IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ටෙලි නාට්‍ය ශිල්පීන්ට දෙයියන්ගේම පිහිටයි

ටෙලිනාට්‍ය/චිත‍්‍රපට නිෂ්පාදක, ආචාර්ය උපුල් ජයසිංහ

මෙගා ටෙලිනාට්‍යවලට අද දවසේදී බොහෝදෙනා චෝදනා එල්ල කරති. මෙම ටෙලිනාට්‍ය රැඟුම් පාලක මණ්ඩලය යටතට පත්කළ යුතු බවටද දැන් යෝජනා වී තිබේ. මෙගා ටෙලිනාට්‍ය මෙතරම් සමාජයට පිළිලයක්ද? මෙහි ගත යුතු දෙයක් නැද්ද? මේවා නතර කළ යුතුද? මේ සම්බන්ධයෙන් කතා කිරීමට සුදුසු පුද්ගලයෙක් පසුගියදා අපට හමුවුණි. ”ඉතිං ඊට පස්සේ, බොඳ මීදුම්, ආදරණීය චංචලා, සිහින පියාපත්” වැනි මෙගා ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළ ඔහු, එදා කැසට් ක්ෂේත‍්‍රයේද විප්ලවීය වෙනසක් ඇති කළේය. අද දවසේදී චිත‍්‍රපට, වේදිකා හා පොත් ප‍්‍රකාශයටද අතගසා ඇති ඔහු නමින් දේශමාන්‍ය, ආචාර්ය උපුල් ජයසිංහය. ”නිල්වලා” නමත් සමඟ කියැවෙන උපුල් සමඟ ඔහුගේ ගමන් මඟත්, වත්මන් ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට ක්ෂේත‍්‍රය ගැනත් කතා කළෙමු. මේ එහි සටහනයි.
  • ඔබ ”නිලම්බරේ” චිත‍්‍රපටය නිෂ්පාදනය කරමින් චිත‍්‍රපට නිෂ්පාදනයට අත ගැසුවත්, ඉන් පසු චිත‍්‍රපට  ක්ෂේත‍්‍රයෙන් ඉවත්වී ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට පිවිසි කෙනෙක්. නමුත් ඒ අත්හැර දැමූ චිත‍්‍රපට නිෂ්පාදනයට ඔබ යළිත් අතගසලා. ඇයිනැවත චිත‍්‍රපට කරන්න අදහස් කළේ?
මීට අවුරුදු 5-6කට ඉස්සෙල්ලයි මම ”නිලම්බරේ” චිත‍්‍රපටය කළේ. චිත‍්‍රපට කර්මාන්තය ගැන ආසාවක් තිබුණත්, චිත‍්‍රපටයක් කරන්න  ඕනේ කාලයේ නොවෙයි මම ”නිලම්බරේ” කළේ. වියදම් අධිකව එය නිර්මාණය කළා. එයට සම්මානත් ලැබුණා. ඒත් ආර්ථික වශයෙන් පාඩුවුණා. ඒ හින්දා ”නිලම්බරේ” සමඟ චිත‍්‍රපට නිෂ්පාදනය අත්හැර දැම්මා. ආපහු චිත‍්‍රපට කරන්නේ නෑ කියලා සිතාගත්තා. ඒ හින්දා ටෙලි නාට්‍ය නිෂ්පාදනය පැත්තට යොමුවුණා. ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේදී ”ඉතිං ඊට පස්සේ” ටෙලිනාට්‍ය කොටස් 508ක්ද, ” බොඳ මීදුම්” කොටස් 250ක්ද, ”ආදරණීය චංචලා” කොටස් 145ක්ද කරන්න හැකිවුණා. මේ දිනවල ”සිහින පියාපත්” සාර්ථක ලෙස විකාශය වෙනවා. මගේ ටෙලිනාට්‍ය අංක එකේ ඒවා බවට පත්වුණා. මෙයින් මා ගොඩාක් අවබෝධයක් ලබාගත්තා. සංගීත  ක්ෂේත‍්‍රයෙන් අවුරුදු 20කින් ලබාගත් දේ ටෙලිනාට්‍යයෙන් අවුරුදු 5කින් දැනුම ලබාගත්තා. මගේ ටෙලිනාට්‍ය මිනිසුන් අතර පිළිගැනීම හින්දා, මට සිතුණා දැන් තමයි චිත‍්‍රපට කර්මාන්තයට එන්න  ඕනේ සුදුසු කාලය කියලා. මොකද අවුරුදු 20-25 ක් තිස්සේ මගේ සිතේ සිනමාව සම්බන්ධයෙන් බොහෝ සිහින තිබුණා. කැසට් ක්ෂේත‍්‍රයේත්, ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේත් මගේ සිතේ තිබුණු යම් යම් සංකල්ප, තේමා තමයි ඉදිරිපත් කළේ. මගේ අදහස් පුළුවන් වෙලාවට එළියට දමනවා. මෙවර මා චිත‍්‍රපට නිෂ්පාදනයට අතගැසුවේ 2012 වසරේදී චිත‍්‍රපට 10ක් කිරීමේ අධිෂ්ඨානය ඇතිවයි. ”එතුමයි මෙතුමයි” එහි ආරම්භය. දැන් අඩු දලකින් හොඳ ප‍්‍රමිතියෙන් යුත් නිර්මාණයක් කරන්නෙ කොමද කියන දැනුම මට තිබෙනවා.
  • ඔබ මෙවර චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට නිතරම සහභාගි වෙනවා. නමුත් මීටපෙර ටෙලිනාට්‍ය රූගත කිරීම්වලදී ඔබ දැකගන්න ලැබුණේ නෑ. ඉදිරියේදී චිත‍්‍රපටඅධ්‍යක්ෂණයට පෙළැඹෙන්නත් ඔබේ අදහසක් තිබෙනවාද?
කොහෙත්ම නෑ. අවුරුදු 25ක කාලයක් තුළ කැසට් ක්ෂේත‍්‍රය, ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට ක්ෂේත‍්‍රවල මගේ සෙවණැල්ල තිබෙනවා. ගීතවල ”ඩමිය” හදන්නේත් මමයි. මගේ ”නිල්වලා” ආයතනය තුළ හැම දෙයකම මගේ සෙවණැල්ල තිබෙනවා. ටෙලිනාට්‍යවල මම පිටුපසින් හිටියේ. කවදාවත් ”ෂූටිං”වලට නොගිය එකම නිෂ්පාදකවරයා මම වෙන්නැති. නමුත් චිත‍්‍රපටයේදී හැමෝටම මාව අවශ්‍යවෙලා. අධ්‍යක්ෂවරයා කියන්නෙත් ඇවිත් ඉන්න කියලයි. මෙහිදී අලූත් අලූත් දේ කරන්න ශක්තිය ලැබෙනවා. අධ්‍යක්ෂවරයාගේ කටයුත්තට මා බාධා කරන්නේ නෑ. ඔවුන් එහිදී මාවත් ශිල්පියෙක් විදිහටයි හිතන්නේ. මට ගීත ගායනා කරන්නත්, රඟපාන්නත් ආරාධනා ලැබුණා. ඒත් මම කලාවත් එක්ක නිෂ්පාදකවරයෙක් ලෙස ඉන්න තමයි කැමති. මම 1987 දී OCIC පාඨමාලාව ඇන්ඩෲ ජයමාන්න මහතා යටතේ හැදෑරූ කෙනෙක්. ඒ හින්දා කැමරාකරණය අධ්‍යක්ෂණය ගැන මට දැනුමක් තිබෙනවා. ඒත් අධ්‍යක්ෂ භූමිකාව මා රඟපාන්නේ නෑ.
