
බොලිවුඩ් තරුවක වන ටයිගර් ෂෙරොෆ් වෙඩි ප්රහාරයකින් දිවි ගලවා ගත්තේය. ටයිගර් ෂෙරොෆ්, එම වෙඩි ප්රහාරයට ලක්වූයේ මුම්බායි නගරයේ ජූහු පළාතේදීය.
වෙඩි ප්රහාරය එල්ල කළේ ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ සාමාජිකයන් තිදෙනකු විසින් යැයි එම කල්ලිය පසුව ප්රහාරයේ වගකීම බාර ගනිමින් පැවැසීය.
වෙඩි ප්රහාරය එල්ල වෙද්දී, ටයිගර් ෂෙරොෆ් ඔහුගේ මෝටර් රියෙන් යමින් සිටි අතර වෙඩික්කරුවන් තිදෙනා පැමිණ ඇත්තේ, එක් යතුරුපැදියකිනි. මෝටර් රථය නතර වුණු අවස්ථාවේ, එක් වෙඩික්කරුවකු එය අසලට පැමිණ වෙඩි තබයි. මෙම දසුන් මේ වනවිට විදෙස් මාධ්ය ඔස්සේ ද ප්රසිද්ධියට පත් වී ඇත.
ටයිගර් ෂෙරොෆ්ගේ රියදුරු වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබීය. ඊට අමතරව, තවත් අයකුගේ පපුවට වෙඩි ප්රහාරයක් එල්ල වුණු බව මාධ්ය පවසයි.
වෙඩි ප්රහාර පහක් එල්ල වුණු බවත්, වෙඩික්කරුවන් ටයිගර් ට වෙඩි තැබීමට සූදානම් වෙද්දී තුවක්කුව නිසි ලෙස ක්රියාත්මක නොවුණු බවත් පැවැසෙයි. ඒ අනුව, ටයිගර් ෂෙරොෆ් තුවාල ලබා දිවි බේරා ගැනීමට සමත් වුණු බව පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ප්රහාරයෙන් පසු, තමන් ලෝරන්ස් බිෂ්නෝයි කල්ලි සාමාජිකයෙකු ලෙස හඳුන්වා දෙමින්, අනිල් පන්ඩිට් නමැත්තෙකු හඬපටයක් සමාජ මාධ්ය වෙත මුදාහැරියේය.
ටයිගර් ෂෙරොෆ්, ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ ඉලක්කය වී ඇත්තේ, ටයිගර් ෂෙරොෆ්, බොලිවුඩ් සුපිරි තරුව සල්මාන් ඛාන් සමග හිතවත්කම් පැවැත්වීම යැයි ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය අවධාරණය කර ඇත.
ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ නායකයා ලෝරන්ස් බිෂ්නෝයි ය. මොහු කුප්රකට අපරාධකරුවෙකි. මේ වනවිට ගුජරාටයේ බන්ධනාගාරගතව සිටී.
1998 දී සල්මාන් ඛාන්, දඩයමේ යමින්, බ්ලැක්බක් ඇන්ටිලොප් මුවන් ඝාතනය කළේය. මෙය සතුන්ට ආදරය කරන බිෂ්නෝයි ප්රජාවගේ කෝපයට හේතුවක් විය. ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය සල්මාන් සමග උරණ වී සිටින්නේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි.
ටයිගර් ෂෙරොෆ් සහ සල්මාන් ඛාන් එකට චිත්රපටවල රඟපා නැත. ඒත් ටයිගර් ෂෙරොෆ් සහ සල්මාන් ඛාන් අතරේ සමීප මිත්රත්වයක් පවතී.
ටයිගර් ෂෙරොෆ් බොලිවුඩයට පිවිසුනේ සල්මාන්ගේ සහාය ඇතිවය. ටයිගර්ගේ පියා වන ජැකි ෂෙරොෆ්, සල්මාන් සමග චිත්රපට රැසකට සම්බන්ධ වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd