ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුනෙත්ති මහතා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට හොඳ චරිත සහතිකයක් දුන්නේය.
‘අපේ පාර්ලිමෙන්තුවේ නිවැරදිව, නිරවුල්ව, අදහස් ප්‍රකාශ කරන හෘදසාක්කියට අනුව ජීවත්වෙන්න පුළුවන් මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ටික දෙනා අතරේ ඉන්න බොහොම වැදගත් ඇමැතිවරයෙක් ගයන්ත කරුණාතිලක මහතා. විශේෂයෙන් ගාලු දිස්ත්‍රික්කයේ ජනතාවට එය ගෞරවයක්. තමන්ගේ ඡන්දය දෙන නියෝජිතයාට ගරු කරන්න පුළුවන් චරිතයක් තිබෙනවා නම් ඒ බොහොම ටික දෙනාටයි. මගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මං එහෙම දැකපු අය ඉන්නේ අතලොස්සයි. ඒ අතලොස්ස අතරේ ගයන්ත ඇමැති ඉන්නවා. එය එතුමාට ඡන්දය දීපු අයටත් ලොකු ගෞරවයක්‘
හඳුන්නෙත්ති මහතා මේ අදහස් පළ කළේ ඇල්පිටිය ඇල්ල ශ්‍රී රාජාභිශේකාරාමයේ පැවතී උත්සවයක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි. (නි)
ජවිපෙ සාමාජිකයෙක්ගෙන් සහතිකයක් ලැබෙන්නනම් අැත්තටම හොඳ කෙනෙක් වෙන්නම ඕන (බ)
දැන් සමහරු යූඑන්පී එකට එළිපිටම කඩේ යනවා (නි)
හඳුන්නෙත්ති සහෝදරයාගේ කතාව දුටුවම හදවත පිනා ගියා. ගයන්ත මන්ත්‍රීතුමා ගැන වගේම හඳුන්නෙත්ති සහෝදරයා ගැනත් ගෞරවයක් උපන්නා. (නි)
පිදියයුත්තා පිදීම හොඳ දෙයක් (නි)
ගයන්ත හොද මනුස්සයා කියලා අපිත් දන්නවා.මේ පාර කීයක් ගත්තද කියලයි සැක (බ)
අනෙක් දේශපාලකයොත් මේ වගේ ගෞරවයක් ලබාගන්න හැකිවන ලෙස ක්‍රියාකළොත් කොපමණ හොඳද? (නි)
ගයන්ත කියන්නේ අපොස උසස්පෙළ සමත් පුද්ගලයෙක්, මෙහෙම අයට මනාපය දීල පාර්ලිමේන්තු යවපුහම ඔවුන් අඩුම තරමේ පාර්ලිමේන්තුවේ හැසිරෙන්නවත් දන්නවා , චොක මල්ලිලා , කෝච්චියේ රත්‍රන් මාල කඩපු මිනිස්සු සහ දකුණේ දුටුගැමුණු පරම්පරාවෙන් පැවතෙන බව කියන අටේ පන්තියට පමණක් ඉස්ස්කොලේ ගියපු ආචාර්යතුමාල පාර්ලිමේන්තුවට යවපුවහම අපට අබ සරණය (බ)
හොඳ මහත්තයෙක් (නි)
එ්ක ඇත්ත. මගෙත් ප්‍රණාමය! (නි)
හරියට හරි (බ)
ගයන්ත කියන්නේ ඇත්තටම හොඳ පුද්ගලයෙක්. මොන පක්ෂේ වුණත් අගය කළ යුත්තන් අගය කළ යුතුයි. (බ)
එතකොට දැන් අපිද මෝඩයෝ? (නි)
එතුමා දකුණු පළාතේ ඉතා වැදගත්, සම්භාවනීය දේශපාලන පරපුරයකින් පවත එන ගරු කටයුතු දේශපාලකයෙක්. ගාලු පළාතේ අය පමණක් නොව, සෙසු පලාත්වල අයත් දේශපාලන පක්ෂ-පාට බේදයකින් තොරව ගයන්ත ඇමතිතුමාට ගරුකරනවා. ඒ අනුව හඳුන්නෙත්ති ඇමති තුමාගේ අදහස ඉතාම නිවැරදියි. (බ)
සහෝදරයා කියන්නේ ඇත්ත වුණත්, දැන් මඩ පාර වදින්නේ මුළු ජේවීපී එකටමයි. කමක් නැහැ පැත්ත ගියත් ඇත්ත කියන්න බය වෙන්න ඕනෑ නැහැ සහෝදරයා (නි)
ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි ඇයි බයවෙන්නේ? (නි)
අප දුටු ජවිපෙ නම් කිසිකලෙක පුද්ගලාභිවාදනයේ යෙදුනේ නැහැ. (නි)
ජවිපෙන් සහතිකේ ලැබෙන්න නම් හොරකම් කරන්න බැහැ. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ (නි)