උපයාගත් අයුරු තහවුරු කළ නොහැකි රුපියල් පන්කෝටිඅනූ ලක්ෂයක් අධික තැන්පතු සම්බන්ධයෙන් ගොනු කර තිබූ මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඩේසි ෆොරස්ට් (Daisy Forest) නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරු රෂ්මි සිංගප්පුලි මහතා අද නියෝග කළාය.
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්රමුඛ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් ඩේසි ෆොරස්ට් අධිකරණ ක්‍රියාවලියට සහභාගී වීමට සුදුසු මානසික තත්ත්වයක නැති බවට නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
මේ අතර, සංශෝධිත අධිචෝදනා පත්‍රය විත්තිකරු වන යෝෂිත රාජපක්ෂ වෙත කියවා දුන් අතර, ඔහු එම චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළේය.
ඒ අනුව, නඩුව දෙසැම්බර් 2 දක්වා කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd