ආණ්ඩුව රට අශිෂ්ටත්වය කරා රැගෙන යනවා අපි මේ ආණ්ඩුවෙන් යහපාලනය බලපොරොත්තු වෙන්නේ නැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (01) පැලවත්ත පක්ෂ මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේදී කීවේය.
ජවිපෙ ශිෂ්ට සම්පන්න පක්‍ෂයක් බවත්, විනයගරුක පුද්ගලයින් ගොඩනගන්න තම පක්ෂය සමත්වී ඇති බව රිය අනතුරෙන් පසු විජිත හේරත් මහතා ක්‍රියා කළ අයුරින් රටට පෙන්වා දුන් බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
තව දුරටත් අදහස් දක්වමින්
“වෙනත් පුද්ගලයෙක් මත වගකීම බාර නොදී තමන් ඒ වැරැද්ද බාරගන්න තරම් විනයගරුක සාමාජිකයන් අප පක්‍ෂය නිර්මාණය කර තිබෙනවා. පොලීසිය විසින් අනතුරක් වළක්වා නොගැනීම සහ රාජ්‍ය දේපොළවලට හානි කිරීම පිළිබඳව චෝදනා ඉදිරිපත්කර තිබෙනවා. දුරකථන කණුව සඳහා අලාභය අපි මේ වනවිටත් ගෙවලා තිබෙනවා. අනතුර වළක්වා නොගැනීම යන චෝදනාව සඳහා රු. 1500ක දඩයක් නියම කර තිබෙනවා. ඊට අමතරව කිසිදු වැරැද්දක් සඳහා ඔහු වැරදිකරු වී නැහැ.”
යැයි ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අනිත් මිනිස්සුත් කරන්නේ ඔය ක්‍රියා පටිපාටියම තමයි (ම)
ජ.වී.පෙ සමහර හොඳ පිළිවෙත් අගය කළ යුතුයි.ඔබ ක්‍රියාවෙන් මේවා ඔප්පු කළා .විජිත හේරත් ගේ වාහන අනතුරේ පිළිවෙල හොඳ පූර්වාදශයක් .(හේ)
ජවිපෙ සහෝදරවරු කවදත් නිතිගරුකයි. (ර)
මෙතන අදහස් දාන සමහරු කියනවා 10% ක්වත් ඡන්දෙ ලැබෙන්නේ නැත්තේ නීති ගරුක නැති නිසයි කියල ජනතා විමුක්ති පෙරමුණට. මේකයි ඇත්ත ජනතා විමුක්ති පෙරමුණ තරම් නීති ගරුක පක්ෂයක් බලයට ගෙන්න තරම් ලංකාවේ ඉන්න වැඩිමනක් ඡන්ද දායකයෝ නීති ගරුක නොවන නිසයි. (ර)
විනයට වැඩ කරන නායකයෝ ඉන්නකොට එහෙම තමයි. (ර)
මිනිස්සුන්ගේ බැරි බර ගැන කතා කර කර බිස්නස් ක්ලාස් පිට රට යන මහත්තුරුනේ මේ...(බ)
විජිත හේරත් මහත්තයාගේ හැසිරීමට අපි ගරු කරනවා. අනුර මහත්තය කියන විදිහට එහෙමනම් විමල් වීරවංශ සහෝදරයත් එහම වෙන්න එපායැ.මොකද එතුමාව බිහි කළෙත් ඔබතුමාලගේ පක්ෂය නේද? (බ)
ඇසළට සීයා කෙනෙක්ගේ වයසනේ. පාට කන්නාඩි ගලවල බලන්න සීයේ. එතකොට නොදැකපු ගොඩක් ඒවා පෙනෙයි. (බ)
අනේද කියන්නේ. (ර)
අපේ රටේ බොහෝ දෙනෙක් අවංක නෑ. නිහතමානී නෑ. වගකීමක් නෑ. විජිත හේරත් මන්ත්‍රී වරයා තමන්ගේ වරද නිහතමානීව පිළිගත්තා. මම හිතන්නේ ජවිපෙ අපේ රටට ගැලපෙන පක්ෂයක් නෙවෙයි. මේ රටේ දියුණු දේශපාලන සස්කෘතියක් නෑ. නිම්මි, ලාල්, වසන්ජය වගේ අය ඉල්ලන දේශපාලනේ තමයි ප්‍රදාන පක්ෂ දෙක කරන්නේ. (ර)
කල වරදට එරෙහිව නිදහසට කරුණු නැති නිසා දඬුවමකට යටත් වීම නීතිගරුක කම නොවේ, නීති ගරුක වන්නට නම් නීති නොකැඩිය යුතු වේ. (ර)
නියමයි විජිත මහතාණෙනි.! (ර)
1971 ඉදල අපි බලන් ඉන්නවා තාම දැක්කේ නැහැ එකම පුත්ගලයෙක් ඔය කියන විදිහේ බිහි උනා. (ර)
