
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ විශේෂ නියෝජිතයන් අතරේ, නෝර්වේ රාජ්යයේ ඔස්ලෝ නුවරදී පැවැත්විණි.
එම සාකච්ඡා ඉතා ඵලදායී ලෙස අවසන් වුණු බවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකාව ගන්නා උත්සාහය, වෙනිසියුලා ජනාධිපති සෙලෙන්ස්කි, අගය කළ බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
ට්රම්ප්ගේ විශේෂ සාම නියෝජිතයන් ලෙස කටයුතු කරන්නේ, ස්ටීව් විට්කොෆ් සහ ට්රම්ප්ගේ බෑණා ලෙස කටයුතු කරන ජෙරාඩ් කුෂ්නර්ය. සෙලෙන්ස්කී හමුවීමෙන් පසු, ස්ටීව් විට්කොෆ්, රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට නියමිතය.
රුසියන් යුක්රේන යුද්ධය මැද, යුක්රේනයට සහාය දක්වන අතරතුරේ රුසියාව සමග ඩීසල් ගිවිසුමකට එළඹීමට ජනාධිපති ට්රම්ප් ගත් තීරණය යුක්රේනයේ කනස්සල්ලට හේතුවක් වුවත්, යුද්ධය නැවැත්වීමට ඇමෙරිකාව ගන්නා උත්සාහය යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ පැසැසුමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්රම්ප් මැදිහත් වී සිටින අතර නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් මධ්යවාර මැතිවරණයට පෙර යුද්ධය අවසන් කර සාම වැඩපිළිවෙළකට යෑමට ට්රම්ප් උත්සාහ ගනිමින් සිටී. පුටින් සහ සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවීමට සලස්වා පැහැදිලි දේශපාලන විසඳුමකට යෑම ට්රම්ප්ගේ අරමුණ බව ඇමෙරිකන් මාධ්ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd