නාරාහේන්පිට පැත්තෙ ආණ්ඩුවට සම්බන්ධ එක්තරා ආයතනයක් තිබෙනවා... මේ ව්‍යාපාරෙ සෞඛ්‍ය සේවා සැපයීමට සම්බන්ධයි. මෙතන පාලක මණ්ඩලේ ඉන්න උදවියට එක මණ්ඩල රුස්වීමකට ගෙවන මුදල රැපියල් අසූදාහක් කියලා ඇහුවම අපි පුදුම වුණා. මේ තරම් ගෙවීමක් ලබා ගත්තත් මේ මණ්ඩලේ ඉන්න සමහර අය සෞඛ්‍ය තියා භූගෝලෙවත් දන්නෙ නැතිලු... හැබැයි එයාල මේ ආයතන මුදලින් සැප විඳින හැටිනම් දන්නවය කියලයි එතන සේවකයො කියන්නෙ...
මේ ළඟදි එතන පාලක මණ්ඩලේ ඉන්න එක්තරා අමුතු ඇඳුම් අඳින කෙනෙක් තමන්ගෙ මාසික ටැලිෆෝන් බිල ගෙවන්න කියලා ගණකාධිකාරිට ඉදිරිපත් කළා. ඉතින් ගණකාධිකාරි තැනට මේ බිල දැක්කම හීන් දාඩිය දාන්න පටන් ගත්තා... අපෙ අප්පේ... ඒ මාසෙ බිල රැපියල් එක්ලක්ෂ පනස් පන් දාහලු. මේ වගේ අධික ටෙලිෆෝන් බිලක් කවදාවත්ම දැකලා නැති ගණකාධිකාරි කිව්වා අනෙ අම්මේ මේ බිල මට නම් ගෙවන්න බැහැ. ඕව ගෙවල අපිටයි පොලිසි උසාවි ගානෙ යන්න වෙන්නෙ කියලා...
ඒත් අර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා ප්‍රබල චරිතයක්. එයා කියන විදියට එයාලලු මේ ආණ්ඩුව ගෙනාවෙත්... එක්තරා බලවත්ම ඇමැති කෙනකුට පට්ටම අරන් දුන්නෙත් එයාලු. මේ මොන කතා කිව්වත් රටේ මුදල් නීතිය හැටියට ඔය බිල නම් ගෙවන්න බැහැ කියලලු ගිණුම් අංසෙ කට්ටිය ප්‍රකාශ කරන්නෙ...
ඒ කොහොම වුණත් අපි තමයි මේ ආණ්ඩුව හැදුවෙ අපි තමයි ජනතාව දුකින් මුදවන්නෙ කියන අය මේ විදියට මහජන සම්පත් වළඳන්න ගත්තොත් මේ ආයතනෙට අබ සරණයි කියලයි සේවකයො කියන්නෙ.
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටෙලිෆෝන් බිල වළඳයි