සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු සිවුදින ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (02) දිවා විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට ඉනිම පරාජයෙන් ගැලවීමට ලකුණු 255 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 100 ක් ලබා සිටියේය. දිවා විවේකය වන විට ඩිල්රුවන් පෙරේරා (නොදැවී 40) සහ රොෂේන් සිල්වා (නොදැවී 35) සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 67 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 41 කදී 170 සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 100 (ඩිල්රුවන් පෙරේරා නොදැවී 40, රොෂේන් සිල්වා නොදැවී 35, රයන් මැක්ලරින් 21/3) දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල පළමු ඉනිම කඩුලූ 6 ට 425 (ඞීන් එල්ගර් 171, ෆොෆ් ඩියු ප්ලිසිස් 144, කෝසල කුලසේකර 86/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd