දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පකිස්ථාන අවසන් තරගයේ ටිකට් සියල්ල (16000) විකිණී අවසන් වීමත් සමග මහා තදබදයක් ඇතිවිය.
දඹුල්ල අනුරාධපුර මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද පැවැතියේය.දහ දෙළොස් දහසකට අධික පිරිසක් ක්‍රිකට් තරගය නැරඹීමට ඊට ඇතුළු වීමට පොරකති. එසේ ඇතුළු වීමට ගිය පුද්ගලයකුගේ ඇඟිල්ලක් ද කැඩී තවත් කිහිපදෙනකුට තුවාල සිදුව ඇත. දඹුලු ක්‍රිකට් ඉතිහාසයේ මෙතරම් පිරිසක් තරගයක් බැලීමට ආ මුල් අවස්ථාව මෙයයි.
(ඡායාරූප කාංචන කුමාර ආරියදාස)
(ඡායාරූප-දමින්ද විජේසුරිය)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදරට වෙලා ටී වී එකෙන් බැලුවනම් ඉවරිනේ . පොරකාලා තුවාල කර ගන්නේ නැතුව .(අ)
මේ මිනිස්සුන්ගේ ඇගවල් දැක්කහම පේනවා සාගතයට අහුවෙලා වගේ කියල. තාවකාලිකව ප්‍රශ්න අමතක කරන්න මිනිස්සු මේවගේ ක්‍රම යොදා ගන්නවා. මේ මිනිස්සුන්ගේ ජීවන බර අඩු කිරීමට පියවර ගතයුතුයි . අපි මේ අයව විහිලුවකට ගන්න එක පවක්.(අ)
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ, ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයකට අසුන් ගන්න පුළුවන් නේද? (නි)
අපි ක්‍රීඩා බලන්නේ ප්‍රශ්න තාවකාලිකව අමතක කරන්නයි. (ස)
මානසික පීඩනය අඩුකරගන්න ක්‍රීඩා නරඹන්න, (ස)
කමල් කියන දේ තමයි මමත් කියන්නේ (අ)
දම්ම, ඕනනම් අපි වරායක් ,ගුවන් තොටුපොළක් වුණත් දෙන්න පුළුවන් ඒ විතරක් නෙවි මානසික ඉස්පිරිතලයක් උවමනාබව පේනවා ඔයාලවගේ අයට බේත් ගන්න ,(අ)
ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නැතුවට ක්‍රිකට් බලනවා කියල අදහස් දාපු කට්ටියට මේ කියන්නේ, ඔය වගේ ආත්මාර්ථකාමී කතා කියන්ඩ එපා. අපේ මිස්සුත් ජීවිතය විදින්න ඕනේ.හැමදාම විඳවන්න ඕනේ නෑ. වෙන රටවල මින්නිසු විනෝදයට මොන තරම් දේවල් කරනවද? අපේ අහිංසක මිනිස්සු විනෝදෙට කියල කරන්නේ ටීවී බලන එකයි නොමිලේ පෙන්නන සංගීත සන්දර්ශනයක් බලන එකයි. ඉතින් මොනවද මේ අදහස්? (ස)
මේකේ තිබුණ ආසන ගලවලා සුරියවැවට ගෙනිච්චානේ. දැන් ඉතින් පල්ලෙකැලෙන් සීට් ටිකක් ගලවලා මේකට ගෙනවිත් ආසන වැඩි කලානම් හොඳයි. මොකද එතකොට ආසන සැපයීමත් සංගීත පුටු තරඟයක් වගේ වෙනවානේ. (දිල්)
ඉන්දු මෙල්බර්න්. මම නම් දැකල තියනවා අපේ ලංකාවේ මිනිස්සු අපේ තරග වලදී ඉන්දියාවට පකිස්ථානයට සපෝර්ට් කරනවා ... ඔය කොහමද කියන්නේ අය වගේ අය ළඟ ජාති , ආගම්, කුල භේද නේ කියල.(අ)
ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ලැදියාව හොද දෙයක්, එත් වැඩි හරියක් අපේ මිනිස්සු බඩට කන්ඩ නැතත් ඔහේ අනිත් මිනිස්සු යන්නන් වාලේ යනවා ,මේවා දකිනකොට හිතෙනවා ලංකාවේ මිනිස්සුන්ට කිසිම අගහිඟ කමක් නැහැ ,,, සම්පුර්ණයෙන්ම බොරුව ගෙනියන්නේ කියලා ,,(අ)
අපරාදේ ගමේ හිටියා නම් මාත් යනවා. (අ)
ඉන්දු මෙල්බෝන්...දඹුලු පිටියේ ඉඩ තියෙන්නේ 20000 ට අඩු පිරිසකට විතරයි මම දන්නා හැටියටනම්. (අ)
ක්‍රීඩාව කියන්නේ ජාති , ආගම්, කුල භේද වලින් මිනිසුන්ව ඇත් කරවන වටිනා දෙයක්.. ඇයි ඇති වෙන්න ටිකට් දුන්නේ නැත්තේ. (අ)
අඩු තරමේ 50000 දාන්න පුළුවන් වෙන්න ක්‍රිකට් පිට්ටනි ටික හදන්න කාලේ හරි වගේ (අ)
මිනිස්සුන්ට සල්ලි වැඩ්යි.....? (අ)
දඹුල්ලට ගොල්ෆ් පිටියක් ඕනෑ. (අ)
බෝල ගැහිල්ලට ලංකාවේ තියෙන පිස්සුවක්? (අ)
ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන තැන අනෙක් ක්‍රීඩා වලටත් තියෙනව නම්! (අ)
අපේ රටේ දියුණුව දැන් පේනවා නේද (අ)
කවුද කියන්නේ අප රට දුප්පත් කියලා. වහාම ඇතුල්වීමේ ගාස්තුව සහ සියලුම අනෙකුත් සේවා වල බදු 20%කින් විතර වැඩි කරන්ඩ. මිනිස්සුන්ට සල්ලි වැඩ්යි.(අ)
ලංකාවේ කට්ටියට කන්න නෑ කියල කටිටිය අඬනවා (අ)