IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඩිල්ෂාන්ගෙන් (101) ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා පිල සහ  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල අතර කැන්බරාහිදී පැවැත්වෙන  පුහුණු තුන්දින ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (07) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 276 ක් ලබා සිටියේය. ප‍්‍රසන්න ජයවර්ධන (නොදැවී 24) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 12) දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටියහ. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 152 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 101 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පිටියෙන් ඉවත් විය. කුමාර් සංගක්කාර ලකුණු 55 ක් ලබා සිටියදී දැවී ගියේය. පළමුව පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 439 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. දක්‍ෂ පිතිහරඹයක නිරත වූ  ඕස්ටේ‍්‍රලියානු යොවුන් පිතිකරු ස්කොට් හෙන්ද්‍රි පන්දු 283 කදී හතරේ පහර 28 ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 207 ක් රැුස්කිරීමට සමත් විය. අද (08) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි. ලකුණු පුවරුව ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම ස්කොට් හෙන්ද්‍රි - නොදැවී     207 මාකස් හැරිස් - ඇ. ඩිල්ෂාන් ප. එරංග     20 උස්මාන් කවාජා - ඇ. මහේල ප. වෙලගෙදර    56 ඇලෙක්ස් ඩෝලන් - ප. රන්දීව්     6 ග්ලේන් මැක්ස්වෙල් - ප. ප‍්‍රදීප්     91 ටේ‍්‍රවීස් හෙඞ් - ඇ. වෙලගෙදර ප. ප‍්‍රසාද්      35 සෑම් වයිට්මන් - ඇ. සහ ප. ප‍්‍රසාද්     4 ඩියන් සොල්වේ - නොදැවී     5 අතිරේක     10 එකතුව  ඕවර 100 කදී කඩුලූ 6 ක් දැවී     439 පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ: මැතිව් ගාලේ, ලූක් බුට්ටර්වොර්ත්, සෑම් රන්බිර්ඞ්, අෂ්ටන් ටුනර් කඩුලූ වැටීම: 1-47(හැරිස්), 2-170(කවාජා), 3-193(ඩෝලන්), 4-318(මැක්ස්වෙල්), 5-391(හෙඞ්), 6-402(වයිට්මන්) පන්දු යැවීම: වෙලගෙදර: 26.4.93.1, එරංග: 13.8.22.1, ප‍්‍රසාද්: 20.1.128.2, රන්දීව්: 23.1.121.1, ඩිල්ෂාන්: 3.0.9.0, ප‍්‍රදීප්: 15.4.53.1 ශ්‍රී ලංකාව පළමු ඉනිම දිමුත් කරුණාරත්න - ඇ. හැරිස් ප. ටුනර්    40 තිලකරත්න ඩිල්ෂාන් - පිටියෙන් ඉවත් වුණා     101 කුමාර් සංගක්කාර - ක. මූ. කළා ප. කවිජා     55 මහේල ජයවර්ධන - ඇ. සහ ප. මැක්ස්වෙල්     36 ප‍්‍රසන්න ජයවර්ධන - නොදැවී     24 දිනේෂ් චන්දිමාල් - නොදැවී    12 අතිරේක    8 එකතුව  ඕවර 78 කදී කඩුලූ 4  ක් දැවී     276 පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝ: සුරාජ් රන්දීව්, ධම්මික ප‍්‍රසාද්, ශාමින්ද එරංග, චානක වෙලගෙදර, නුවන් ප‍්‍රදීප්, තරංග පරණවිතාන කඩුලූ වැටීම: 1-105(දිමුත්), 2-154(ඩිල්ෂාන්), 3-216(මහේල), 4-258(සංගක්කාර) පන්දු යැවීම: බුට්ටර්වොර්ත්: 11.1.27.0, ගාලේ: 18.5.43.0, රන්බිර්ඞ්: 16.4.51.0, මැක්ස්වෙල්: 16.0.73.1, ටුනර්: 12.1.54.1, කවිජා: 5.1.22.1



අදහස් (0)

ඩිල්ෂාන්ගෙන් (101) ශතකයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 104 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 61 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 617 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 357 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1829 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 691 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site