IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ට්‍රක් රථ සහ ටේ්‍රලර් සඳහා විශේෂ මංතීරුවක් අවශ්‍යයි

CMC

 

අභ්‍යන්තර මාර්ග සහ අධිවේගී මාර්ගවලට හානි වීම වළක්වා ගැනීම සඳහා නගර තුළ සහ නගරවලින් පිටත දී ට්‍රක් සහ ටේ්‍රලර් රථ  සඳහා විශේෂ මංතීරු හඳුනා ගන්නා ලෙසට මධ්‍යම නගර සභා කවුන්සලය ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.


පසුගිය සතියේ රැස්වූ මධ්‍යම නගර සභාව මධ්‍යම වෙළෙඳපොලේ අදාළ බලධාරීන්ට සිය නිර්දේශයන් සහ අධික බර පැටවූ ට්‍රක් රථ සහ ටේ්‍රලර් නිසා මහා මාර්ගවලට සිදුවන බලපෑම් ගැන දැනුම් දී තිබේ.


පොදුවේ ගත් කල අධික බර පැටවූ ට්‍රක් රථ සහ ටේ්‍රලර් නිසා මහා මාර්ගවලට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් පසුගිය වසරේ දී අනුමත කරන ලද නිර්දේශයන් නැවත ක්‍රියාවට නංවන ලෙස ද නගර සභාව ඉල්ලීමක් කර ඇත.


මෙම නිර්දේශයන්ගේම කොටසක් ලෙසින් කර්මාන්ත පුරවරයට ඇතුළු වන සහ පිටවන ස්ථානයන්හි බර පාලම් ප්‍රමාණය ඉහළ නංවන ලෙසට වන නිර්දේශයක් ද මධ්‍යම නගර සභාව විසින් පොදු වැඩ අධිකාරියට (අෂ්ගාල්) නිකුත් කර ඇත.


අංක 1 ඡන්ද බල ප්‍රදේශය නියෝජනය කරන නගර සභික ජාසෙම් අබ්දුල්ලාහ් අල් මල්කි විසින් සිදුකරන ලද යෝජනාවකට අනුව ඉහත නිර්දේශයන් සකස් කර ඇත.


“විශේෂයෙන්ම ගිම්හාන කාලයේ දී අධි බර සහ යන්ත්‍ර සූත්‍ර පැටවූ ට්‍රක් රථ සහ ටේ්‍රලර් නිසා අලුතින් සාදන ලද අභ්‍යන්තර සහ අධිවේගී මාර්ගයන්ට සිදුවන බලපෑම ගැන අනාවරණය වුණා”


“මේ ගැන නගර සභිකයන් කිහිප වරක්ම ප්‍රශ්න කළා. ඒ වගේම අදාළ බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අදාළ බලධාරීන්ට අපේ නිර්දේශයන් ලබාදුන්නා. ඒත් තාමත් මේ ප්‍රශ්නයට හරි විසඳුමක් ලැබිලා නැහැ” යැයි ඔහු පවසයි. 


නීති උල්ලංඝනය කරන ට්‍රක් රථ නිරීක්ෂණය කරන ලෙසට මෝටර් රථ දෙපාර්තමේන්තුවට කරන ලද ඉල්ලීමක් මෙන්ම අධික බරක් පටවාගෙන ධාවනය කරන ට්‍රක් රථ මාර්ගයේ ඒවාට නියමිත මංතීරුවේ ධාවනය කරන බවට වගබලාගත යුතුයි යන ඉල්ලීම් ද ඉහත නිර්දේශයන්ට ඇතුළත් වෙයි.



අදහස් (0)

ට්‍රක් රථ සහ ටේ්‍රලර් සඳහා විශේෂ මංතීරුවක් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 483 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 887 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 212 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 759 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1444 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 569 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site