විජිත හේරත් මහතාට ලංකාවේ නීතිය පසිදලන ක්‍රමවේදයට අනුව ක්‍රියා කරන්න ආකාර දෙකක් තිබුන, එකක් වරද පිළිනොගෙන පොදු දේපල වලට හානි කළ වරදට රිමාන්ඩ් වෙලා අවුරුදු ගණනක් යනකම් නඩු කියල නිදහස් වෙන්න. අනෙක බොරුවට වරද පිළිගෙන 1500 ක දඩයක් ගෙවල ගෙදර යන එක. මොලේ අංශු මාත්‍රයක් තියෙන හරි මිනිහෙක් කළ හැකියි සිතන දේ කුමක්ද? (බ)
එහෙනම් ලොකුවට යහපාලනය ගෙනෙන්න දැඟලුවේ? තමනුත් මේවට වගකියන්න ඕනෑ (නි)
අපොයි ඔවු අපි නම් දන්නේ ගිරවුන් බිහි කරන බව කියවන එක විතරනේ මෙලෝ රහක් නෑහෑ (ම)
මෙයාගේ විනය ගරුක බව දන්නෝ දනිති, (ම)
උපාලි, ඔය ලංකාවේ නීතිය ක්‍රියාත්මක පිළිපදින ආකාරය දන්නෙම නැද්ද නැත්නම් නිකන් කියනවට කියනවද. මේක විජිත හේරත් ගේ පෞද්ගලික නඩුවක් මිස පක්ෂයට අදාළ නඩුවක් නෙවේ නිසා විනයානුකුල පක්ෂයක් විධිහට මෙයට මැදිහත් වෙන්න බැරි බව බවත් තේරුම් ගන්න. (ර)
අපේ නීතිය අනතුරක් වලක්වා නොගැනීම වරදක් ලෙස පෙන්නා දෙන්නේ එසේ නොවුනහොත් සිතාමතා අනතුරක් කර බේරෙන්න ඉඩ නොතියන්න ඕන නිසා මිස මිනිසුන් අතින් අනතුරු සිදු නොවෙනවා යන පදනමේ සිට නොවේ. මෙතනදී වරදක් නැතත් වරද පිළිගෙන රු 1500 දඩය ගෙවා බේරෙන එක තමයි ඥාන්විත ක්‍රියාව .ඔය දොඩවන කවුරුත් මිනිසෙක් තියා සතෙක් තමා පදවන වාහනය ඉස්සරහට පැන්නොත් කරන්නේ ඔයටිකම තමයි. (ර)
විනය ගරුක කම ගැන රටේ ජනතාව දන්නවා. ඒ නිසා තමයි මුළු රටෙන්ම සියයට 10% වත් ඡන්ද ගන්න බැරි. (ර)
විනයගරුක බවනම් දැන් හොදටෝම පැහැදිලි මිනිසුන්ට. ජන්දයක් තිබුණොත් බල ගන්න පුළුවනි ඒ පැහැදිලිකම? (ම)
ලාල්, විනයගරුකකම කියන්නේ තමන්ගේ වරද තේරුම් අරගෙන, තමන්ම පොලිසියට කතා කරලා, අලාබයත් ගෙවලා නියම නීතිගරුක පුරවැසියෙක් හැටියට කටයුතුකර තිබීමයි. ඔබ වැනි අයට මේවා තේරුම් ගන්න අමාරුයි නේද? (නි)
කාර් එළවලා ලයිට් කණු කඩන එකද විනයගරුකකම කියන්නෙ, මහත්තයො? (නි)
විනයගරුක හා සත්‍යගරුක වීම සාමාන්‍ය පුරවැසියෙකුට වඩා දේශපාලනය කරන අය තුළ තිබිය යුතුම දෙයක්. ඒ සමඟම ඔවුන් ප්‍රායෝගික බුද්ධිමතුන්ද විය යුතුයි. එතකොට බලය ඒ අයව සොයාගෙන ඒවි. (නි)
කොහොමත් අනෙක් අයත් එක්ක සසඳා බලද්දී ජවිපෙ අය විනයගරුකයි තමයි (නි)
මහා ලොකු දෙයක්නේ. 1500 ක් ගෙවලා කෝටි එක්දහස් පන්සියක් ගෙව්වා වගෙයිනේ කතාව (නි)
හේරත් සහෝදරයා කියන්නේ පදිකයෙකුගේ ජීවිතය බේරන්න ගිහින් අනතුර සිදුවුණ බවයි. ඇයි ඉතින් ඒකට රජයේ ගාස්තු ගෙවන්න කියලා දඬුවමක් දීලා තියෙන්නේ? පක්ෂයෙන් අභියාචනයක් කරලා යුක්තිය ඉටු කරන්න එපායැ හේරත් සහෝදරයට (නි)
අපේ රටේ බොහෝ දේශපාලකයින් පමණක් නොවෙයි, ඔවුන්ගේ පවුල්වලට ගෑවුණ අය පවා කර තිබෙන නීතිවිරෝධී ක්‍රියා දෙසත්, ඒවා ඉතාම නින්දාසහගත ලෙස යටගැසූ ආකාරය දෙසත් බලනවිට ජවිපෙ ඉතා ආදර්ශමත් පක්ෂයක් කියලයි අපට පෙනෙන්නේ. (නි)