  • අද පවතින සිනමා කර්මාන්තයේ තත්ත්වය ගැන නිෂ්පාදකවරයකු ලෙස ඔබදකින්නේ කොයි ආකාරයටද?
මම තවම සිනමාව රස විඳින්නේ 70 දශකයේ සිනමාවයි. ගාමිණි ෆොන්සේකාට පුදුම ආශාවක් තිබුණේ. ඔහුගේ චිත‍්‍රපට බලන්න තාත්තා අපිව එක්කගෙන ගියා. මම උසස් පෙළ කරලා, කොළඹ ඉන්න අවදියේ පික්චර් පිස්සෙක් බවට පත්වුණා. ගාමිණී හින්දා තමයි ජෝතිපාලගේ ගීතවලට ආසාවුණේ. ඒ නිසාමයි ජෝතිගේ ගීත එකතු කරලා මුලින්ම කැසට් පටයක් නිෂ්පාදනය කළේ. මගේ ලොකුම ආසාව වුණේ ගාමිණීව දාලා චිත‍්‍රපටයක් කරන්න. ඒත් මම චිත‍්‍රපටය කරනකොට ගාමිණී මියගිහින්. එදා 70 දශකයේ සිනමා ශාලා හැමදාම ”හවුස් ෆුල්”. පේ‍්‍රක්ෂකයෝ බලාපොරොත්තු වන දේ ඒ තුළ තිබුණා. අද මොකද වෙලා තිබෙන්නේ? ගෙදර තිබෙන ටී. වී. එක නතර කරලා චිත‍්‍රපට බලන්න යන්නේ, එහි මොකක් හරි දෙයක් ඇත්නම් පමණයි. එදා චිත‍්‍රපට දවස් 100-200 තිරගත වුණා. ඔවුන් තරු, අද තරු නෑ. අද චිත‍්‍රපට නළු නිළියෝ නෑ. ටෙලි නාට්‍යවල දකින අය තමයි අද චිත‍්‍රපට නළු නිළියෝ වෙලා ඉන්නේ. ඒ කාලේ ඉඳලම මගේ හිතේ තිබුණා, මට පුළුවන් කාලේ 70 දශකයේ අපි වින්ද දේ පේ‍්‍රක්ෂකයන්ට ලබාදෙන්න  ඕනේ කියලා. අද නිෂ්පාදකවරු සිනමා ශාලා හිමියන්ට බනිනවා. නමුත් ඔවුන් අම්බලම් මට්ටමේ හරි සිනමා ශාලාවක් පවත්වාගෙන යන එකට උපහාර පුදන්න  ඕනෑ. දුවන්නැති චිත‍්‍රපට දාලා ඔවුන්ට බැනලා වැඩක් නෑ. දුවන චිත‍්‍රපට පෙන්නුවොත් ඔවුන්, තම අඩුපාඩු හදා ගනියි. මොකද ඒ අයත් ජීවත්වෙන්න  ඕනේ. මිනිස්සු බලන පොරකන තත්ත්වය ආවොත්, ආපසු පවුල් පිටින් චිත‍්‍රපට නරඹන සංස්කෘතිය මේ රටේ ඇතිවෙයි. මම එයට ආරම්භයක් ලෙසින් තමයි චිත‍්‍රපට 10ක් නිෂ්පාදනය කරන්නේ. ”සිනමාවේ ලොකුම හිනාව” විදිහට තමයි මෙවර මා ” එතුමයි මෙතුමයි” හදන්නේ. ”අල්ලපු ගෙදර” චිත‍්‍රපටය එදා මම 25-30 සැරයක් විතර නැරඹුවා. එහි විඳපු රසය, හාස්‍යය ඊට පස්සෙ එක චිත‍්‍රපටයකවත් මා දැක්කේ නෑ. දැන් විකට චිත‍්‍රපට ලේබල් ගහන ඒවායේ 25% හාස්‍යය තිබෙන්නේ. නමුත් ”එතුමයි මෙතුමයි” මා කරන චිත‍්‍රපයේ හැම සීන් එකකින්ම පවුලේ සියලූ දෙනාටම හිනාවෙන්න පුළුවන්. මෙය සිනමාවේ හොඳම විකට චිත‍්‍රපටය බවට පත්වේවි කියලා මා හිතනවා. ”අල්ලපු ගෙදරින්” පසු සිංහල සිනමාවේ බිහිවන ප‍්‍රථම විකට චිත‍්‍රපටය ලෙසත් මෙය මා හඳුන්වනවා.
  • ඔබ කොහොම පැවසුවත් චිත‍්‍රපට ප‍්‍රදර්ශනය අද විශාල ගැටලූවක් බවට පත්වෙලා නේද?
මෙය නිෂ්පාදකවරයාට චිත‍්‍රපට එපා කරන්නක් නොවේද? ”නිලම්බරේ” කරන කාලේ නිෂ්පාදකයෙක් විදියට මම බිංදුවේ හිටියේ. අද වනවිට ප‍්‍රදර්ශනය හා ප‍්‍රවර්ධනය ගැන හොඳ සැලැස්මකින් ඉන්නේ. සිනමා ශාලා හිමියන්, ප‍්‍රදර්ශක මණ්ඩලය හවුල් කරගෙන මෙය එකමුතුවෙන් ගෙනියන්න මා බලාපොරොත්තු වෙනවා. බැනලා වැඩක් නෑ. ඔවුන්ට සිනමා ශාලාව නඟා සිටුවන්න මා සහයෝගය ලබාදෙනවා. මගේ චිත‍්‍රපට දහයේ ව්‍යාපෘතියේ ආරම්භය ඉතා සාර්ථක වනු ඇතැයි මට විශ්වාසයි. මෙයින් ප‍්‍රදර්ශනයේ ගැටලූවලට නිසි පිළිතුරක් සපයයි. එය අනෙක් නිෂ්පාදකවරුන්ටත් අලූත් අත්දැකීමක් ලබාදෙයි.
  • ඔබ අද මෙගා ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙක් බවට පත්වෙලා. බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී තිබෙන මේ මෙගා ටෙලිනාට්‍ය ඇත්තටම සමාජයට පිළිලයක්ද?
පිළිලයක් වෙලා තිබුණ ඉන්දියන් මෙගා ටෙලිනාට්‍ය. ඒවාට හැප්පෙන්න තමයි ”බට්ටි” හරහා දීර්ඝ ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනියෙන් හැදුවේ. එයින් ඉන්දියන් සංස්කෘතිය පුංචි තිරයෙන් නවතා දමන්න හැකිවුණා. එය අද හැම නාළිකාවක්ම කරන තැනට ඇවිත්. මේ හරහා නළු නිළියන් 95%ක්ම රැකෙන තත්ත්වයට ඇවිත්. එදා 70 දශකයේ චිත‍්‍රපටවල වගේ අද ශිල්පීන්ට කරන්න බැරි තරම් වැඩ තිබෙනවා. ඒ තරමට ඔවුන් කාර්ය බහුල වෙලා. මෙය රැල්ලෙන් රැල්ලට එන දෙයක්. එක පාරටම මෙය නවත්වන්න බැහැ. එය ක‍්‍රමානුකූලව වෙනස් වේවි. සිංහල මෙගා නැති කරලා, ආපසු ඉන්දියන් හරි පාකිස්ථාන් හරි මෙගා ආවොත් කවුද ඒවාට වගකියන්නේ? ඔය කෑ ගහන අය එදා ඉන්දියන් මෙගාවලට කෑ ගැහැව්වේ නැහැනේ. ඔය කියන තරමට මෙගා බොළඳ නෑ, ආදරය මුල් කරගත් හොඳ කතාවක් නම් මිනිසුන් එතනට රොද බඳිනවා. ”ඉතිං ඊට පස්සේ, බොඳ මීදුම්” මිනිසුන් බැලූවේ එයින් යම් දෙයක් දුන් හින්දනේ. මෙවර ” සිහින පියාපත්” ටෙලිනාට්‍යයෙන් මම මෙගා පැත්ත වෙනත් අතකට යොමු කරනවා. එය ”ඳු දරුවෝ” සත්පුර වැසියෝ” වගේ අලූත් අත්හදා බැලීමක්.
  • මේ ටෙලිනාට්‍ය රැුඟුම් පාලක මණ්ඩලය යටතට පත්කළ යුතු බවට යෝජනාවී තිබෙනවා. මේවාට ප‍්‍රමිතියක් ඇති කළ යුතුයි නේද? ඔබ මේ ගැන දරන්නේ කුමන අදහසක්ද?
70 දශකයේදී සිනමාවේ කලාත්මක යැයි චිත‍්‍රපට කළ අය රැුඟුම් පාලක මණ්ඩලයක් ගෙනවිත් වාණිජ සිනමාව නැතිකරලා දැම්මා. එයින් සිනමාව කඩාගෙන වැටුණා. එදා ඉහළින් වැජඹුණු සිනමාව, යම් යම් අයගේ පෞද්ගලික මති මතාන්තර, ඊර්ෂ්‍යාව මත විනාශ කරලා දැම්මා. මා දකින්නේ මෙය වෘත්තීය ඊර්ෂ්‍යාවක්. එදා සිනමාවට කළ දේ අද ඔය පණ්ඩිතයෝ ටෙලිනාට්‍යයටත් කරනවා. තව අවුරුදු 10කින් විතර ඔය පණ්ඩිතයෝ ටිකම මෙය නැතිවුණේ ඇයි කියල කෑ ගහයි. එදා ”සන්ෆ්ලවර් කැසට් රැල්ල” හරහා ඉන්දියන් ගීත රැල්ල නැතිකළා. ” බට්ටි” හරහා ඉන්දියන් මෙගා නැති කළා. රැඟුම්  පාලක මණ්ඩලය යටතට මෙය ගැනීම තේරුමක් නැති වැඩක්. එදා රාති‍්‍ර 10.00න් පසු සංගීත සංදර්ශන නැවැත්වීමෙන් ශිල්පීන්ට යන එනමං නැතිවුණා. ඒ වගේ දෙයක් තමයි මේ කරන්නේ. ”දේශීය සංස්කෘතිය රකිමු” යන තේමාව පෙරට දමාගෙන මේ කරන්නේ තම බඩ වියත රැකගැනීමේ ව්‍යාපාරයක්, සිංහල දීර්ඝ ටෙලිනාට්‍ය නැතිකර දමා නැවතත් ඉන්දීය දීර්ඝ ටෙලිනාට්‍ය මෙරට රජකර වීමට, ඉන්දීය සංස්කෘතිය මෙරට පැලපැදියම් කිරීමට නැවතත් කල් යල් බලමින් ඉන්නා කූට විදේශීය ජාවාරම්කරුවන්ගේ මනදොළ සැපිරීමක් මෙමගින් සිදුවන්නේ. මේ කරන්නේ කොන්තරාතුවක්. මේ ජනපි‍්‍රය දීර්ඝ ටෙලිනාට්‍ය නැතිකර දැමූ පසු පේ‍්‍රක්ෂකයෝ තම නිර්මාණ බැලීමට රොද බැඳ ගනී කියලයි මේ අය හිතන්නේ. එදා සිනමාවට වූ අයුරින්ම මෙරට පේ‍්‍රක්ෂකයෝ වෙනත් මාධ්‍ය කරා ඉක්මණින් යොමුවෙන්න පුළුවන්. ”ටෙලිනාට්‍ය ශිල්පීන්ට දෙයියන්ගේම පිහිටයි” මොවුන්ගේ මතයට අනුව මෙගා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන්, නළු නිළියන් කිසිදු රසඥතාවයක් නැති අයයි. ඔවුන් නිර්මාණ ශිල්පීන්  නොවෙයි. මේක තනිකරම වෘත්තීය කුහකම හා ඊර්ෂ්‍යාවයි. වෙන කුමක්ද? මිනිස්සු 95%කගේ සිතුම් පැතුම් හඳුනාගන්න බැරි, තමන්ගේම මනෝලෝකවල හිරවෙලා තමන් ප‍්‍රබුද්ධයෝ කියා හිතන් ඉන්න සුළු පිරිසක් ගෙනෙන බෝම්බයක් මේක. මේ පණ්ඩිතයෝ කරන්නේ නැවතත් අර ඉන්දියන් ආක‍්‍රමණය ඇති කරන්නයි. මෙගා ටෙලිනාට්‍යවල සිටින ශිල්පීන්ගෙන් 95%ක්ම ජනාධිපතිතුමාට උදව් කළ අය. මෙය ජනාධිපතිතුමාටත් මඩ පැල්ලමක් ගෙනෙන දෙයක්. රජයේ නාලිකා 2 වහලා දාන්නද මේ හදන්නේ? ඔවුන්ගේ මේ යටි කුමන්ත‍්‍රණ ජනාධිපතිතුමා හඳුනාගන්නා බව මට විශ්වාසයි. ඔය කෑගහන 5% ජනාධිපතිතුමාට උදව් කළ අය නොවෙයි. ඔය අය වැඬේ අනාගත්දාට ජනාධිපතිතුමා ළඟ නෑ. අනෙක් පැත්තේ ඉන්නේ. එදාට හැමෝගෙන්ම දොස් අහන්න වෙන්නේ වත්මන් ජනාධිපතිතුමාටයි.
  • ඔබ පොත් ප‍්‍රකාශනයටත් අත ගසා තිබෙන බව දැන ගන්නට ලැබුණා. ඇයි ඒ පැත්තට යොමුවුණේ?
මම පොත් ප‍්‍රකාශනයට අත ගැසුවේ මීට අවුරුදු 6-7කට කලින්. ඒ ඞීමන් ආනන්දගේ පොත නැවත මුද්‍රණය කිරීමෙන්. චිත‍්‍රපට වගේම පොත් ප‍්‍රකාශනය ගැන දැනුමක් නැතිවයි එදා එයට අත දැම්මේ. ඒ හින්දා ඒක අතහැරලා දැම්මා. නමුත් දැන් මට හොඳ අවබෝධයක් තිබෙනවා. 2012 වසරේදී පූර්ණ කාලීනව ”නිල්වලා ප‍්‍රකාශන” නමින් පොත් ප‍්‍රකාශනයට එළැඹෙනවා. ඒ එඞ්මන් පීරිස්ගේ ”සත්පුර වැසියෝ” ටෙලි නාට්‍යය ඇසුරෙන් ”පැතුම්-අහිංසා” නවකතාව එළිදක්වමින් එය තමයි ආරම්භය. මෙය මා සිහින සැබෑ කරගෙන යන ගමනක්. 2012දී වේදිකා නාට්‍ය 2-3ක් ආරම්භ කරන්නත් හදනවා. එවිට නිෂ්පාදකවරයෙක් ලෙස සියලූ දෙයින්ම මා සම්පූර්ණ වෙනවා. මා හිතන්නේ එවැනි දෙයක් කළ එකම කෙනා මා වෙන්නැති කියලයි. 2000 දී ජනපි‍්‍රයම කැසට් නිෂ්පාදකයා හා 2010 දී යුගයේ ජනපි‍්‍රයම ටෙලි නාට්‍ය නිෂ්පාදකයා සම්මාන ලැබූ එකම කෙනාත් මමයි.
  • එතකොට ඔබ නිල්වලා කැසට් ව්‍යාපාරයෙන් දැන් ඈත්වෙලාද?
හොර කැසට් ව්‍යාපාරය හින්දයි එය තාවකාලිකව නතර කළේ. දැන් දැන් ඒවාට විරුද්ධව රජය මගින් කටයුතු කරන හින්දා හොඳ කාලයක් උදාවෙයි කියා හිතනවා. 2012 දී මම නැවතත් නිල්වලා කැසට් පෙරහර ආරම්භ කරනවා. ඒ පි‍්‍රයන්ත සෙනෙවිරත්නගේ විකට කැසට් පටයකින්. මා හිතන්නේ රසිකයන්ට මෙන්ම වෙළෙඳසල් හිමියන්ටත් එය සුබ ආරංචියක් වේවි. (විශේෂ ස්තුතිය - ප‍්‍රවීණ ගේය පද රචක චන්න ජයනාත් හා නීල් රුක්මන් යන මහත්වරුන්ට)
සංවාද සටහනසමන්ත යහම්පත
ඉතිං ඊට පස්සේ බොඳ මීදුම් චංචලා සිහින පියාපත්    



