ඩුබායි සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකුගේ කිලෝ දෙකක රන් දනහිස් ආවරණයෙහි බැඳගෙන ගුවන්තොටුපොළෙන් එළියට රැගෙන යාමට උත්සහ කළ ඩියුටි ෆ්‍රී සේවකයෙකු අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
රන් කැබැලි ගණන 20 ක් වන අතර එහි වටිනාකම රුපියල් කෝටියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් පෙන්නන්න බැහැ. ඒ ඩියුටිෆ්‍රී කඩවල දෙපැත්තෙන් හිටගෙන අපේ අතේ තියන මුදල් ටිකට මොනවා හරි ඇඟේ ගහන්න බලන් ඉන්න කාක්කෝ වගේ මිනිස්සු ටිකට ..?මගෙන් හැම ගුවන් වාරයකදීම ඒ මිනිසුන්ට හොඳ වැකි ටිකකින් අවාද කරනවා .."අපේ රටේ ඔයාල කරන මේ ක්‍රියාවෙන් අපි ජාතියක් වශයෙන් ලජ්ජාවට පත්වෙනවා ..ලොව කිසිම ගුවන් තොටුපලක මෙවැනි අවලස්සන දේ වෙනවා මමනම් දැකලා නැහැ, මිනිසුනේ බඩු ගන්න ඕනෙනම් ඒ මිනිසුන් නියම තැන හොයාගෙන එනවා , එත් පාර දෙපතේ ඉඳන් ගමන් කරන මිනිසුන්ට වැටක් බැඳගෙන කරන මේ පහත්දේ නම් හරිම ලැජ්ජයි ".. කියල. ඒ මිනිසුන්ම ඊලඟ සැරෙත් මගෙන් ඔය ටිකම අහ ගන්නවා, හරිම ලජ්ජා සහගත දෙයක් ඒක. ඇත්තටම කිසිවෙකුට හැකිනම් ඒ ක්‍රියාව නවත් වන්න ඒක අපි ශ්‍රී ලාංකිකයින්ට කරන විශාල සේවයක් ..! (ස)
ඔන්න සමන්ති නංගි මෝඩ ප්‍රශ්නයක් ඇහැව්වා. (දී)
මේ අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද වෙන්නේ කියල අහන්න කොන්දක් තියෙන කවුරුවත් පාර්ලිමේන්තුවේ නැහැනේ. (දී)
පලවෙනි වතාව වෙන්න බැහැ (දී)
ධම්ම,රූපවතී ...ඔබලාගේ අදහසට මමත් එකගයි.(දී)
අපේ දක්ෂ නිලධාරීන්ගෙන් බේරිලා යන්න බැහැ (දී)
මෙය දීර්ග කාලීනව කරගෙන ආපු වැඩක් විය හැක ,(දී)
ඩියුටි ප්‍රී සේවකයන් කියන්නේ ඔවුන්ට තීරු බදු නැත්ද ? (නදී)
ලුම්බිනිගේ ප්‍රශ්නයට පිළිතුර පාර්ලිමේන්තුව. අනේ හරිද මන්ද. (දී)
තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයින් හා රේගු නිලදාරීන් අතර සම්බන්දය ප්‍රසිද්ද රහසක්.කොතැනම හරි පොඩි විරසකයක් නැතිව ඉතින් ඔය පලවෙනි වර වෙන්නනම් බැහැ.(දී)
මහ තෑන ඉඳල පොඩි තෑනට එනකන්ම හොරකම් කරන තෑනක්නෙ ඩියුටි ෆ්‍රී කියන්නෙ. රට යන එන හැම කෙනාම ඒගැන හොඳට දන්නව. වැඩේ කියන්නෙ හොරකම් කරන්නෙ වැඩිහරියක් එලිපිට. (ස)
ටෙනිසන්, ඔබ කියන දේ හරි. කලකට පෙර මටත් ඩියුටි ෆ්‍රී සේවකයෙක් මගේ මුළු එලවන්ස් එකටම බඩු අරන් (බඩු ගත්තේ ඒ සේවකයා මිසක් මම නොවේ ) මම නැවේ එවාපු බඩු වලට එලවන්ස් එක ඉතුරු කරන්න කියලා කස්ටම් ඔෆිසර් ට කිව්වේ අණ කරනවා වාගේ. මම හිතුවේ එයා ඔෆිසර් ගාවට ගිහින් ඔලුව කස කසා අනේ සර් කියලා බැගෑපත් වේවි කියලා. නමුත් ඔහු මාත් සමග ඔෆිසර් ලඟට ගිහින් මෙයාගේ ෆුල් එලවන්ස් එකම ලියන්න එපා යු එස් අටසීයක් විතරක් ලියන්න කිවා (නදී)
අනේ පව් ඩියුටි ෆ්‍රී සේවකයා. මේකටත් අනිවාර්යෙන්ම රේගු නිලදාරියෙක් සම්බන්දවෙලා ඉන්න ඇති. වැඩේ ගැස්සිලා යන්න ඇති. අපේ රේගු නිලදාරීන් හම්බකරන හැටි දන්නේ උඩ ඉන්න දෙවියෝ තමයි. (නදී)
අපේ ඩියුටි ෆ්‍රී කඩ හරහා එනවිට දෙපැත්තේ ඉඳන් බලා ඉන්න අය දැක්කම මට මතක් වෙන්නේ කතරගම දේවාලේ සිට කිරිවෙහෙරට යන මාවතයි. (ස)
කෝටි ගානක් වටිනා අධෝ මාර්ග ගැනත් අහන්න ලැබෙන්නේ, ඕක මොකක්ද ? (නදී)
ඉතා අවංක රෙගු නිලදාරීන් මෙන්ම , හොර තක්කඩි රෙගු නිලදාරින්ද සිටිති . මේවට උදව් කරනා ගුවන් තොටුපල ඇතුලේ සේවකයන්ද සිටිති . ගුවන් සහ වරාය තොටුපල කියන්නේ සමහරුන්ට වසරින් කෝටි පතියන් වීමට හැකි තැනක් , (දී)
අපේ රටේ හොරකම නැති එක තැනක් හරි පුළුවන් නම් කරන්න. (දිල්)
මෙහෙම කෙනෙක් මේ අහුඋනාමයි. මෙලෙස මිට පෙර කොතෙක් කර ඇද්ද.? (දී)