යතුරු පැදි පහකින් ආ පස් දෙනකුගේ වෙඩි තැබීමකින් කටුවන හොරවින්න ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට සහභාගී වූ සාමාජිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය අය අතර කාන්තාවක් ද සිටී. එක් අයකු තුවාල ලබා ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ එහි නොසිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොන්සේකාගේ කටින් මොනවද මීළඟට පිටවෙන්නේ කියල බලන්න කරපු වැඩක් ද දන්නේ නැහැ. පරිස්සමින් කතාකරන්ඩ මහත්තයෝ. නැතිනම් දවලුත් වලේ වැටිලාම තමා නවතින්නේ.
මම ඔය සමන් කුමාර කියන කෙනාගෙන් අහන්නේ, අනුන්ගේ නම් දාලා තමන්ගේ කමෙන්ට්ස් දාන්නේ ඇයි?
අර තංගල්ලේ ටී56කින් වෙඩි තියලා සුද්දෙක් මැරුව එකට මොකද වුණේ?
මේ වගේ මැරයෝ නිසා තමයි හැම ප්‍රශ්නයක්ම.හමුදාව මහන්සි වෙලා දුන්න නිදහස මේ විදියට නැති කරන්න එපා
වෙඩි තියලා නවත්වන්න බෑ
සේනාධි රුවන් , මේක ජෙ.වි.පි. එකේ වැඩක් වෙන්න පුලුවන් මොකද දැන් ඔය මැරිච්ච දෙන්නගේ පොටෝ රට පුරා ගහන්න පුලුවන්නේ ...
මේ මිනී මැරීම් පාක්ෂ පාට වලින් බලලා සාධාරණය කරන්න මිනිස්සු මේ ආණ්ඩුවට තවත් අනුබල දෙනවා මේවා කරන්න. බලන් ගියහම මේවා ආණ්ඩුවටම දොස් කියල වැඩක් නැහැ. මොකද මේ රටෙ බහුතරයක් මිනිස්සු මේවා අනුමත කරනවා..
j.v.p එකේ කපටි වැඩ.. අහිංසක මිනිසුන්ව බිලලට දීලා කරන වැඩ...
දිට්ට දම්ම වේදනීය කර්ම කියන්නේ ඔවට තමයි. අපේ පැත්තෙත් ඉන්නවා 89 JVP වැඩ කරපු කෙනෙක් දැන් පිස්සුවෙන් වගේ ...
සමාජයේ මේ සාරධර්ම පිරිහීමට පාලකයින් විතරක් නෙමෙයි අඩු වැඩි වශයෙන් හැමෝම වග කියන්න ඕනි
ඒ කාලේ අපේ ගේ කඩන්න හැදුවා.තාත්තාව මරන්න හැදුවා.පවුලේ ළගම ඥාතීන්ව මැරුවා.පොදු දේපළ වැනසුවා.
jvp හරි මොන p හරි මේ මැරෙන්නේ අපේ රටේ මිනිස්සු නේද කියලා ඇයි හිතන්න බැරි?
මොන පාට පක්ෂෙක උනත් මැරුනේ අහින්සක මිනිස්සුනේ ?
කියන්න හිරිකිතයි, එදා බොදුරට,මෙදා මැරරට, කුරා කුහුබියෙක් මරන්නවත් ලැජ්ජා බය මිනිස්සු, අද හොස්සලගින් යන්න බැහැ බල තන්හාවට තිරිසන්වෙලා මිනීමරනව, අපි මේ කොහාටද යන්නෙ. කෝ දෙයියනේ අපේ මිනිස්කම එන්න එන්න රට අමාරුවේ. දුප්පතා ගැන හිතන්න. මේකද මනුස්සකම, මේකද අපේකම, මේකද බොදුකම. මේකද දේශපාලනය?????
පෝස්ටර් ටික ප්‍රින්ට් කරල ඉවර උන හැටියෙම වෙන්න ඇති වෙඩි තියන්න ඇත්තෙ.
සටන් පාඨ නැතුව වේලි වේලි හිටියෙ. ඔය තියෙන්නෙ හැමදා නියං එකදා වැහි වළාවේ වගේ දැං දෙතෑකි රම්පෙට පොරි හැලෙන්න පොළීසියටත් කීයක් හරි දීල සයිලන්ස් කරානං කෙලින්ම ගිනුමට බැර......
ජේ.වී.පී. නේ කමක් නැහැ.
අනේ මන්ද පුදුම හම්බන්තොට මේනියාවක් තමයි....රටේ මෙච්චර ඉඩ තියෙද්දි ඕක තියන්නත් හම්බන්තොටටම යන්න ඕන උනානේ
මෙය ඉතාමත් කණගාටුදායකයි.
හම්බන්තොට කියන්නෙ චිකාගෝ වගේ
වැටිලා තියෙන පක්සෙ ගොඩගන්න මිනිසුස් දෙන්නෙක් මරලා පුළුවන් කියලා කියන බූරුවොත් මේ රටේ ඉන්නවනේ. මොලේ කලඳක් තියෙන එකෙක් මෙහෙම කතාවක් කියයිද ?
කළණ ජේ. 2012-06-15 22:01:12 89 කරපු වැඩ වල හැටියට තමන්ගේ සාමජිකයෝ දෙන්නෙක් මරණ එක මහ වැඩක්ද.... වැටිලා තියෙන පක්සේ ජනප්‍රිය කරවගන්න, අනුකම්පාව ගන්න ඔය වගේ පහත් වැඩ කරන්න ඔය මිනිස්සු පසුබට වෙන්නෙ නෑ. හරියට හරි
මේවා ජේවීපී. අතරේ තියෙන ප්‍රශ්න. මේවත් රජයේ ගිණුමට ද ?
මේ සිදුවීම ගැණ කණගාටුයි. හෙට රටපුරා පෝස්ටර් වලින් බලන්න පුළුවන් මේ දෙදෙනා.
වෙඩි සෙල්ලම් අපට එපා. කුකුලෙක් මැරුව නම් කන්න කියන්නවත් තිබුණා. කළ වරදක් නැතිව අසරණයින් මරන්නේ ඇයි. අපේ කණගාටුව සැමටම. මිය ගිය අයට නිවන් සුව !!!!!!!!!!!
89 කරපු වැඩ වල හැටියට තමන්ගේ සාමජිකයෝ දෙන්නෙක් මරණ එක මහ වැඩක්ද.... වැටිලා තියෙන පක්සේ ජනප්‍රිය කරවගන්න, අනුකම්පාව ගන්න ඔය වගේ පහත් වැඩ කරන්න ඔය මිනිස්සු පසුබට වෙන්නෙ නෑ.
අනිවාර්යයෙන්ම තරුණයන් අවුස්සන්න කරපු වැඩක් . අපි ඉදිරියට යනවට වඩා රණ්ඩු වෙවී ඉන්න පරිසරයක් තමයි කවුරුහරි නිර්මාණය කරන්නේ. ඔය මිනීමරුවන්ට මෙළොවදීම පඩිසන් දෙන්න ඕනි. ඇයි මේ නායකයෝ නැති වෙලාවෙම වෙඩි තිබ්බේ.
මෙන්න සාරධර්ම වලින් පිරුණු රටේ ලොකු උන් කරන වැඩ හරිම නින්දිතයි. අපරාධ වැඩ. ඉතින් මේවා කාටද කියන්නේ දෙවියනේ.
බොහොම සංවිධානාත්මක ප්‍රකාශයක්.
මිනීමරුවන් හෙළා දකිමු.
අපි යන්නේ මුළු විශ්වයේම ආශ්චර්යයකට. ඒ ගමනේදි මේ වගේ සුලු දේවල් වෙනවා. ඔබට නිවන් සුව.
වෙඩිතියලා මේවා නවත්තන්න බැහැ.