බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍ය තාන්ත්‍රික කලාපයේ අවන්හලකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගැනුණු පිරිස අතර සිට බේරැණු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා එම ප්‍රහාරයෙන් ඇතිවූ කම්පනය හේතුවෙන් මේවන විට ඩකා නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මොවුන් අඹු - සැමියන් වන අතර ඩකා නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඔවුන් බැලීමට රෝහලට ගොස් ඇති අතර ඔවුන්ගේ තත්ත්වය යහපත් බව බංගලාදේශයේ වැඩබලන මහකොමසාරිස් සේසත් තාඹුගල මහතා දන්වා ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි කියයි.
ඩකා හි සුප්‍රසිද්ධ අවන්හලකට ඇතුළුවු ත්‍රස්ත කණ්ඩායමක් ඉකුත් සිකුරාදා (01) රාත්‍රී වෙඩි තබමින් සිදුකළ ඛේදවාචකයෙන් බංග්ලාදේශ පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු ඇතුළු තවත් 20කට අධික පිරිසක් මිය ගියහ. එම ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය විසින් බාරගන්නා ලදී.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩකා නුවරදී ප්‍රාණ ඇපයට පත් ලක් යුවළ රෝහලේ
කසුන් Monday, 04 July 2016 08:09 AM
රට යන අත දැන් බලු විට අපිටත් එවන් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානම සුළුකොට තකන්න බැහැ (කෞ)