සිය පියාගේ ෆේස්බුක් පිටුවේ අසරණ සිසුන් පිරිසක් පිළිබඳ වීඩියෝවක් දැක සංවේදී වූ ඩුබායිහි ශ්‍රී ලාංකික දරුවකු පොතක් ලියා පළ කර එය අලෙවි කිරීමෙන් දුප්පත් දරුවන්ට පාසල් උපකරණ ලබාදීමට කටයුතු කර ඇත.
ඩුබායි හි ඔක්ස්ෆෝඩ් විදුහලේ පළමු වසරේ ඉගෙනගන්නා ජෙහාන් ගවිත්‍ර අබේරත්න එසේ එරට සිට අලෙවි කළ පොත්වල මුදලින් සිය දෙමාපියන් වන මදුෂ් අබේරත්න සහ නදීකා රූපසිංහ සමග ලංකාවට පැමිණ අඩු ආදායම් ලාභී පාසල් සිසුනට පාසල් උපකරණ ලබා දුන්නේය.
දඹුල්ල උයන්වත්ත පුරාණ විහාරයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සිටින දරුවන්ට හා එහි වැඩසිටින කුඩා සාමණේර ස්වාමින්වහන්සේලාටද අධ්‍යාපන උපකරණ පිරිනැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි උතුම් සත්කාර සමාජයට ආදර්ශවත් නිසා ඡායාරුපයක් පළකරනමෙන් ලංකාදීපයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (බ)
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී. වාසනාවන්ත දරුවෙක්. අප සියලු දෙනාගේම ආශීර්වාදය ඔබට ලැබෙනවා. ආයේ වචන දෙකක් නැහැ රටට ලොවට හොඳ වැඩදායක පුද්ගලයෙකු වෙන ලකුණු පෙන්නුම් කරනවා. (බ)
ඉතාම වටිනා වැඩක් පුතා කළේ. ඔබවැනි දරුවෙක් දෙමාපියනට මිනිපහනක්. (බ)
ඔබ කල දේ ගොඩක් අගය කරනවා ජෙහාන්. හරිම හොද වැඩක්. ඔබට හොද අනාගතයක් ප්‍රර්ථනා කරනවා\(හේ)