මොණරාගල දිස්ත්‍රික්කයේ සුළු සිද්ධි හැරුණු විට බරපතල ඡන්ද සිද්ධි වාර්තා වී නැතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
මින් මද වේලාවකට පෙර ඩිෆෙන්ඩර් ජිප් හත හටකින් පැමිණි පිරිසක් කතරගම දෙටගමුව සියඹලාගුණේ ගම්වල අස්වාභාවික ලෙස එහාට මෙහාට යමින් ඡන්ද දායකයන් තැති ගැම්මකට ලක් කළැයි වාර්තා විය.
ඡන්ද දායකයන් පළවා හැරීමට මැරයන් වැල්ලවාය ඇතිලිවැව දී අහසට වෙඩි තබා ඔවුන් භීතියට පත් කර ඇතැයි මාණව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි.
බණ්ඩාරවෙල දී මොන්ටෙරෝ රියකින් පැමිණි සන්ධාන ආධාරකරුවන් පිරිසක් ඡන්ද දායකයන්ට පහර දී ඇතැයි ද සිද්ධියට මැතිහත් වූ පොලිසියට ද ඔවුන් පහර දී ඇතැයි ද නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර පවසයි.
බදුල්ල වැලිමඩ පොලිස් බල ප්‍රදේශයේ වන්ගිය කුඹුර හා පිටවෙල ආයුධ රැගෙන ආ පිරිස් විපක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයන්ට තර්ජනය කළ බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සුළු සිද්දි" ...ඉස්කෝලේ යන කාලේ කිව්වා කතාවක් මතක් වුණා. (නදී)
අපොයි දෙවියනේ, කට්ටිය ඡන්දයක් දැක්කේ මේ ඌව ඡන්දෙදීම වගේනේ කතාව. (නදී)
මිනිසුනේ පුළුවන් එකෙක් බෝට්ටුවෙන් හරි පැනල වෙන රටකට යමල්ල. මේක හරියන්නේ තිරිසන් එවුන්ට. (නදී)
කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. කියල තමයි කියන්න තියෙන්නේ මේවා කරන උන්ට. (නදී)
මේ අයගේ වාහන ගිනි තියයි ඔහොම යනකොට (නදී)
මම පළ කරන අදහස් බොහෝ වෙලාවට පළවන්නේ නැහැ. මොකද මම පළකරන්නේ පවතින ක්‍රමයට විරුද්ධ අදහස්. හැබැයි එහෙම අදහස් පළ කරන්න බැහැ කියා මම දැක නැහැ. අනිත් එක අපි කාගෙවත් නමක් සඳහන් කර මඩ ප්‍රහාර එල්ල කරන්නෙත් නෑ. ඉතින් පක්ෂ විපක්ෂ හැමෝගෙම අදහස් වලට මෙතන අවකාශයක් තියෙන්න ඕනෑ. සෑම් මහත්මයාගේ අදහස් නම් බොහෝ වටිනවා. (අ)
බන්දුල, ඉඟුරුයි මයියොක්කයි එකට කැවද? (අ)
ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි (නදී)
මේ ඔක්කොම අපිට ආදරේ හින්දා මේ මරා ගන්නේ පව් නේද? (නදී)
ස්වභාදර්මයා පිටු පස සිටින බව අමතක නොකළ හැක (නදී)
ඕවා කරන්නේ ජනතාව. දන්නවනේ ජනතාව. (නදී)
බන්දුල පෙරේරා ඇරුනහම අනිත් ඔක්කොම හොද නුවණක්කාර අදහස් පල කරලා තියෙනවා. බන්දුලගේ මොකක් හරි ලොකු වෙනසක් තියෙනවා බලමුකෝ අපිත් ලංකාදීපේ බලනවනේ. සමහරවිට මොලේ වැඩීම අඩු ඇති. (නදී)
මේ ගොල්ලෝ හරිම හොඳ අය මේ ගොල්ලන්ව හැමදාම තියාගන්න හැමදාම මෙයාලට ඡන්දෙ දෙන්න කියලද ලියන්න ඕනේ? (නදී)
මේවට කියනවා, මරුවිකලෙන් කරන වැඩ කියලා.(නදී)
තාර බර අරින්න..මෙයාලගේ රස්සාව මැතිවරණය සාමකාමී නැහැ කියල පෙන්නන්න එක. ඉතින් සාමකාමී මැතිවරණයක් තිබුන කියල කටක් ඇරලා කියන්න මෙයාලට බැහැ සියල්ල සාධාරණව ඉටු වුනත්. (නදී)
මේකට තමයි කියන්නේ ඒකාධිපති වියරුව කියලා (නදී)
රෝහණ මහතානෙනි, ඔබගේ වචන කපනවා නොව ඔබ ලිවු සමහර වදන් මෙහි ඵල කල නොහැකි නිසා ඉවත් කළෙමි.
