(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ලේ ආපනශාලාවකින් කෙටි ආහාර වර්ග කිහිපයක් රැගෙන රුපියල් 200 ක බිලට රුපියල් දාහක් ලබා දී ඉතුරු සල්ලි නොගෙන ගිය පුද්ගලයකු ගැන සැක සිතුණු පොලීසිය ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ 15 ක මුදල් කොල්ලයක් පිළිබදව අනාවරණය කරගැනීමට හැකි වු බව දඹුල්ල පොලීසිය කියයි.
අනතුරුව ඔහු ගමන් ගත් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී කොල්ල කැ මුදල් ද සොයාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේදී මොහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවෙන් ඉවත්ව සිටී බව කියන තිස්සමහාරාම ජූල්පල්ලම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
වෙළඳසැලකට ගොස් කෙටි ආහාරයක් ගෙන තේ වතුර පානය කොට රුපියල් 200 ක බිල වෙනුවට රුපියල් 1000ක මුදලක් වෙළඳසැල් හිමියාට ලබාදී ඉතිරි මුදල වෙළඳසැල හිමියාට තබා ගන්නැයි කියා මොහු පිටව ගොස් තිබේ .ඒය දුටු පොලීසියෙන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.
අනතුරුව මොහොතේ මුර සංචාරය කරමින් සිටි පොලිස් කණ්ඩායම දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ නවතා තිබු මොහු පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී වාහනය තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහ තුනකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගත් පොලිසිය කියයි .
ප්‍රශ්න කිරීමේ දී කියා ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ කුලී පදනම මත මෝටර් රථය හා රියදුරු ලබාගත් බව හෙළිවී තිබේ .
මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් උපයා ගත්තේ කෙසේදැයි ප්‍රශ්න කිරීමේ දී විවිධ උත්තර ලබා දීමත් සමග මෝටර් රථය රියදුරු සහ මෙම පුද්ගලයා දඹුල්ල පොලිසිය වෙත රැගෙන විත් ප්‍රශ්න කරන්නට වූ බව පොලීසිය කියයි.
මෙම පිරිස ප්‍රශ්න කරමින් සිටියදී වාරියපොල පොලිසියෙන් හදිසි ෆැක්ස් පණිවිඩයකින් කියා ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ නිවසක් කොල්ල කා දඹුල්ල දෙසට මෝටර් රථයකින් අයකු පලා යන පලා යන බැවින් අවධානය යොමු කරන ලෙසයි.
පිළිබඳව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා කඩිනම් අවධානය යොමු කොට මෙම පුද්ගලයන් දෙදෙනා වෙන වෙනම ගෙන ප්‍රශ්න කිරීමේදී වාරියපොල ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකා මුදල් රුපියල් ලක්ෂ පහළොවක් ලබාගෙන එම නිවසේම යතුරු යතුරුපැදියක් සොරාගෙන කුරුණෑගල නගරයට පැමිණ කුරුණෑගල නගරයේ යතුරු පැදිය නවතා කුලී පදනම මත මෝටර් රථය ලබාගෙන තිස්සමහාරාමට ගමන් කරමින් සිටින බව සැකකරුගෙන් හෙළිදරව් කර ගැනීමට පොලීසියට හැකි වී තිබේ .
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තේ කෝප්පයෙන් ඇල්ලූ ලක්ෂ 15 කොල්ලය
පැරකුම් Wednesday, 24 November 2021 11:53 AM
ඕක තමයි කියන්නෙ හිටපු ආමි කාරයින්ට කිසි වැඩක් හොදටම කරනව මිස හරියට කරගන්න බැහැ.
sharm warn Wednesday, 24 November 2021 12:29 PM
දෙයියනේ කියලා පොලිසියට හොඳක් කියන්න වෙලාවක් ඇවිල්ලා. අනිත් හොරුත් ඔය වගේ අල්ලන්නකෝ...
Nuwa Wednesday, 24 November 2021 02:36 PM
අතට සල්ලි ටිකක් ලැබුණාම එක පාරම දානපතියෙක් වුණේ නැත්නම් මේක අහු නොවනේන තිබුණා.. කඩේ මුදලාලිගේ 800ක් ගත්තද දන්නෑ..?
චන්දන Wednesday, 24 November 2021 04:52 PM
මෙවැනි බුද්ධිමත් නිලධාරීන් දිරිමත් කළයුතුයි. එම නිලධාරීන්ට සුබ පැතුම්...!
ගමේ එකාලා Wednesday, 24 November 2021 06:07 PM
අපේ ගමේ කසිප්පු පැකට් හදලා විකුණනවා... සෑහෙන කාලයක ඉඳලා. තවම නම් හරියට අල්ලගන්න බැරිවුණා. ගමේ අය කියන්නේ පොලිසිය පගාවට යටවෙලා කියලා...
ග්ස්ජ් Friday, 26 November 2021 02:55 PM
හොඳ වැඩේ... නුඹට ඉතුරු සල්ලි ගත්තේ නැහැ...