IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඩොල්ෆින් මත්ස්‍යයන් නවයක් අභිරහස් ලෙස මියයයි

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් අලම්පිල් මුහුදු ‍වෙරළට ගොඩගසා තිබූ මියගිය ඩොල්ෆින් මසුන් නව දෙනකුගේ සිරුරු  ඉකුත් දින දෙක තුළ  සොයාගත් බව උතුරු පළාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසයි.

මුලතිව් අලම්පිල් මුහුදු වෙරලේ සිට කිලෝමීටර් 2 ක් පමණ දුරින් වෙලට ගොඩගසා සිටි මිය ගිය ඩෝල්ෆින් මාළුන්ගේ සිරුරු වරිනවර  ප්‍රදේශයේ ධීවරයින්ගේ දැනුම් දීම මත සොයාගත් බව එම කාර්යාලය කියයි.

එහිදී මිය ගොස් සිටි අඩි 05 ත් 06ත් අතර දිගැති ඩෝල්ෆින් පිරිමි සතුන් සිරුරු 05 ක්ද අඩි 02 ක් දිගැති කුඩා පිරිමි ඩොල්ෆින් මාළුවකු සහ අඩි 05 ක් දිගැති ගැහැනු සත්වයන් 03 ක් සොයාගත් අතර ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් විසින් පියවර ගන්නා ලදි.

එහිදී ඩෝල්ෆින් මාළුන්ගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රසපරික්ෂක වෙතට යාමට පියවර ගෙන ඇති අතර ඩෝල්ෆින් මාලු මිය යාමට නිශ්චිතවම හේතුවක් සඳහන් කිරීමට නොහැකි බවටද වනජීවි නිලධාරීන් පැවසූහ.

මිය ගොස් සිටි ඩෝල්නේ මාළුන්ගේ සිරුවල ප්ලාස්ටික් කැබලි කිහිපයක්ද තිබී සොයාගත් අතරම ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා හෝ මාදැලකට හසුවීම නිසා මෙම ඩොල්ෆින් මාලුන් මිය යන්නට ඇති බවට වනජීවි නිලධාරීහු සැක පළ කර සිටිති.

 



අදහස් (1)

ඩොල්ෆින් මත්ස්‍යයන් නවයක් අභිරහස් ලෙස මියයයි

sharm warn Friday, 10 December 2021 09:52 AM

දැන් අර නාලක ගොඩහේවා කියන වියතා හරිම උජාරුවෙන් කියයි.. ‘‘මම කිව්වනේ ... ඩොල්ෆින්ලා එහෙම නිකන් මැරෙනවා කියලා...‘‘ මිනිස්සුන්ගේ නොමිනිස් ක්‍රියාවන් නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 68 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 168 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 698 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 528 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1212 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 626 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site