙක් පුළුවන් නම් කැරැල්ලටයි භීෂණයටයි අර්ථපූර්ණ නිරූපනයක් දෙන්නකෝ. (නි)

:       0       1

ගුණසිරි Wednesday, 14 December 2016 03:45 PM

මේ දේශපාලන පක්ෂයේ අදුරදර්ශි ක්‍රියාමාර්ග නිසා සිංහල ජාතියේ කොන්ද බිඳුනා, සිංහලයාට ලැබුන දෙයක් නැහැ දුක් සෝසුසුම් හැරුනුකොට. ඒ මිය පරලොව ගිය සහෝදරයෝ රට දැය වෙනුවෙන් දිවි දුන්නා (නි)

:       0       0

හේවාවසම් Monday, 19 December 2016 07:00 PM

අපි නම් හදවතින්ම සුබ පතනවා! (නි)

:       2       0

ධම්ම Wednesday, 14 December 2016 04:04 PM

ගංගාවල මළමිනී පාවීම, බටලන්ද ආදී වධකාගාර, වධක ක්‍රම, ප්‍රා දොස්තර, කහ බළල්ලු ආදිය පිළිබඳවද මෙම පොතේ අඩංගුවී ඇතැයි සිතමි. (නි)

:       0       1

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Monday, 19 December 2016 07:02 PM

ජවිපෙ ගැන මේ කාලේම පොතක් පිට කරන්න ගන්න උත්සාහය පස්සේ ඉන්නේ කවුද කියලා හොයලා බලන්න ඕනෑ. ජවිපෙ සමාජගතවන හැම මොහොතකම එක්කෝ ප්‍රදර්ශනයක්, නැත්නම් වෙනත් සංදර්ශනයක් මඟින් ජවිපෙට පහර ගහන්න ගන්නා උත්සාහය අපි කාලයක් තිස්සේ දැක්කා. මෙයත් එවැනිම උත්සහයක්ද. මෙවැනි පොඩි පොඩි කෙණෙහිලිකම් වලින් ජවිපෙ ගමන නැවැත්විය නොහැකි බව කවුරුත් දැනගත්තොත් හොඳයි. (නි)

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 429 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 373 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1022 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site