අද රෑ නිවුස් බලන්නකෝ. ඕවා සුළු සුළු සිද්දි කියලා කියනකොට මාව මතක් වෙයි ඔය මහත් හොරුන්ට . එහෙම නොකීවොත් මම බෙල්ල කපා ගන්නවා (නදී)
අනේ පවු මේ ගුටි කෙළගෙන ගිනි අවි අමෝරාගෙන උත්සාහ කරන්නේ රටට, මහජනයාට සේවයක් කරන්නනේ. දුකත් හිතෙනවා.(නදී)
ඉස්සර ලංකාවේ ගත කරපු සුන්දර ජීවතය මතක් වෙනවා. ඕනෑම ඡන්දයක් කියන්නේ රෑට නිදි මරාගෙන කට්ටිය එකතු වෙලා හරියට අපි වර්ල්ඩ් කප් ෆයිනල් බැලුවා වගේ විනෝදයක් ලබාපු අවස්තාවක්. වැඩේට ලැහැස්ති වෙන්නේ මාස ගානක ඉඳලයි. පක්ෂ විපක්ෂ යහළුවෝ හැමෝම එකතු වෙලා සල්ලි එකතු කරලා කෑම, "බීම" ලැහැස්ති කරලා විනෝද වීම මිසක් කාටවත් අහිතක් අනර්ථයක් සිදු කලේ නැහැ. අදටත් මගේ හොඳම මිතුරා එදා පටන්ම මගේ දේශපාලන දර්ශනයට විරුද්ධ පක්ෂයට හදපතුලෙන්ම සහයෝගය දක්වන කෙනෙක්. දේශපාලනය කියන එක ඩ්‍රින්ක් එකක් දැම්මාම හොඳ බයිට් එකක් හැටියට ගන්නවා මිසක් වෙනත් ලාභයක් ප්‍රයෝජනයක් කවදාවත්ම බලාපොරොත්තු වෙලා නැහැ. (නදී)
කොහොමද ක්‍රියාත්මක වන හැටි. (නදී)
මැකෝ මහත්තයට පිස්සු හැදිලද මෙච්චර දේවල් වෙද්දීත් මැතිවරණෙ සදාරණයි කියන්නේ? මෙහෙම වියරු වැටිලා වගේ දගලන්නේ රටට අදරේට නෙමෙයි කියලා මොලේ කළදක් හරි තියන හැම කෙනෙක්ටම තේරෙන්න ඕනා. (නදී)
අසාදාරණයි නේද ? (නදී)
මේවා සුළු සිද්දි නම් මහා සිද්දි කියන්නේ මොනවාද දන්නේ නැහැ. ජය පැරදුම පිළිගන්ඩ දන්නැත්තේ සත්තු. (නදී)
මේවාට සුළු සිද්දීන්ද කියන්නේ? (නදී)
කොමසාරිස් - සමස්තයක් ලෙස මැතිවරණය සාදාරනයි. සුළු සුළු සිද්දි කීපයක් ඇරුනහම. (නදී)
හුඟාක් ඉස්සර වාහන ධාවනය අඩපන කලේ රීප්ප වලට ඇන ගහලා ඒවා පාරේ තැබීමෙන්. 88-90 කාලේ ඇන්කර් කියලා (කොහොම තිබ්බත් උල් ඇනයක් ඉහලට හිටින නැංගුරමක් වැනි කුඩා උපකරණයක් ) දෙයක් දක්වා දියුණු වෙලා තිබුනා. ඩිෆෙන්ඩර් , හමර් ඕනෑ එකක් නවත්වන්න පුළුවන් ක්‍රම සහ විධි ලංකාවේ ඇති කියලා මම හිතුව දේ වැරදියි වගේ. (නදී)
කිව්වේ "අපි උඩින්ම දිනනවා" කියලා. හරියට ඡන්ඳෙ වැටුනාම වලේ කියලා දන්න නිසා මෙහෙම කරනවා. බලමු තව කොච්චර කාලයක් නටයිද කියලා. (නදී)
ලජ්ජා නැතිකම මහ ඇමති කමටත් වැඩිය ලොකුයිලු. අර එක්කෙනෙකුගේ පුතාලාට " තාත්තාට ජය නියතයි" කියලා ටී ෂර්ට් අන්දලා තියෙන්නේ. (නදී)
මෙිවා මොනවා ද ? (නදී)