අදහස් (0)

ටෙලි නාට්‍ය ශිල්පීන්ට දෙයියන්ගේම පිහිටයි

සමන්ත Sunday, 18 September 2011 02:58 PM

මම හිතන විදියට නම් මෙගා ටෙලි නට්‍ය නිෂපාදනය කිරිම හොදයි. නමුත් මේකෙ නරක පැතිකඩකුත් තියෙනවා. අද මෙගා නාට්‍ය විකාශය වන්‍ෙ‍න්‍ රාතී 700 න් පසුවයි. මේ නිසා බොහෝ නිවෙස්වල දරැවන්‍ගේ අධ්‍යාපනයට මෙය බලපා ඇති බව පැහැදිලිවම දකින්න ලැබෙන දෙයක්. නිවෙස්වල ඉන්න වැඩිහිටියන් ටෙලි නාට්‍ය බැලිම පුරැද්දක් කරගෙන තියෙනවා. මේ නිසා නිවසේ ඉන්න දරැවනුත් පාසැල් වැඩ පසෙක ලා නාට්‍ය නරඹනවා. මේ නිසා නිෂ්පාදකයන්ටත් අවාසියක් නොවන ලෙසත් රටේ අනාගත පරපුර විනාශ නොවන ආකාරයටත් මෙම නාට්‍ය විකාශය වෙනවානම් හොදයි කියා මා සිතනවා...........................

:       0       0

සමන්ත Sunday, 18 September 2011 02:47 PM

මම හිතන විදියට නම් මෙගා ටෙලි නට්‍ය නිෂපාදනය කිරිම හොදයි. නමුත් මේකෙ නරක පැතිකඩකුත් තියෙනවා. අද මෙගා නාට්‍ය විකාශය වන්නේ රාතී හතෙන් න් පසුවයි. මේ නිසා බොහෝ නිවෙස්වල දරැවන්‍ගේ අධ්‍යාපනයට මෙය බලපා ඇති බව පැහැදිලිවම දකින්න ලැබෙන දෙයක්. නිවෙස්වල ඉන්න වැඩිහිටියන් ටෙලි නාට්‍ය බැලිම පුරුද්දක් කරගෙන තියෙනවා. මේ නිසා නිවසේ ඉන්න දරැවනුත් පාසැල් වැඩ පසෙක ලා නාට්‍ය නරඹනවා. මේ නිසා නිෂ්පාදකයන්ටත් අවාසියක් නොවන ලෙසත් රටේ අනාගත පරපුර විනාශ නොවන ආකාරයටත් මෙම නාට්‍ය විකාශය වෙනවානම් හොදයි කියා මා සිතනවා...........................

:       0       0

සම්පත් Monday, 28 January 2013 10:09 AM

හොද පුවතක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 87 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 547 1

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 145 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 126 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 24 408 0

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන


හම්බන්තොට ගොවීන්ට පොහොර සහනාධාරය තවමත් නැහැ
2024 නොවැම්බර් මස 24 164 0

මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2023 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site