රජයේ මුද්‍රණාලයේ දී පසුගිය 26 වැනි දා සේවකයනට පහර දුන් සැකකරුවන් පොලිසිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පොලිස්පතිට ලිපියක් යවමින් කියයි.
නීතියේ ආධිපත්‍යයට අභියෝග කරමින් ප්‍රසිද්ධියේ පොලු මුගුරු රැගෙන ජනතාව බලා සිටිය දී මහ මඟදී සේවකයන්ට පහර දීමට තරම් මැර කණ්ඩායම්වලට ලැබී ඇති බලය කාගේදැයි ගැටළු සහගත බවත් හේරත් මහතා සඳහන් කරයි.
ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සේවකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙන මන්ත්‍රීවරයා පොලිසියෙන් ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. අනේ අපි කවදාද නීතිය රජවෙන රටක් හදාගන්නේ? (නි)
88-89 ජවිපෙට එක් ඇඟිල්ලක් දිගු වෙනකොට රට පාලනය කළ යු එන් පියට ඇඟිලි හතරක් දිග් වෙනවා....ඒ යුගය මතක අය සාධාරණ ලෙස ඇත්ත ලිවිය යුතුයි. (නදී)
ජවිපෙ ඉතින් හැමෝටම දොස්මුරේ දානවා. (ස)
දීපාල් සිල්වා පොලිසියේ වෙඩි කාල මැරුණා. (ස)
චාමි එයාම තමයි.එයාගේ අලුත් නම " සුබ අනාගතයක් " (ස)
අතීතයේ වැරදි නොවේ අපට අවශ්‍ය වර්තමානය සහ අනාගතය නිවැරදි මාවතක ගමන් කිරීමය. එත් පේනතෙක් මානෙක එහෙම ලකුණක් වත් නැත. අපේ කරුමේ තමා. (ස)
දීපාල් මහත්තයට 88/89 විතරක් මතක තියන එක තමා අවුල.තව ගොඩක් දෙනෙක්ට එහෙම තමා. (ස)
මොන පිස්සුද දීපාල් / බන්දුල දෙන්නෙක් , (ස)
මෙතන තියෙන අදහස් දිහා බැලුවහම දීපාල් සහ බන්දුල පෙරේරා යන දෙන්නම එක්කෙනාද කියල හිතෙනවා. (අ)
කවදාහරි ඔයාලට අසාධාරණයක් වුණත් කතාකරන්න ඉන්නේ මෙයාලා විතරයි. මෙතන මෝඩ කතා කියන්න එපා. පොඩ්ඩක් සමාජයට ගිහින් බලන්න. (නි)
තවත් ඡන්දය දෙමුකෝ අපි. (නි)
පරණ දේවල් කියලා වැරදි කරනකම් උඩ බලාගෙන ඉන්නද කියන්නේ? (නි)
එයාලා කාටද අනේ දොස් නොකියන්නේ? (නි)
රටක් ශිෂ්ටසම්පන්න වෙන්න ඕනෑ නම් නීතිය නිසිලෙස සැමට එක ලෙස ක්‍රියාත්මක වියයුතුයි. එවිට ජනතාවට නීතිය කෙරෙහි විශ්වාසයක් ඇතිවෙනවා. කවුරු කළත් හොඳ වැඩක් කරලා තියෙන්නේ. (නි)
එඩිතර ක්‍රියාමාර්ගයක්! (නි)
නීතිය හැමෝටම පොදු විය යුතුයි. බලයේ ඉන්න අයටත්, බලයේ නැති අයටත්. (නි)
ලංකාවේ පොලිසියත් දැන් දේශපාලනීකරණය වෙලා (නි)
88/99 කාලය අපිට අමතක නැහැ මහත්තයෝ (නි)
බලමු පොලිසිය මොකද කියන්නේ කියලා (නි)
88/89 කාලයේදී ඔය සහෝදරවරු හැසිරුන හැටිත් අපිට හොඳට මතකයි (නි)