පානදුරය මූලස්ථානය කැරගත් ඒ එස් බී පැෂන් ආයතනය සිය සොළොස් වැනි සාප්පුව වත්තල දී අද විවෘත කළේය. නවතම විලාසිතා අනුව ළමා කාන්තා හා පිරිමි ඇඳුම් මේ සාප්පු වල අළෙවි කැරේ. ටකරන් මඩුවකින් අම්බලන්ගොඩ නගරයේ මුලින්ම ඇරඹූ සිය ව්‍යාපාරය අද රට පුරා විසිරී සිටින තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථාවන් ලබා දි ඇති බවත්, ඉතා කෙටි කාලයකදී පාරිභෝගික විශ්වාසය දිනා ගත හැකි වු බවත් ඒ එස් බී පැෂන් හි අධ්‍යක්ෂිකා ටී ඒ කේ ඩී ජීවන්ති මහත්මිය කියන්නීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වෙළදාම අපෙන් ගැලවිලා යන කාලෙක නුවර අකුරණ රත්නපුර බේරුවල අලුත්ගමට අලුත් විවෘත කිරීම් අවශ්‍යයයි (ස)
ආදර්ශමත් චරිත (දී)
ඒ පැත්තට ආවා නම් අනිවාර්යයෙන් අපි එනවා. සුභ පැතුම්! (නි)
කළුතර ඇදුමක් ගන්න කඩයක් ඇත්තෙම නෑ. තියෙන ඒවයෙ බඩු හරි ගනන්. අන්න දැම්මොත් වාසියි (ස)
අපේ දේ අගය කර මේ කඩවලට යමු (ස)
උත්සාහවන්තයා ජය ගනී (දී)
පුළුවන්නම් මහනුවරට එන්න . අපේ දේවල් මෙහේ හරි අඩුයි (ස)
අපේ දේවල් හොයන අපිට මේක හොඳ පුවතක් (ස)
අනේ පිළියන්දලටත් එන්න. සුබ පැතුම් (ස)
අපිත් නැහැ , බැහැ කියන්නේ නැතිව ආදර්ශයට ගන්න ඕනේ (දී)
අපිට මේවා හොද ආදර්ශ (දී)
අපිටත් බැරි නැහැ (දී)
අපේ රටේ අපේ කෙනෙක්. හරිම ආඩම්බරයි (ස)
ඔබට තවත් දිගු ගමනක් යන්න හැකි වේවා (දී)
සුභ පැතුම් දිරිය දියණීයනි !!! නුගේගොඩටත් එන්න (දී)
ආදර්ශවත් වැඩක් (දී)
දිරිය දියණියක්! තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)
මීගමුව නගරයටත් එකක් විවෘත කරන්න. තම්බි මෙහේ සේරම කඩ සාප්පු දාගෙන ඉන්නේ. (නි)
මෙහෙම කරන්න පුළුවන් නම් මොනවද කරන්න බැරි. කෙටි කාලයකදී මෙහෙම වෙන්න පුළුවන් නම්? අනේ මන්දා. (නි)
කරුණාකරලා පුලුවන් නම් මහනුවරට එන්න. (නි)
අර ලිමිට් මේ ලිමිට්, අර බග් මේ බග් යන්නේ නැතුව දැන්වත් යන්න මේ වගේ ඒවාට. (නි)
සුබපැතුම්. ඉතාමත් අගය කල යුතු සිංහල ව්‍යාපාරයක්. තව තවත් දියුණූ වේවා (ස)
ජය වේවා (ස)
මේක අපේම අයගේ කඩයක් බඩුත් අනර්ගයි , ගාණත් අඩුයි... නුගේගොඩත් එකක් දාන්න පුලුවන්නම් ඉතාම අනර්ගයි.... (ස)